IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නාමල් - රැවන්ති කැඳැල්ලේ සිට..

නාමල් උඩුගම නැමැති ඒ ආදරණීය ගායන ශිල්පියා පසුගිය දිනවල අසනීපව රෝහල්ගතව සිටියා. දැන් නම් ඔහුට සුවයි. ඔහු ගායන ලොවට පිවිස ආදරණීය නමක් දිනා ගත්තේ (සමුගන්නේ නෑ" ගීත එකතුව සමගයි. එදා කැසට්පටයක් ලෙස එළිදැක්වූ එම ගීත එකතුව සංයුක්ත තැටියක් ලෙස දැන් එළිදක්වා තිබෙනවා. නාමල්ගේ ඒ අලුත් කටයුත්ත වගේම ඔහුගේ බිරිඳ රුවන්තිත් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරලා. මේ සියලු විස්තර සමග අපි ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට ගොඩ වැදී තවත් තොරතුරු කතා කරමු. නාමල් දැන් කොහොමද අසනීප තත්ත්වය...  සුවයිද? දැන් නම් සනීපයි. ගිය දෙසැම්බර් මාසයේදී අසනීප වෙලා සති දෙකක් විතර රෝහල්ගතව සිටියේ. ගොඩාක් අමාරු වුණා. ජීවිතය නැවත ගොඩගන්න ගොඩාක් අය උදව් කළා. ඒ අතරින් රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරැන් ඇතුළු සමස්ත කාර්යය මඬුල්ලත්, නවලෝක රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්යය මඬුල්ලත් විශේෂයෙන්ම නවලෝක රෝහලේ සභාපති ජයන්ත ධර්මදාස මහතාත් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. ඊට අමතරව මගේ හිතවත් අයල සහෝදරයන්, පවුලේ උදවිය ළඟින්ම හිටියා. හමුදාවේ දයාබර සොයුරන් ලේ පවා පරිත්‍යාග කළා. මේ සියලු දේ අතරේ දරු දෙන්නා සහ විශේෂයෙන්ම මගේ බිරිඳ රුවන්තිව ගෞරවයෙන් සිහිපත් කරන්නම ඕන. රුවන්ති බිරිඳක ලෙස මහා පුදුමාකාර කැපවීමකින් කටයුතු කළේ. මගේ ජීවිතේ වටිනාම දේ ඇය බව මට පසක් වුණා. එය පුදුම වාසනාවක්. ඇය එක මොහොතකදීවත් මාව තනි කළේ නැහැ. ළඟින්ම හිටියා. ඒ වගේ බිරිඳක් ලැබීම ගැන මම පුදුම විදියට ආඩම්බර වෙනවා.   දැන් දරුවො කොහොමද? දුව දැහැමි 8 වසරේ ඉගෙනුම ලබන්නේග පුතා නෝමිත 7 වසරේ ඉගෙනුම ලබනවා.   අද කොහොමද ඔබගේ වැඩ කටයුතු? අද එක මොහොතක්වත් නිකරුණේ කාලය ගත වෙන්නෙ නැහැ. අලුත් ප්‍ර‍බෝධයක් දැනෙනවා. දැන් මට සනීපයිනේ කියන සතුට සමග බොහෝ වැඩ රාජකාරී වෙනුවෙන් සෑම තප්පරයක්ම වැය කරනවා.   එදා අසනීපව ඉන්නකොට මොනවගේ හැඟීමක්ද ඇති වුණේ? ගොඩාක් බය හිතුණා. සමහර අවස්ථාවලදී සිහිය නැති තත්ත්වයට පත්වුණා.  ඒත් ටිකෙන් ටික සුව වුණා. වෛද්‍යවරු සහ රෝහලේ සේවක පිරිස දුන් සහයට ඇත්තටම මම ණයගැතියි.   ඔබ මෙලෙස අසනීප වී සිටින වග බොහෝ අය දැන සිටියේ නැහැ නේද? දැනගෙන හිටපු අය ආවා. කොහොම වුණත් අසනීපයේදී හැමෝම වගේ උදව් කරද්දි නිහතමානීව මම පුදුම සතුටක් ලැබුවෙ. මේ ඔක්කොම මම හොඳින් හිටපු නිසා නේද කියලා හිතුණා.   රෑ සිහිනෙන් ගැනත් කතා කරමු මුලින්ම "මා සමුගන්නේ" නෑ කියන ගීත එකතුව තමයි රෑ සිහිනෙන් - සමුගන්නේ නෑ කියලා එළි දැක්වූවේ. එය සංයුක්ත තැටියක් ලෙස තිබුණෙ නැහැ. පසුගිය 6 වැනිදා එය එළිදැක්වූවා.   රුවන්ති ඔබගේ කටයුතු කොහොමද? රඟපෑමේ කටයුතු වගේම දරැවන්ගේ වැඩයි ගෙදර වැඩයි සමබරව කරගෙන යනවා.   නැවතත් රඟපෑමෙන් කාර්යබහුල වෙලාද? තරමක් දුරට කාර්යය බහුලයි.   රඟපාන චරිතවලට ලැබෙන ප්‍රතිචාර එහෙම? ‘අමා(ITN) නාට්‍යයේ රඟපාන්නෙ වැඩිහිටි චරිතයක් නිසාල ඇයි දැන්ම ඒ වගේ චරිතයකට ගියේ කියල සමහරු අහනවා. ඒත් එහි කතාව හරි වෙනස්ග මහේෂ් රත්සර ඉතා ආකර්ෂණීයව ලියන කතාව සහ ශාන්ත සොයිසාගේ අධ්‍යක්ෂණය ඉතා හොඳයි. ඊට අමතරව මිල්රෝයි සල්ගාදු නිෂ්පාදනය කළ, ප්‍රියන්ත සමරකෝන් අධ්‍යක්ෂණය කළ සිරසේ විකාශය වන "සිරිවාසල" නාට්‍යයේ  චරිතයත් හරි වෙනස්. ඒ චරිතයේ වෙනසටත් මම කැමතියි. රුවන්ති ඇත්තටම ඇයි වැඩිහිටි චරිතයක් බාර ගත්තෙ? කවදහරි අපටත් ඔය තත්ත්වයට  මුහුණ දෙන්න සිදුවෙනවා. පිටපත බලද්දි ඒ චරිතවලට ආස හිතුණා. පෞද්ගලිකව එය අප ලබන අත්දැකීමක්.   ඔබ ඔබගේ ලස්සන ගැන හිතලා චරිත බාර ගන්නෙ නැද්ද?, ඒ කියන්නේ ලස්සන ගැන හිතන්නෙ නැද්ද? ලස්සන වෙන්න කියලා අමුතුවෙන් මොනවත් කරන්නෙ නැහැ. පුළුවන් තරම් හිත හොඳින් කටයුතු කරනවා. බුදු දහමට අනුව ජීවත්වෙන්න උත්සාහ ගන්නවා. හැකි විදියට අසරණ අයටත් පිහිට වෙනවා.   දවසේ කටයුතු කොහොමද? රූගත කිරීම්වලට යනවා නම් උදේ 4 ට විතර නැගිටලා දරුවන්ගේ පාසල් වැඩකටයුතු සූදානම් කරනවා. ඒ කිසි දෙයක් අතපසු කරන්නෙ නැහැ. හොඳ කළමනාකරණයක් තියෙනවා නම් හැම දෙයක්ම ලෙහෙසියෙන් කරන්න පුළුවනි. සැමියා තදබල ලෙස අසනීප වුණාම මොනවගේ හැඟීමක්ද ඇතිවුණේ? ඇත්තටම ගොඩක් බය වුණා. ඒක ඕනෑම බිරිඳකට ඇතිවන බියක් වෙන්න ඇති.   අද මොකද හිතෙන්නේ? ජීවිතේ ගැන පුදුමත් හිතෙනවා. මේ සියලු දේවල්වලට මුහුණදී සාර්ථකව ජීවිතය ග‍තකිරීමට ලැබීම ගැන සතුටුයි. මගේ ඉවසීමේ ගුණය නිසා අද මට සැනසීම ලැබිලා.   දරුවන් මොන වගේ ක්ෂේත්‍රවලට යාවිද? හොඳ ගායන හැකියාවක් දෙන්නටම තියෙනවා. රඟපෑමේ දක්ෂතාවත් තියෙනවා. නමුත් මූලිකවම අධ්‍යාපනය පැත්තෙන් තමයි බලන්නේ. සියල්ලට කලින් අධ්‍යාපනය ලැබිය යුතුයි. අධ්‍යාපනය සමග  යහපත් පුරවැසියන් කිරීම තමයි අරමුණ.

සටහන/ඡායාරෑප  - සඳුන් ගමගේ



අදහස් (0)

නාමල් - රැවන්ති කැඳැල්ලේ සිට..

priyanka Monday, 16 January 2012 04:42 PM

මේ වගේ පවුල් ජිවිත ගෙවන අය රටටම ආදර්ශයක්

:       0       0

ලක්ෂ්මන් Thursday, 19 January 2012 09:33 AM

ඔබට නීරෝගී සුවය පතමි

:       0       0

සසන්ක Monday, 23 January 2012 11:38 AM

ඔබට නීරෝගී සුවය පතනවා

:       0       0

අසේල Wednesday, 25 January 2012 06:19 PM

රුවන්ති අක්ක වගේ නිලියන් රටටම ආඩම්බරයක්. මම කැමතිම නිලිය ඔබයි

:       0       0

මහින්ද Monday, 16 January 2012 10:56 PM

මා කැමතිම කෙනා නාමල්

:       0       0

අරුණ අත්තනායක Tuesday, 17 January 2012 06:15 AM

හැමදාමත් මතතකයේ රැදෙන, හදවතට සමීප ගායකයන් ඉන්නෙ ටික දෙනයි. ඒ අතරින් නාමල් අයිය මුල් පෙලේ ඉන්න කෙනෙක්. හැමදාමත් නිරෝගීව, සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලා මා සුබ පතනවමි.

:       0       0

ඩබ්ලිව්.ඒ.එස්. විජේසූරිය Thursday, 26 January 2012 11:17 AM

ඔබට සුව වේවා

:       0       0

සංජු Tuesday, 17 January 2012 01:13 PM

නාමල්ට නිරෝගී සුවය අත්වේවා! අපි තාමත් ආසයි ඔබගේ ගීත අසන්න. තවත් හොද නිර්මාණ කරන්න ආත්ම ශක්තිය ලැබේවා

:       0       0

පර්සි හික්කඩුව - saudi arabiya Tuesday, 17 January 2012 02:21 PM

නාමල්, ඔබව අසනීප වෙලා කියලා දැනගත්තාම මමත් මගේ යහලුවනුත් ගොඩාක් කණගාටු වුණා.

:       0       0

දමිත් Wednesday, 09 January 2013 11:43 AM

ඔබ දෙපළගේ දිවි ගමන සාර්ථක වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2355 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site