මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා කොළඹ, ඩාර්ලි පාරේ අමාත්‍යාංශයේ දී අද (17) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ද වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාට සුබ පැතීමට පැමිණියේය.
අනුරාධ ජයරත්න මහතාගේ පියා වන හිටපු අග‍්‍රාමාත්‍ය දි.මු.ජයරත්න, අමාත්‍යවරුන් වන දුමින්ද දිසනායක, මහින්ද අමරවීර යන මහත්වරුන් සහ මව වන අනුලා යාපා ජයරත්න මහත්මිය හා අනුරාධ ජයරත්න මහතාගේ බිරිඳද එම අවස්ථාවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නියෝජ්‍ය ඇමැති වැඩ බාරගනී
සරත් Thursday, 17 September 2015 02:34 PM
කවුරු මොනවා කිවුවත් ඔබට අපි ඉන්නවා (නි)
පිවිතුරු යහපාල Thursday, 17 September 2015 09:43 AM
බුද්ධාගමට සේවය කරන්න (ම)
සේපාල Thursday, 17 September 2015 03:26 PM
එය මේ පාර නේද පළමු වතාවට පාර්ලිමේන්තු අවේ. (හේ)
පෙරේරා Thursday, 17 September 2015 09:49 AM
කටේ කිරි සුවඳ යන්නට පවා බැරිවුනා......රට කරවන ආණ්ඩුවේ ඇමතියෙක් වුනා...(බ)
දිලිප් Thursday, 17 September 2015 09:58 AM
ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා ප්‍රර්ථනා කරමි.(හේ)
සනත් Thursday, 17 September 2015 10:04 AM
මහවැලිය හදලා ඉවර වෙලා අවුරුදු ගණනක් වුනා නේද? දැන් මොකටද ඒකට ඇමැති කෙනෙක්. (බ)
අමිත Thursday, 17 September 2015 10:17 AM
පලමුවෙනි ලිපිය කුඩු කන්ටේනරයක් බේරා ගන්ඩ අත්සන් කරයිද දන්නේ නැහැ.බලාගෙන ඉන්න ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි! (බ)
ධම්ම Thursday, 17 September 2015 10:23 AM
වෙනසකට මුල පුරමු.(හේ)
චන්ද්‍රා Thursday, 17 September 2015 06:11 PM
මාසයක් ගතවුණා ,තවමත් මැති ඇමතිවරුන් පත්කරනවා. යහපාලනයේ වැඩ කරගන්න ජනතාවට තව කොපමණ කලක් ගතවේවිද? (නි)
ධර්ම ජයවික්‍රම Friday, 18 September 2015 05:49 AM
තරුණ ඇමතිතුමනි, රාජකාරි ලිපිවලට අත්සන් තබන විට යෝනිසෝමනසිකාරයෙන් කරන්න. කිතුල් ගසක් යට සිට එළකිරි බිව්වත් රා බිව්වයි කියන්න මිනිසුන් පුරුදු කරලා ඉන්නේ,(බ)
හේමන්ත Thursday, 17 September 2015 10:43 AM
තරුණයන්ට හොද අවස්ථාවක්.(හේ)
දුමින්ද Friday, 18 September 2015 02:04 AM
ඔබගේ කාර්යය නිවැරදිව කිරීමට හැකිවේවා! (නි)