IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නරේන්ද්‍ර මෝදි මාර්තු 13 ලංකාවේ

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තු 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය.

අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව දැනුම්දුන් අමාත්‍යවරයා ඉන්දීය අගමැති 13 වැනිදා පැමිණ 15 වැනිදා තෙක් මෙරට රැඳීසිටීමට නියමිත බවද පැවසීය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වනු ඇත.

 



අදහස් (0)

නරේන්ද්‍ර මෝදි මාර්තු 13 ලංකාවේ

දුල්වින් Thursday, 19 February 2015 11:40 PM

ඇසළ කියන කෙනා හිතන්නේ එයාගේ හිටපු ලොක්කට ඕන හැටියට තමයි මේ කල්ප ලක්ෂය ඉවර වෙනකනුත් ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්තන්න ඕන කියලා. අපි ජාත්‍යන්තරයේ පිචන් වෙලා ඉවරයි . ඉන්දියාව ඔලුව උඩ තියාගන්නේ නැතිව පරිස්සමෙන් හායි හලෝ කියන මට්ටමෙන් තියාගන්න ඕන බව ඇසළ වගේ මැද මුලන මොලෙන් ලෝකය දිහා බලන උදවියට තේරෙන්නේ නැහැ. අල්ලපු ගෙදර මිනිහා තරහ කරගත්තම ,අපි පවුල පිටින් වන්දනාවේ යනකොට ගෙදරට හොර හතුරෙක් පනින්න ගියොත් ඒකවත් වලක්වන්න කෙනෙක් නැති බව තේරුම් ගන්න මොලයක් නැහැ (අ)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 10:58 AM

උතුම් අසල්වැසිය මුළු හදවතින් පිළිගමු.(හේ)

:       0       0

පියුමි Thursday, 19 February 2015 11:20 AM

බොහොම හොඳයි. ගිය ආණ්ඩුව ලංකරගත්තේ ලිබියාව, ඇෆ්ගනිස්ථානය වගේ රටවල්. (නදී)

:       0       0

ඩිලාන් Thursday, 19 February 2015 11:21 AM

මොන උතුම් අසල්වැසියෙක්ද ? ඇවිල්ල කියන්නේ බලය බෙදන්න. එක්සත් රටක් වෙන්න. 13 ක්‍රියාත්මක කරන්න. පොලිස් ඉඩම් බලතල ලබා දෙන්න කියලනේ. සිංහලයා මෝඩය කැවුන් කන්න යෝදයා.(නදී)

:       0       0

නිපුන් Thursday, 19 February 2015 11:35 AM

ඔබතුමාව අපි සාදරයෙන් පිලිගනිමු.(නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 19 February 2015 11:43 AM

අසල් වැසියා හිතවත් විය යුතුයි. නැති නම් කිසිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රිියාවලියක් ශක්තිමත් වෙන්නේ නෑ. මෛත්‍රි ගේ ආණ්ඩුව නිසි ක්‍රමය අවබෝධ කර ගැනීමම රටට යහපත්. රනිල් වැනි විශිෂ්ට ඉවසිලිවන්ත දේශපාලන උගතකු අගමැති වීම මෙයට පිටු බලයකි. (නදී)

:       0       0

ප්‍රියන්ත Thursday, 19 February 2015 11:44 AM

ඉන්දියන් අය හැකි තරම් ඈතින් තියාගන්න. ජපානය, චීනය වගේ රටවල් ලං කරගන්න ජය නියතයි. පිට රටවල්වල ඉන්න අය දන්නවා ඉන්දියන් කාරයන්ගේ හැටි. (නදී)

:       0       0

දිලානි Friday, 20 February 2015 01:42 AM

දුල්වින් ඔය වහින වෙලාවට එලියට යන්න එපා ඔයාගේ වටිනා මොලේ තෙමුනොත් අපරාදේ. (නදී)

:       0       0

ඇසළ Thursday, 19 February 2015 01:03 PM

මැට්ටන්ට ඉතින් උතුම් තමයි. රට කෑලිවලට කැඩිලා බැරි නම් නැතුව ගියත් කමක් නැහැ. ඉන්දියාවට එදා ඉදන් ඕනේ උනේ උතුර වෙන්කර දෙන්න. එතකොට තමිල් නාඩුව කරදරයක් නැතුව තියා ගන්න පුළුවන්. (නදී)

:       0       0

කුමාර Thursday, 19 February 2015 01:41 PM

අපි යුද්දේ නිසා දුක් විඳිනකොට මල යකා වගේ හිටපු අය දැන්නම් ඔක්කොම යාළුවො..අපි දන්නවා කව්ද අපිට උදව් කලේ කියල.ලංකාවට එන ඔක්කොමල අපි එක සේ පිලිගන්නවා මිසක් කාටවත් විශේෂත්වයක් නැත. රෝ කාරයෝ එක්ක එන්න නම් එපෝ (අ)

:       0       0

කැලුම් Friday, 20 February 2015 03:22 AM

ඇසල,ඔබේ කතාව වැරදිය,උතුර වෙන්කරලා දුන්නොත් වෙන්නේ තමිල්නාඩුවටත් එම දෙයමය.ඒ නිසා ඉන්දියාව එවැනි දෙයක් කරන්නේ නැත. (අ)

:       0       0

විමුක්ති Thursday, 19 February 2015 02:20 PM

ලංකාවේ වෛරී දේශපාලනය මිනිසුන්ව මුලාකරලා.ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මුල සිටම ඔහොම තමයි. මම කිවුවේ 1956 සිටම.හොරකම,විරුද්ධ පාක්ෂිකයින්ගේ වත්කම් පවරා ගන්න, පලිගන්න වගේ දේවලට වෛරය,ජාතිවාදය වපුරනවා. දැන්වත් ඇත්ත තේරුම් ගන්න. (අ)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 19 February 2015 03:44 PM

ඉන්දියාවේ මහා ආණ්ඩුවත් කැමති නැහැ ලංකාවේ උතුරේ අලුත් ද්‍රවිඩ රාජ්‍යයක් ඇති වෙනවට එතකොට තමිල්නාඩුව ඉන්දියාවෙන් කැඩිලා යන්න පුළුවන් බව මේ ගොල්ල දන්නවා , දැන් කරන්න තිබෙන්නේ ඉවසීමෙන් මහා ආණ්ඩුවත් එක්ක කතාකර මේ ප්‍රශ්නය බේරා ගැනීම (අ)

:       0       0

පුෂ්ප - ජර්මනිය Thursday, 19 February 2015 03:46 PM

හිතවත් වුණාම ඇති වැඩි සම්බන්දකම් අනවශ්‍යයි ඉන්දියන් කාරයෝ අපේ දියුණුවට කැමති ජාතියක් නෙමේ. අපේ රටේ දියුණුවට ඉරිසියා කරන එපා කරපු ජාතියක්. අශෝක අධිරාජයාගෙන් පස්සේ මේ අයගෙන් අපිට ලැබුණ කිසිම හොඳ දෙයක් මේ වනතුර මම නම් දනුවත්වෙලා නෑ (අ)

:       0       0

රේණු Friday, 20 February 2015 05:05 AM

ඉන්දියාව සමඟ හොද මිතු දමක් අපි ගොඩ නගා ගැනීමෙන් අප රටට විශාල ලාභ ලැබෙන ඇත.(හේ)

:       0       0

කල්ප Friday, 20 February 2015 05:05 AM

ලොව බලවත් රටක නායකයෙක් ලංකාවට එන්නේ.කිසි අඩු පාඩුවක් නැතුව එතුමාව අපි පිළිගත යුතුයි.(හේ)

:       0       0

කපිල Friday, 20 February 2015 05:06 AM

අපේ රටේ හොද ආගන්තුක සත්කාර තිබෙන බව ඔවුන්ට ඔප්පු කර පෙන්වන්න ඕනේ.(හේ)

:       0       0

රේණුකා Friday, 20 February 2015 05:06 AM

මෝදිව සාධරණයෙන් පිළිගත යුතුයි.(හේ)

:       0       0

රේණු Friday, 20 February 2015 05:08 AM

ලොව සියලුම ජාතීන් එක්ක අත්වැල් බැද ගැන එක ගොඩක් හොදයි. නමුත් ඉන්දියාව කියන්නේ ලංකාවට කවදාවත් ආදරය කරපු රටක් නොවේ. එ්ක රාම රාවනා කාලයේ ඉදලා තියෙන දෙයක් ඔවුන් කැමති නෑ අපි එයාලට වැඩ උඩින් ඉන්නවා දකින්න. (හේ)

:       0       0

රේණු Friday, 20 February 2015 05:30 AM

ලොව සියලුම ජාතීන් එක්ක අත්වැල් බැද ගැන එක ගොඩක් හොදයි. නමුත් ඉන්දියාව කියනේ ලංකාවට කවදාවත් ආදරය කරපු රටක් නොවේ එක රාම රාවණා කාලයේ ඉදලා තියෙන දෙයක් (දිල්)

:       0       0

සුමල් Friday, 20 February 2015 06:50 AM

ලංකාව ඉන්දියාවට වඩා දියුණු වෙනවාට ඉන්දියාව කවදාවත් කැමති වුනේ නැහැ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site