IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නරක්වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පොලිස්  ස්ථානවල  පවතින කල් ඉකුත් වූ  කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පොලිස්පතිවරයාට   උපදෙස් දුන්නේය.

කඳුළු වායු කිසිවිටකත් පාවිච්චි නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත්  පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීහු එම  කමිටුවට මෙහිදී පෙන්වා දුන්හ.

එසේම කඳුළු ගෑස් මහජන කැරලි කෝලහල පාලනයේදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව  යොදා ගැනීම සම්බන්ධයෙන්ද   වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස  කෝපා කමිටු සභාපති  රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

මේ අතර   අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට පත්වීමට කාන්තාවන් සදහා අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙලක්  ආරම්භ කර ඇති බව පොලිස් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මෙහිදී පැවසීය.

ඒ අනුව  කාන්තා පොලිස්පතිවරියක අනාගතයේදී බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇතැයිද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

රජු ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගියදා  රැස්විය.

පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදි විශේෂ අවධානය යොමුවිය. දමිල සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක්  ආරම්භ කර  ඇති බව ජ්‍යෙෂ්ඨ  පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ. එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.

 

 



අදහස් (1)

නරක්වූ කඳුළු ගෑස් විනාශ කිරීමට නියෝග

චන්දන Saturday, 29 April 2023 12:37 PM

දැන් මැවිලා පේනවා නේද කල් ඉකුත්වූ, කඳුලු ගෑස් පහුගිය දවස්වල එළියට ආවා කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site