IMG-LOGO

නියඟය තවත් නරක අතට

කමතේ චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙමින් මාදුරුඔය මහවැලි ‘බි‘ කලාපයේ කිරි ඉතිරවීමේ මංගල්‍ය 26 වැනි දා උදැසන අරලගංවිල බෝගස්වැව වෙල්යායේදී සිදු විය. අරලගංවිල ගම් රැසක ගොවි,ගෙවිළියන්ගේ සහභාගිත්වයෙන් සිදුවූ මෙම කිරි ඉතිරවීමේ මංගල්‍යයේ දී වගාවට හා බිමට ජලය සහ වැසි ප්‍රාර්ථනා කර දේව කන්නලව්වක්ද සිදු කෙරිණි.

වියළි කාලගුණය නිසා ගංගා ඇළ-දොළ සහ වනාන්තර ආශ්‍රිතව ජල මුලාශ්‍ර සිඳී යාමත් සමඟ වන අලින් සහ වන සතුන් බීමට ජලය සොයා ගම් වැදීමට පටන් ගෙන ඇති නිසා ආරක්ෂාකාරීව දෛනික රාජකාරී කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීයෝ පොළොන්නරුව ජනතාවගෙන් ඉල්ලා සිටිති.

දැඩි නියඟය නිසා ජලය නොමැතිව මනම්පිටිය ප්‍රදේශයේ ගඩොල් හා වේවැල් කර්මාන්තකරුවෝද දැඩි අසීරුතාවයට පත්ව සිටිති.වේවැල් පඳුරු විනාශවීම,ජලය නොමැතිව ගඩොල් කැපීමට නොහැකිකම නිසාත් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව තර්මාන්තකරුවෝ පවසති.

දිනෙන් දින නියඟය,ඉඩෝරය වැඩි වීම නිසා  පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7න් 6ක පවුල් 16,000ක පුද්ගලයින් 60,000 කට ආසන්න පිරිසක් ද පාසල් 30ක සිසුන් 12,000ක් පමණ පීඩාවට පත්ව ඇති බවත් ඔවුනට ජල බවුසර් 34කින් ජලය බෙදා හරින බවත් ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පවසයි.

1 3 4 5large



අදහස් (0)

නියඟය තවත් නරක අතට

ටෙහාන් Tuesday, 27 September 2016 02:19 AM

මේ දුක් විඳින්නේ අපි වැනිම ජනතාව නොවේද?

:       0       0

අනු Monday, 26 September 2016 10:58 AM

නියගය ඉක්මනින් නිම වේවා (ම)

:       0       0

සුසන්ත Monday, 26 September 2016 06:18 PM

මේ ගම්වල ජනතාවට නළ ළිං කිහිපයක් මඟින්වත් සුළු හෝ සහනයක් කරන්න බැරිවෙයිද? අපි කැමතියි උදවු කරන්න. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 26 September 2016 10:05 PM

තවදුරටත් විල්පත්තුව වනසන්නට ඉඩදෙන්න

:       0       0

සුසන්ත රණතුංග Monday, 26 September 2016 08:12 AM

හරිම දුකක් විඳින ජනතාවක් . ස්ථීර ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න .(ම)

:       0       0

ලක්ෂි Monday, 26 September 2016 08:54 AM

කරාමය අැරියහම වතුර විසිවන වතුර මල යට කුණු සෝදන අපිට නුඹලාගේ පිපාසය මතකයට එන්නේම නැත ඉල්ලපං ඡන්දය වරෙන් මැතිසබයට බැස දියවන්නාවට පීන පීනා දියකෙලින්නට.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 139 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 427 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site