අල් වක්රා මත්ස්‍ය වෙළෙඳපොළේ අළෙවියට තබා තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු මාලු ටොන් භාගයක් නගර සභා සහ පරිසර අමාත්‍යාංශය විසින් විනාශ කොට තිබේ.
මේ අතර ඌම් ගුවායිලිනා, ඌම් ලක්බා සහ කර්මාන්තය පුරවරයේ පවත්වාගෙන ගිය ආහාර වෙළෙඳසල් තුනක් තාවකාලිකව වසා දැමීමට දෝහා නගර සභාවේ සෞඛ්‍ය නිරීක්ෂණ අංශය පියවර ගෙන තිබේ.
සෞඛ්‍යයට අහිතකර තත්ත්වයන් යටතේ ආහාර පිළියෙල කිරීම සහ කල් ඉකුත් වූ ආහාර අළෙවි කිරීම යන චෝදනා යටතේ එම වෙළෙඳසල් සතියක කාලයක් සඳහා වසා දමා තිබේ. එසේම පසුගිය මාසයේදී ගොඩනැගිලි සහ කැණීම් සිදුවන වැඩබිම් පරීක්ෂාවට ලක්කළ නගර සභාව නීති උල්ලංඝනය කළ ආයතවලින් සහ පුද්ගලයන්ගෙන් කටාර් රියාල් 219,860 ක මුදලක් දඩ ලෙසින් අයකරගෙන ඇත.
මේ අතර සේවකයන්ගේ නවාතැන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීති රීති උල්ලංඝනය කිරීම් 11 ක් අනාවරණය කරගෙන ඇති කම්කරු නවාතැන් ඒකකයේ පරීක්ෂකයන් සේවකයන්ට නවාතැන් සපයන කඳවුරු පහක් එම ස්ථානවලින් ඉවත් කරගන්නා ලෙසට නියෝග කර තිබේ.
නිරීක්ෂණ චාරිකා 82 ක් ක්‍රියාත්මක කොට ඇති අල් ෂීහානියා නගර සභාව උල්ලංඝනය කිරීම් 11 ක් අනාවරණය කරගෙන ඇති අතර ඊට අමතරව අතහැර දමා ඇති වාහන 35 ක් එම ස්ථානවලින් ඉවත් කරගෙන තිබේ. ඔවුන් දඩ වශයෙන් අයකරගෙන ඇති මුදල කටාර් රියාල් 4,200 කි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
නරක් වූ මාලු ටොන් භාගයක් අමාත්‍යාංශ නියමයෙන් විනාශ කෙරේ