IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නාමල් පිලේ මැති ඇමැතිලා එළියට විසිවේ?

(සුජිත් හේවාජුලිගේ)

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී  වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ  තීරණයේ සිටින මහින්ද රාජපක්ෂ සහ  නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටවූ ස්ථාවරයේ සිටින කණ්ඩායමට ඇතුළත් වන්නේ මන්ත්‍රීවරුන් විස්සකට අඩු පිරිසකි.

මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් එම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත්වන්නෝය.

සෙසු මන්ත්‍රීවරුන්  ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම්වලදී  මේ පිරිස සභාවේ   අසුන් ගැන්වීම  සම්බන්ධයෙන්  ප්‍රශ්න කිරීමට සූදානම් වන බවද   දැනගන්නට ඇත.

මේ අතර වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට මතයේ සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කණ්ඩායමේ සිටින අමාත්‍යවරුන් සහ  රාජ්‍ය ඇමතිවරුන්ද පක්ෂයේ තීරණයත් සමඟ කිසියම් අර්බුදකාරී තැනකට  ගොස් ඇති අතර

ආණ්ඩුවට විරුද්ධ මතයක සිට එම තනතුරු දැරීමද  ගැටලුකාරීවී ඇතැයි  ආරංචි මාර්ග සඳහන් කළේය.



අදහස් (6)

නාමල් පිලේ මැති ඇමැතිලා එළියට විසිවේ?

ගමේ එකාලා Wednesday, 31 July 2024 05:42 PM

ශිෂ්ට සම්පන්න නීති ගරුක රටක නම් මෙළහකටත් හිරේට යවලා.

:       0       2

අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 06:15 PM

බැඳලා ගැහුවත් එකයි, ගහලා බැන්දත් එකයි, ඒක නිසා ඔය හොරු රැල ආණ්ඩු පක්ෂයේ වාඩි වුණත් විපක්ෂයේ වාඩි වුණත් වෙනසක් නැහැ. එකිනෙකාට අවශ්‍ය වෙලාවට ඇවිල්ලා උදව් කර ගනීවි... හොරුන්, අපරාධකරුවන් හා දූෂිතයින් රැකගන්න.

:       10       60

Gesha Wednesday, 31 July 2024 07:28 PM

එතකොට අරවින්ද මොණරවිල කියන්නේ කප්පම් ප්‍රසන්න ඇතුළු හොරුන් හොඳයි කියලද? ආණ්ඩුව ගෙනියන්න. ඇන්නා පැන්නා කොම්පැනිය මරු තමයි ආණ්ඩුව ගෙනියන්න.

:       0       0

dasun Wednesday, 31 July 2024 09:40 PM

ඔය රාජපක්ෂ පවුල හිඟා කන දිනය වැඩි ඈතක නොවේ...

:       0       2

Rohana Wednesday, 31 July 2024 09:56 PM

හොරකමට වංචාවට ආයුෂ අඩුයි කියන්නේ ඔන්න ඕකයි.

:       0       2

chandima Thursday, 01 August 2024 02:49 AM

රනිල් පිල,නාමල් පිල ,රාජපක්ෂ පිල ,සජිත් පිල ,එතකොට කෝ මහජනතාවගේ නියෝජිතයෝ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site