IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නොරොච්චෝලේ ‌තෙවැනි යන්ත්‍රය නැවතත් ජාතික පද්ධතියට

 

(යොහාන් භාසුර)

නොරොච්චෝල විදුලි බලාගාරයේ තුන්වෙනි විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියාවෙන් පසුව නැවතත් ජාතික විදුලි පද්ධතියට එක්කළ බව විදුලිබල හා බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 

එම විදුලි බලාගාරයේ දෙවැනි විදුලි ජනක යන්ත්‍රය අළුත්වැඩියාවෙන් පසුව මෙම මස අගදී නැවතත් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවත්අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

මෙම විදුලි ජන යන්ත්‍රය මීට සතියකට පමණ පෙර අක්‍රීය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට විදුලිබල පද්ධතියට මෙගාවොට් 270 ක ප්‍රමාණයක් අහිමි වූ අතර පළමු සහ තුන්වෙනි යන්ත්‍රවලින් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 550 ක පමණ ධාරිතාවක් නිෂ්පාදනය කරයි.



අදහස් (1)

නොරොච්චෝලේ ‌තෙවැනි යන්ත්‍රය නැවතත් ජාතික පද්ධතියට

D P P Prasad Sunday, 02 October 2022 09:08 AM

නොරොච්චොලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනන ඒකක 03 ක් තිබුනත් ඉන් 02 ක් නිතරම අළුත්වැඩියාවන්ට භාජනය වෙනවා මේ හේතුවෙන් රටට අවශ්‍ය විදුලිය අඛණ්ඩව සැපැයීමට නොහැකි බව පවසා විදුලි බල මණ්ඩලය හදිසි විදුලි මිළදිගැනීම් සදහා යොමු වේ. මෙවැනි විදුලිය ලබාගැනීමට යොදා ගන්නා කුඩා පරිමාණ ජලවිදුලි ජනක හෝ ඉන්ධන හෝ වෙනත් පුනර්ජනනීය ජනක බලාගාරවල අයිතිකරුවන්ද විදුලි බල මණ්ඩලයේ සිටි ඉහල නිල දැරැ ඉංජිනේරුවන් බවද නිතර පෙනෙන කරුණකි. මෙවැනි මාෆියාවන්ට නිසි පිළියම් යොදා පුර්ණ වශයෙන් පාඩු විදින මෙම ආයතනය නිවැරදි ප්‍ර්‍රතිව්‍යුහගතකිරීමකට ලක්වන තුරු අඛණ්ඩව විදුලි සැපැයීමක් අපේක්ෂා කල නොහැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 320 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site