නිරූපණය විනෝදාංශයක් ලෙස තම ජීවිතයට එකතු කර අධ්‍යාපන කටයුතුත් සමගින් ඉදිරියට යන සාරවිට සමග එකතු වන ඇය සචින්තනි පෙරේරායි.
සචින්තනි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල අධ්‍යාපන කටයුතු කරමින් නිරූපණ වැඩකටයුතුත් කරමින් සැහැල්ලූවෙන් සතුටින් ඉන්නවා.
අධ්‍යාපන කටයුතු කිව්වේ?
මම උපාධියක් හදාරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු පාඩම් වැඩ කරමින් තමයි නිරූපණ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්නේ.
මේ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
අවුරුදු හතරක් විතර.
මේ වෙනකොට රංගනයට අරාධනා ලැබිලා නැද්ද?
ගොඩක් අරාධනා ලැබුණා. ඒත් මම ඒවාට සහභාගි වුණේ නෑ.
ඒකට හේතුව?
මට ලැබුණ අරාධනා මට ගැළපුණේ නෑ. ඒ ලැබුණ චරිතවලට මගේ කැමැත්තක් නොතිබුණ නිසා මම ඒවා භාරගත්තෙ නෑ. ඇත්තටම මම කැමති ගැමි චරිත සඳහා. ඒ වගේ චරිතෙකට ආරාධනාවක් ලැබුණොත් මම ඒ ගැන දෙපාරක් හිතන්නේ නෑ.
මේ ගමනට කවුද උදවු කරන්නේ?
මේ වේලාවේ විශේෂයෙන් මගේ අම්මව මතක් කරන්න ඕනේ. මගේ අම්ම තමයි මගේ හැමදේකටම ළඟින් ඉන්නේ. ඒ වගේම මගේ තාත්තා. තාත්තත් මේ දේවල්වලට උදවු කරනවා. ඊට පස්සේ කිරන් අයියව මතක් කරන්න ඕනේ. කිරන් අයියා මගේ නිරූපණ වැඩවලදී මොකද්ද හොඳ මොකද්ද නරක කියල දීලා මගේ මේ ගමනට උදවු කරනවා. මට නම් කියන්න බැරි වුණ මගේ මේ ගමනට උදවු කළ මේ හැමෝටම මම මේ වේලාවේ ගොඩක් ස්තූති කරනවා.
සටහන සහ ඡායාරූප - ඉෂාන් සංජීව
නිරූපණය- සචින්තනි පෙරේරා
හැඩගැන්වීම- මේනකා ෂාමලී (සැලෝන් මනාලි)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිරූපණය විනෝදාංශයක් ලෙස ජීවිතයට එකතු කර ගත් සචින්තනි