ශ්රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 59 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී ත‍්‍රිත්ව ශූරතා දිනාගැනීමට නිලූක කරුණාරත්න සමත්විය. කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (16) නිමා වූ මෙම තරගාවලියේදී අචිනි රත්නසිරි ද්විත්ව ශූරතා දිනා ගනිමින් දස්කම් දැක්වූවාය.
කාන්තා කේවල ඉසව්වේ ශුරතාව දිනාගත් අචිනි සිය සහායක කී‍්‍රඩිකාව වූ උපුලි සමන්තිකා සමග එක්ව කාන්තා යුගල ඉසව්වද ජය ගනිමින් ද්විත්ව ශූරතාව හිමිකර ගත්තාය.
මෙම තරගාවලියේ කාන්තා කේවල ඉසව්වේ අවසන් තරගය වට තුනක් දක්වා තියුණු තරගයක් වීම කාගේත් අවධානයට යොමුවිය.
අචිනි රත්නසිරි සහ 15 හැවිරිදි තිළිණි ප‍්‍රමෝදිකා අතර පැවැති මෙම අවසන් තරගයේ පළමු වටය අචිනි ලකුණු 21/8 ක් ලෙස පහසුවෙන් ජය ගත්ත ද දෙවැනි වටය ලකුණු 22/20 ක තියුණු ජයක් ලබාගත් ප‍්‍රමෝදිකා තරගය වට තුනක් දක්වා ගෙන ගියාය. කෙසේ වෙතත් අවසන් වටය ලකුණු 21/19 ක ජයක් ලබාගත් අචිනි කාන්තා කේවල ඉසව්වේ ශූරිය ලෙස පිට පිටම තුන්වැනි වසරටත් සිය නමින් සටහන් කිරීමට සමත් වූවාය.
කාන්තා කේවල ඉසව්වේ අවසන් පූර්ව වටයේදී අචිනි රත්නසිරි විසින් කවිඳි ඉෂාදිකා ද තිළිණි ප‍්‍රමෝදිකා විසින් නදීෂා ගයන්ති ද පරාජය කරන ලදහ.
පසුගිය වසරේදී තරග තහනමකට ලක්වීම නිසා පිට පිට 10 වැනි වරටත් පිරිමි කේවල ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ නිලූක කරුණාරත්න යළිත් වරක් ජාතික ශූරතාව දිනා ගත්තේ වත්මන් බැඞ්මින්ටන් ක්ෂේත‍්‍රයේ තමාට තර්ජනයක් නැති බව තවදුරටත් පසක් කරමිනි.
ශූරතාව 10 වරක් දිනාගත් එකම ක‍්‍රීඩකයා වන්නේද නිලූකය. නිලූක සිය සොහොයුරු දිනුක කරුණාරත්න තරග වට 2-0 කින් පරදවා අවසන් තරගය ජය ගැනීමට එහිදී සමත්විය. දිනුක සමග පිරිමි යුගල ඉසව්ව ජයගත් නිලූක මිශ‍්‍ර යුගල ඉසව්වේදී කවිදි ඉෂාදිකා සමග ක‍්‍රීඩාකර ජය ලබා ත‍්‍රිත්ව ශූරතාව හිමිකර ගත්තේය.
පිරිමි කේවල ඉසව්වේ අවසන් පූර්ව තරගවලදී නිලූක කරුණාරත්න විසින් නුවන් හෙට්ටිආරච්චි පරාජය කරන ලද අතර දිනුක කරුණාරත්න විසින් ලසිත මේනක පරාජය කරන ලදී.
මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අනුග‍්‍රහය ඇතිව රුපියල් 350,000.00 මුදල් ත්‍යාගයක් ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවන්ට පිරිනැමීමට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය කටයුතු යොදා තිබිණි.
එහිදී පිරිමි හා කාන්තා කේවල ඉසව් ජයගත් නිලූක කරුණාරත්න සහ අචිනි රත්නසිරිට මිහින් ලංකා ගුවන් සමාගම විසින් ගුවන් ප‍්‍රවේශපත් දෙකක් ද පිරිනමන ලදී. ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධාන්වයෙන් පැවැත්විණි.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි කේවල ඉසව්ව
නිලූක කරුණාරත්න විසින් දිනුක කරුණාරත්න පරාජය කරන ලදී (21/16, 21/19).
කාන්තා කේවල ඉසව්ව
අචිනි රත්නසිරි විසින් තිළිණි ප‍්‍රමෝදිකා පරාජය කරන ලදී (21/08, 20/22, 21/19).
පිරිමි යුගල ඉසව්ව
නිලූක කරුණාරත්න සහ දිනුක කරුණාරත්න විසින් හසිත චානක සහ ආර්.එස්. දහනායක පරාජය කරන ලදී (21/12, 21/18).
කාන්තා යුගල ඉසව්ව
අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකා විසින් චන්ද්‍රිකා ද සිල්වා සහ සුෂ්මිතා ඉලංකෝන් පරාජය කරන ලදී (21/17, 21/16).
මිශ‍්‍ර යුගල ඉසව්ව
නිලූක කරුණාරත්න සහ කවිදි ඉෂාදිකා විසින් නුවන් හෙට්ටිආරච්චි සහ අචිනි රත්නායක පරාජය කරන ලදී (21/19, 21/4).
ඡයාරූප:
1.නිලූක කරුණාරත්න
2.අචිනි රත්නසිරි
2025 නොවැම්බර් මස 04
536
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1690
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිලූක ති‍්‍රත්ව ශූරතා දිනද්දී අචිනි ද්විත්ව ශූරතා දිනයි