IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිලුක්ෂි දැන් පෙම්වතියක්

20160310-ent-146

20160310-ent-145

වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට එක්වූ නිලුක්ෂි මධුෂිකා මේ වනවිට වඩාත් ජනප්‍රියව ඇත්තේ ටෙලි නාට්‍ය නිළියක් ලෙසිනි. දැනට ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක වී ඇති නිලුක්ෂි ප්‍රේක්ෂකයන් අතර වඩාත් කතාබහට ලක්වූයේ "එළිය අරන්" ටෙලි නාට්‍යයේ "නාමලී" චරිතය හරහාය. කලා ක්ෂේත්‍රයේද දැනට කාර්යබහුල නිළියක වන නිලුක්ෂි මේ දිනවල "ආදර අසපුව" හා "කළු කුරුල්ලෝ" නම් ඉදිරියේදී විකාශයවීමට පෙළගැසී තිබෙන ටෙලි නාට්‍යයන්හි රූගත කිර‍ිම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටියි. මේ කාර්යබහුලත්වය මැද නුදුරේදීම නිලුක්ෂිගේ පෞද්ගලික ජීවිතේද වෙනසක් වීමට නියමිතව තිබෙන අතර, ඒ පිළිබඳව ඇය අපිට අදහස් පැවසුවේ මෙලෙසිනි.

"මම දැන් පෙම්වතියක්." ඒ නිසා ටිකක් විතර මගේ පෞද්ගලික ජීවිතේ පැත්තත් ටිකක් කාර්ය බහුලයි. මගේ පෙම්වතා විදේශයක රැකියාවක් කරන කෙනෙක්. අපි දෙන්නා මුණගැහිලා නම් දැන් වැඩි කාලයක් නැහැ. "ෆේස්බුක්" කතා බහකින් තමයි අපේ ප්‍රේම සම්බන්ධය ඇති වුණේ. මීට මාසේකට කලින් එයා ලංකාවට ආපු වෙලාවේ අපේ ගෙදර ආවා. දෙමවුපියෝ එක්ක කතා බහ කරලා අපේ ප්‍රේම සම්බන්ධයට කැමැත්ත ගත්තා. ඉතින් දැන් අපි දෙන්නාගේම තීරණය වෙලා තියෙන්නේ අපේ විවාහ ගිවිසුම් ගැනීම සිදුකරන්න.

ඉතින් තවත් ටික කාලයකින් අපේ විවාහ ගිවිසුම සිදුකරන්න සැලසුම් කර තියෙනවා. මේ දවස්වල "ආදර අසපුව", "හංස පිහාටු" හා "කළු කුරුල්ලෝ" ටෙලි නාට්‍යවල රූපගත කිරීම් කටයුතු සඳහා දායකවෙලා ඉන්නවා. ඒ කාර්යබහුලත්වයත් එක්ක මගේ විවාහ ගිවිසුම් වැඩකටයුතු තරමක් දුරට අතපසු වෙලා තියෙනවා. ඉතින් කලා කටයුතුවල වැඩ ඉවර වුණ ගමන් මගේ පෞද්ගලික ජීවිතේ වෙනස ගැන හිතන්න ඕනා.

 

බුද්ධික සේනාධීර

20160310-ent-144

 

 



අදහස් (0)

නිලුක්ෂි දැන් පෙම්වතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site