IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නාමල් රාජපක්ෂට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු අමාත්‍යවරයකු වන පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද සිතාසි නිකුත් කළේය.

විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් 2016 වසරේදී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුව නීතීපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත.

 



අදහස් (12)

නාමල් රාජපක්ෂට සිතාසි

Mahajanathawa Wednesday, 05 February 2025 06:09 PM

ඔහොම යන්, ඔහොම යන්...!

:       183       68

මැක්ස් Wednesday, 05 February 2025 06:24 PM

සියලු ප්‍රශ්න අමතක කිරීමට බන්කොළොත් මාලිමාන්ඩුවේ අනුග්‍රහයෙන් දැන් පෙන්වනවා "රාජපක්ෂ වයිරය"! එන්න, නරඹන්න!

:       131       168

ජිල්බු Wednesday, 05 February 2025 07:11 PM

ඊලඟ පාර නාන්න කොළඹ එනකොට මතක ඇතුව සබන් කෑල්ලකුත් අරන් එන්න. නැත්නම් ඉන්න පාත්තයෝ ටිකත් මැරෙයි.

:       87       32

seneThursday, 06 February 2025 11:27 AM

මෙවැනි අදහස් දැන් සුලබව දකින්නට ලැබේ. 88/89 යුගය කරාද ගමන් කරමින් සිටින්නේ ?

:       5       58

RatneWednesday, 05 February 2025 11:18 PM

කුක්කන්ගේ කෙඳිරිය

:       43       13

පොඩිඑකාThursday, 06 February 2025 01:17 AM

අනේ මැස්සෝ, මේක මේ ආණ්ඩුව ආවට පස්සෙ දාපු නඩුවක් නෙවෙයි. 2016 දාපු පැමිනිල්ලකට (ඔහෙලගෙ ආණ්ඩු වලින් යටගහපු) ගරැ අධිකරනය විසින් ගත් තීරණයක්. අනික ඔය මල් පුතාමනේ පොර ටෝක් දුන්නෙ නඩු අහන්නෙ නෑ කියල. නිකං කුලියට කහින්න ගිහිං කිච වෙන්න එපා.

:       52       18

රම්සිThursday, 06 February 2025 01:20 AM

හලෝ මැක්ස් ඔයා සරම උස්සල පෙන්නනවද?

:       50       12

hashithaThursday, 06 February 2025 08:34 AM

රෙදි නැතුව කඩේ යන බයියන්ම තාමත් ඉන්නවා.

:       43       12

fairoos Wednesday, 05 February 2025 07:13 PM

මොකද කෙඳිරි ගාන්නේ? බයියෙක්ද?

:       35       52

රනේ Wednesday, 05 February 2025 10:26 PM

" නා මල් පිපිලා.. බලා සිටින්නේ.."

:       6       24

Asad Thursday, 06 February 2025 01:20 AM

ඇගේ වයිරය 4. කවුද ආයේ ?

:       11       40

Kazi Shajahan Thursday, 06 February 2025 09:00 AM

NPP ආණ්ඩුව කාලේ නම් ඔය නඩුවට දඬුවම් ලැබෙන එකක් නෑ දැන් යන විදියට.

:       11       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site