IMG-LOGO

නාමල්ට ඇප : රට යන්නත් බෑ

ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රගර් ප්‍රවර්ධනය සඳහා දුන් බව කියන රුපියල් කෝටි 7ක් වංචා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (18) නියෝග කළාය.

රුපියල් 50000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරිණි.

විදෙස් ගමන්ද තහනම් කැරුණු අතර බැංකු 4ක නාමල් රාපක්ෂගේ නමින් ඇති ගිණුම් පරීක්ෂා කිරීමටද රහස් පොලිසියට අවසර දුන්නේය.

.

වීඩියෝ - ලහිරු හර්ෂණ



අදහස් (0)

නාමල්ට ඇප : රට යන්නත් බෑ

කුමාරසිරි Monday, 18 July 2016 07:53 AM

ලක්ෂ 70 ට දවස් කියද ඇතුලේ හිටියේ? (ම)

:       0       0

මාරසිංහ Monday, 18 July 2016 07:59 AM

මේක දේශපාලන පළිගැනීමක්. කවදා හෝ සත්‍ය ජයනනීවි. (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 18 July 2016 07:58 AM

නීතිය බාල්දු වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නෑ. රටේ ජනතාවගේ අවාසනාව තමයි. තව අවුරුදු 100කටවත් මේ රට හැදෙන්නෙත් නෑ. දියුණු වෙන්නෙත් නෑ. රටේ ජනතාව සදා අඳුරේ. (ම)

:       0       0

පිරිස් Monday, 18 July 2016 07:59 AM

කෝටි හතක මුදල් වංචාවක් කල කෙනෙක් කොහොමද ඇප දීල එළියට දාන්නේ ?. මුදල් වංචාකල අනිත් මිනිසුන්ටත් මෙහෙම කරනවද? (ම)

:       0       0

අජිත් Monday, 18 July 2016 08:54 AM

පුදුම රටක් නෙවෙයි බන් පුදුම නීතියකුත් නෙවෙයි වැරදි කළේ නැත්තන් නිදහස ලැබෙයි (බ)

:       0       0

සේන Monday, 18 July 2016 08:57 AM

මම සිංහ සමාජයට රුපියල් මිලියන ගණන් සල්ලි එකතු කළා කොම්පැනි වලින් .ඉතින් මාවත් අල්ලලා හිරේ දාන්නකෝ (බ)

:       0       0

සඳුන් Monday, 18 July 2016 09:01 AM

දැන් කෝ අර ලෙඩේ. අපිත් යන්ඩ ඕනේ අපේ දන්නා කියන ලෙඩ වෙච්ච කට්ටියට බොරු නඩුවක් දාල කොටුව මහේස්ත්‍රාත්ගෙන් බේත් ගන්ඩ. කීය ගියත් කමක් නැහැ එලියට දානකොටම දේව හාස්කමෙන් සනීප වෙනවනේ. සයිටම් එකෙන්ද දන්නේ නැහැ ඉගෙනගත්තේ වෛද්‍ය විද්‍යාව. (බ)

:       0       0

රංජිත් Monday, 18 July 2016 09:11 AM

හැමදාම මේ දේද සිද්ධ වෙන්නේ.(හේ)

:       0       0

ප්‍රියාන් Monday, 18 July 2016 09:12 AM

රට යන්න බැරි වුනාට කමක් නෑ. ඇප ලැබුනනේ.(හේ)

:       0       0

නොයෙල් පෙරේරා Monday, 18 July 2016 09:09 AM

හොරුන්ට දඩුවම් දිලා සාධාරණය ඉල්ලන රටේ මහජනතාව රවට්ටනවා.(හේ)

:       0       0

සේනක Monday, 18 July 2016 09:30 AM

ඇතුලට ගිය ගමන් ඇප.(හේ)

:       0       0

ධම්ම Monday, 18 July 2016 09:52 AM

මේ ඔක්කොම ඉතින් අප ප්‍රබෝධමත් කරන්නනේ. යහපාලනය දිනේවා! (නි)

:       0       0

ලතා Monday, 18 July 2016 10:22 AM

රටේ 3/2 ක් මෝඩ නුගත් නිසා මහා රජ කියන දේට රැවටෙනවා. (ම)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 18 July 2016 10:30 AM

නීතිය ක්‍රියාත්මක වියයුතුයි සැමදෙනාටම. (ම)

:       0       0

අන්වර් Monday, 18 July 2016 10:49 AM

දැන් යෝග පන්තිය කරන්න වෙන්නේ කාටද? (නි)

:       0       0

ප්‍රසාද් Monday, 18 July 2016 10:59 AM

යහපාලනය රටේ මිනිස්සු ගොන්නු කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ. මේ නාට්‍ය දැකලා දැන් ඇතිවෙලා. (නි)

:       0       0

රනිල් වික්‍රම Monday, 18 July 2016 12:07 PM

ඉතින් සේනක වැල්ලම්පිටියේ නෝනට ඇතුලට යන්නත් කලින් ඇප ලැබුනේ? (අ)

:       0       0

සිරි Monday, 18 July 2016 12:26 PM

ඔබට සතුටුද දැන් (අ)

:       0       0

සමන් Monday, 18 July 2016 12:23 PM

මේක යකාගේ පලනයක්නේ වැඩ නැහැ කට්ටිය හිරේ (අ)

:       0       0

දසුන් Monday, 18 July 2016 12:29 PM

මේවට පොලියත් එක්ක ලැබෙනවා එදිරියේදී (අ)

:       0       0

තිලක් ඩුබායි Monday, 18 July 2016 12:28 PM

දේශපාලනයේ පන්නරය ලබන්න හිරේ නොගිහින් බැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 18 July 2016 12:37 PM

යෝගා පන්තියේ වැඩ ටික දැන් ඉතින් බාප්පට බලන්න බැරියෑ (නි)

:       0       0

පද්මිණි Monday, 18 July 2016 01:07 PM

මෙට්ටය බාප්පාටයි පුතාටයි මාරුවෙන් මාරුවට පාවිච්චි කරන්ට බැරියැ. තව නඩු කීයක් ඉදිරියට තියෙනවද (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 18 July 2016 01:31 PM

ලංකාවේ නීතිය ගැන නම් දැන් කිසිම විශ්වාසයක් නැහැ (නි)

:       0       0

සිල්වා Monday, 18 July 2016 01:37 PM

අර කවුද කිවුවා වගේ සමහර අයගේ දෙවැනි ගේ වෙලා මහ උළු ගේ. දුප්පත් මිනිහට තමයි මේ සේරම නීති (නි)

:       0       0

ජයතු Monday, 18 July 2016 02:02 PM

හොරකම් කළ මුදල් තමාගේ ගිණුම් වල දමාගන්න තරම් මෝඩයො නොවෙයි දේශපාලුවෝ. ජනතාවයි මෝඩයො. (නි)

:       0       0

පැතුම් Monday, 18 July 2016 06:16 AM

මාරම රටක් මේක .පුදුම නීතියක්, (ම)

:       0       0

ස්ටැන්ලි Monday, 18 July 2016 06:16 AM

නාමල් එලියට එනකොට බැසිල් ඇතුලට - චෙස් තරගයකදී ඉත්තෝ අදිනවා වගේ (ම)

:       0       0

ඉන්දික Monday, 18 July 2016 06:22 AM

එතකොට යෝග පන්තිය කරන්නේ කවුද දැන් ....(ම)

:       0       0

තිලාන් Monday, 18 July 2016 04:43 PM

අපේ රට ජීවිතේට ගොඩඑන්නේ නැහැ. හරිම දුකයි. (නි)

:       0       0

තිලක Monday, 18 July 2016 04:49 PM

මෙහෙම ඇප ලැබෙනකොට තව තවත් නොබියවම හොර කනවා. තව තවත් හොරකම් කරන්න දිරිමත් වෙනවා. (නි)

:       0       0

තිලකසිරි Monday, 18 July 2016 04:45 PM

හැරෙන තැපෑලෙන් එළියටත් ඇවිල්ලා නේද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 July 2016 04:50 PM

බඩගින්නට පාරේ අයිනේ බතල අල ගළවපු අසරණයා මාස 6 යක් බරපතල වැඩ ඇතුව හිරේට. පුදුම නීතියක්නේ ලංකාවේ තියෙන්නේ. (නි)

:       0       0

හෆීල් Monday, 18 July 2016 07:09 AM

යනවා එනවා. 2020 වෙනකං යහ පාලන රජයේ සංදර්ශනය. (ම)

:       0       0

සමුරි Monday, 18 July 2016 07:34 AM

රුපියල් 10000 වංචා කළාට හිරේට යන කාලේ කෝටියක් නිසා එළියේ සිටිය හැක (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 308 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 794 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 143 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site