IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නොරෝච්චෝල ජනන යන්ත්‍ර තුනම සක්‍රියයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය අද(17) අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය.

පානදුර විදුලි උපපොලේ ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රටපුරා පසුගිය 9 දින විදුලිය සම්පුර්ණයෙන් නැවති තිබු අතර එය යථා තත්වයට පත් කිරීමට දිනකට ආසන්න කාලයක් ගතව තිබුණි.

නමුත් පානදුර උප පොලේ සිදුවු කාර්මික දෝෂයත් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබු ජනන යන්ත්‍ර තුනම එකවර නැවති යාමත් සමඟ රටේ විදුලි අවශ්‍යතාවය නැවති ගොස් තිබුණි.

කෙසේ වෙතත් නැවති ගිය ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන අතරින් තුන්වන අධියරේ ජනන යන්ත්‍රය පසුගිය 14 දින යථා තත්වයට පත්කරමින් ජාතික පද්ධතියට නැවත එක්කරමින් විදුලි නිෂ්පාදනය ආරම්භ කර තිබුණි.

ඒ සමගම නැවත පලමු ජනන යන්ත්‍රයද 15 දින සක්‍රිය කල ලක්විජය විදුලි ඉංජීනේරුවන් හා කාර්ය මංඩලය ඒ වන විට අක්‍රියව පැවති දෙවන ජනන යන්ත්‍රය ද අද (17 ) අලුයම වන විට ජාතික පද්ධතියට එක්කිරිමට සමත්ව තිබුණි.

ඒ අනුව ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගොවට් 900 කට ආසන්න විදුලියක් නිෂ්පාදනය ආරම්භ වි ඇති බව විදුලු බල මංඩල ඉහල නිළධාරීන් පවසයි.

මෑත කාලයෙ ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන කඩිනමින් ක්‍රියාත්මක කල පලමු අවස්ථාව මෙය බවත් පසුගිය කාලයෙ මෙවැනි නඩත්තු සදහා මාසයකට අධික කාලයක් ගෙවි ගොස් තිබු බවද කියයි.ෙ කෙසේ නමුත් ලක්විජය බලාගාරය යලි ජනන යන්ත්‍ර තුනම සක්‍රිය විමත් සමග විදුලි ගැටළුක් නොමැති බව ඉහල නිළධාරින් පවසති.



අදහස් (0)

නොරෝච්චෝල ජනන යන්ත්‍ර තුනම සක්‍රියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site