(සමන් පාලිත නානායක්කාර )
නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයකු නිරෝධායනය කඩකර බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී අද (26) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා නිරෝධායන හා රෝග ස්පර්ශයකින් වෙන්කර තැබීමේ පනත යටතේ චෝදනා ගොනු කර බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට ඔහුව දින දාහතරක් නැවත නිවසේදීම ස්වයං නිරෝධායනයට යොමු කර මැයි මස 12 වැනි දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හෙන මහතා නියෝග කළේය.
බණ්ඩාරවෙල කොල තැන්න පදිංචි මොහු සංචාරක මගපෙන්වන්නකු බව සෞඛ්‍ය අංශ කියයි .
නිරෝධායන උපදෙස් කඩ කර ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවේදී බණ්ඩාරවෙල නගරයට පැමිණ සිටියදී බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් පිරිසක් විසින් මොහු අත්අඩංගුට ගෙන තිබුණි .
බණ්ඩාරවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුර විමර්ශන සිදු කරයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිරෝධායනය කඩ කළ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට