IMG-LOGO

නිරූපිකාවක් කියන්නෙ ඩමීයක් වගේ හැම ඇඳුමක්ම අඳින්න පුළුවන් වෙන්න ඕන

2016-09-24-ent-81

නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රය පිවිස චිත්‍රපටයක් සඳහාද දායක වී තමන්ගේ ගමන පිළිබඳව දැඩි අවබෝධයකින් සිටින ඇය දිලිනි අත්තනායක වේ. ඇගේ ඉදිරි කටයුතු සහ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-09-24-ent-85මම දිලිනි අත්තනායක. මම ඉන්නේ මහරගම

 

නිරූපණයට එකතු වුණේ කොයි කාලේද?

මම නිරූපණයට ඇවිල්ලා වැඩිකාලයක් නැහැ. ඒ කියන්නේ මම ඇවිල්ලා මාස 06ක් හෝ 07ක් විතර වෙනවා.

 

කරපු වැඩ ගැන කිව්වොත්?

මම එරංග සේනාරත්නගේ ‘නෝනා හරි වසයි’ හාස්‍ය චිත්‍රපටය සඳහා අප්‍රේල් මාසේ දායක වුණා. මම ඉස්සෙල්ලාම කරේ පරාක්‍රම ඒකනායක සර්ගේ ‘සයිබර් ක්‍රයිම්’ එකේ චරිතයක් සඳහා දායක වෙන්න අවස්ථාවක් හම්බවුණා. ඒක මට අරන්දුන්නේ අරුණ ජයවර්ධන. ඊට පස්සේ චතුර අයියගේ මියුසික් වීඩියෝ දෙකක් සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබුණා.

 

ඒ කියන්නේ දැන් වෘත්තීමය නිරූපිකාවක්ද?

වෙනත් රැකියාවක් නැහැ තාම. හැබැයි මම රැකියාවක් කළා. මට චිත්‍රපටය හම්බූණායින් පස්සෙ ඒකේ රූගත කිරීම් සඳහා දායක වෙද්දී චිත්‍රපටය නිසා රැකියාව අත් අරින්න සිද්ධ වුණා. මොකද මම ආස පැත්ත මේ පැත්තනේ. දැන් මම හිතන් ඉන්නෙ නිරූපණය කරන අතර මගේම දෙයක් පටන් ගන්නයි.

 

ක්ෂේත්‍රය හොඳද?

ක්ෂේත්‍රය තුළ හොඳක් දකිනවා. ඉතිං සමහරක් දේවල් තියෙනවා. හොඳින් අපි යනවානම් හොඳයි.

 

නිරූපණය හැදෑරුවාද?

ඔව්. මම නිරූපණය පිළිබඳව හදාරමින් තමයි ඉන්නේ. මම නිලූ අක්කිගේ High-Hells ඇකඩමියට එනවා.

 

නිරූපණය ලේසිද?

කිසිම ලේසියක් නැහැ. අපි ඉගෙන ගන්න ඕනා. ඉස්සෙල්ම ඇවිල්ලා ෆොටෝ එකකට මුහුණ දීලා ෆොටෝ එකක් ගහන එක නෙමේ මොඩලින් කියන්නේ. ඒකෙත් කලාවක් තියෙනවා. බලන විදිහ, අතපය තියෙන විදිහ ඒවා ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හැමෝම හිතන්නේ හරි ලේසියි කියලා. මමත් නිරූපිකාවක් නෙමෙයි තාම. මමත් ඉගෙන ගන්නවා. තව ඉස්සරහට හොඳ නිරූපිකාවක් වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

නිරූපිකාවක් විදිහට විලාසිතා පැත්තෙන් යම්කිසි සීමාවක් පනවාගෙන තියෙනවාද?

නිරූපිකාවක් වුණාම අපිට හම්බවෙන සෑම ඇඳුමක් සඳහාම සාධාරණයක් ඉෂ්ට කරන්න කැමති වෙලා තමයි අපි නිරූපිකාවක් වෙන්නේ. නිරූපිකාවක් කියන්නේ ඩමී එකක්. ඩමී එකට ඕනෑම ඇඳුමක් දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතිං මට ගැළපෙන, මගේ සමට ගැළපෙන ඇඳුම් මම අඳිනවා.

 

ලංකාවේ සංස්කෘතියත් එක්ක අඩනිරුවතින් නිරූපණය කරන එක සාධාරණද?

ලංකාව හැටියට එවැනි දෙයක් කළොත් සංස්කෘතියට හානි වෙනවා. නිරූපිකාවක් විදිහට ජාත්‍යන්තරයට යන්න බලාපොරොත්තු වෙනවානම් අනිවාර්යයෙන්ම නිරූපිකාවක් සඳහා බිකින් ෆොටෝ ෂූට් එකක් කරන්න වෙනවා. මගෙත් ඉලක්කයක් තියෙනවා කවදා හරි ලංකාව නියෝජනය කරලා හොඳ පැජන්ට් එකකට යනවා කියලා මගේ ඉලක්කයක් තියෙනවා. ඒකට මම උත්සාහ කළා, මට ඒ සඳහා දායක වෙන්න බැරි වුණා. නිලූ අක්කිත් කිව්වා ලබන අවුරුද්දේ මිස් ශ්‍රී ලංකා සඳහා උත්සහ කරමු කියලා. ඒ නිසා දැන්ම ඉඳන්ම මගේ අඩුපාඩු සහ අනෙකුත් දේවල් හදාගෙන ඒ සඳහා සූදානම් වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

නිරූපිකාවක් සඳහා ගෙවීම් සාධාරණව හිමිවෙනවා?

නිරූපිකාවක් තම තමන්ගේ දක්ෂතා අනුව මිල ගණන් හදාගෙන ඉන්නවානේ. නමුත් මුලින්ම නම් හම්බවෙන්නේ නැහැ. අපි අලුත් අලුත් කියලා ගොඩක් අය බලන්නේ නිකම් වැඩ කරගන්න. තැනක් හදා ගන්න ඕනේ නිසා එහෙම කරන නිරූපිකාවන් ඉන්නවා. ඊට පස්සේ තමයි අපි දැනගන්න ඕනේ තමන්ට මිලක් නියම කරන්න.

 

මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

මට ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ අරුණ ජයවර්ධනගෙන්. අරුණ අයියා මට ඉස්සෙල්ලාම කරපු ෂූට් එකකින්. මම මුලින් කැමරාවක් ඉස්සරහට ආවේ පරාක්‍රම ඒකනායක සර්ගෙන්, අකිල අබේරත්න, තිස්ස අයියා, මේ හැමෝම හිරු ටීවී එකේ කට්ටිය. ඊට පස්සේ එරංග සේනාරත්න. එයාගේ චිත්‍රපටයක් සඳහා තමයි මම මුලින්ම දායක වුණේ. යුක්ති අයියව, ඊට පස්සේ අයේශා බෝධිනායක, චතුර අයියා, සහ මට උදව් කරපු සහ ළඟින් හිටපු හැමෝමව මතක් කරනවා. මගේ ගෙදර අයත් මට ගොඩක් උදවු කරනවා. ඉතිං ඒ අයත් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත 

 

2016-09-24-ent-88
2016-09-24-ent-87
2016-09-24-ent-86
2016-09-24-ent-83
2016-09-24-ent-82
2016-09-24-ent-80
2016-09-24-ent-79
2016-09-24-ent-84
 



අදහස් (0)

නිරූපිකාවක් කියන්නෙ ඩමීයක් වගේ හැම ඇඳුමක්ම අඳින්න පුළුවන් වෙන්න ඕන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 423 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site