IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘නාභිය වහන්නට පෙර : තව ගැටළු ඇත උසට මහමෙර‘

පළාත් අධ්‍යාපන ගැටළු තිබියදී බස්නාහිර හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යවරු ගුරුවරියන්ගේ හා නැටුම් විෂය හදාරන සිසුවියන්ගේ නාභිය පෙනෙන සේ ඇදුම් ඇඳීම හා දුරකථන ඇමතුම් පාලනය කිරිමට යාම ගෝත්‍රික දැනුමෙන්  අදහස් ප්‍රකාශ කර  ප්‍රසිද්ධියක් ලබා ගැනීමක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

පාසල් වලට උද්ගත වි ඇති ප්‍රශ්න නාභිය පෙන්වා ඇදුම් ඇඳීම ද පාසල තුළ දුරකථන භාවිතයද නොව ගුරු වැටුප් වැඩි කිරිමේ විෂමතා, උසස්වීම් වසර ගණනකින් ලබානොදීම, ගුරු මාරු ප්‍රතිපත්ති හා පාසල් පංති කාමර සෑදිමට පාසල් වල මුදල් එකතු කිරිම් ආදිය බවද ඔහු කියයි.

නාභිය පෙනෙන ලෙස සාරිය ඇදිම හා දුරකථන භාවිතය කිසිදු ගැටලුවක් මේ දක්වා නොතිබුනු බවත් එය එම ගුරුවරුන්ගේ සිමිත නිදහස නැති කිරිම බවත් පසුගිය කාලයේ මෙවන් අදහස් ප්‍රකාශ කළ ජෝකර්වරු සිටි බවත් ඔවුන් ජනයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් තමන්ගේ දැනුමට නොගැලපෙන අමාත්‍යකම්  යහපාලන රජය මගින් ලබා දිම විහිළුවක් බවද ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (0)

‘නාභිය වහන්නට පෙර : තව ගැටළු ඇත උසට මහමෙර‘

සිරි Sunday, 15 November 2015 06:02 AM

මේ අය මානසික ලෙඩ්ඩු,(ම)

:       0       0

ඇසළ Sunday, 15 November 2015 06:57 AM

දියවන්නාවේ මහා එකාගේ ඉදල පොඩි එම දක්වා හරි හමන් අධ්‍යාපනයක් නැති එවුන් ඉතින් කොහොමද රටක් පාලනය කරන්නේ. අ.පො .ස (සා/පෙ) සමත් නැති ඇමතිවරු කී දෙනෙක් ඉන්නවද. (බ)

:       0       0

මහේෂ් Sunday, 15 November 2015 07:34 AM

ලංකාව මුලධර්මවාදී රටක් නොවන බව මේ දේශපාලඥයෝ වගබලා ගත්තොත් හොදයි.(ම)

:       0       0

ලක්විදු Sunday, 15 November 2015 08:03 AM

අපි නොමිලේ ප්ලාස්ටර් බෙදමු නටන කොට නාභිය උඩින් අලවගන්න. අනේ මෙහෙම මෝඩ උන්දලා. (ම)

:       0       0

ශානිකා Sunday, 15 November 2015 09:17 AM

ගුරු සංගමේ ලේකම්ගේ කතාවේ හැටියට පාසල් වල තියෙන ලොකුම ප්‍රශ්න එයාලගේ වැටුප් වැඩි කිරීම් සහ උසස්වීම් ලබා නොදිමයි. අනේ මෙහෙමත් මිනිස්සු. (බ)

:       0       0

චමල් Sunday, 15 November 2015 09:34 AM

මේක අන්තවාදී රටක් නෙමෙයි. මෙච්චර කාලෙකට නොතිබ්බ ගුරුවරියන්ගේ නාභිය දැන් ප්‍රශ්නයක් වුනේ කොහොමද. ඔහොම ඔහොම ගිහින් මුළු ඇඟම වහන්න වෙයි අපේ සහජීවන සහෝදරියන්ගේ වගේ (බ)

:       0       0

චම්පික අබේකෝන් Sunday, 15 November 2015 05:29 PM

මොනා උනත් හොඳ තීරණයක්. හොඳ වැඩක් කරනකොට හොඳයි කියන්න පුරුදු නැති හැටි. (ර)

:       0       0

සරත් Sunday, 15 November 2015 09:49 AM

මේ පළාත් අධ්‍යාපන ඇමැති උෟවේ මොන්ටිසෝරියක දාල පොඩිවට ට්‍රේනින් කළොත් හොඳා. මෝඩකම අඩුවෙන්න. (බ)

:       0       0

අනුර Sunday, 15 November 2015 10:52 AM

සීගිරි අප්සරාවන්ටයි ඉසුරු මුණියේ ඉන්න කාන්තාවටයි දැන් මොකද කරන්නේ. පොඩි ලමයි සහ වයසක අය නරක් වෙන නිසා ඒවටත් මොනවා හරි කරන්න වෙනවා. (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 15 November 2015 11:52 AM

රටේ වෙන කරන්න වැඩ නැතුවටද මේ. (ර)

:       0       0

අමිත් Sunday, 15 November 2015 11:56 AM

නාභිය පෙනුනයි කියලා මොකක්ද කඩවෙන විනය. අපේ ටීචර්ලා ගොඩ දෙනෙක් ඇන්දා. අනේ අපේනම් කඩවුණු විනයක් නැහැ. අපි යසට ඉගෙන ගත්තා. (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 15 November 2015 12:36 PM

ශානිකා ...පාසල්වල,දරුවන්ගේ,හා පාසල් පරිපාලනයේ මොන තරම් ගැටළු තිබුනත් ඊට වඩා එතුමන්ලාගේ ගැටළු වලට තමා මුල්තැන දෙන්නේ..ඒක නිසානේ මෙපමණ ටියුෂන් කඩ රට පුරා ඇතිවෙලා තියෙන්නේ.....අනික පාසල් දරුවන්ට කොහොමටවත් පාසල් තුළට දුරකථන අවශ්‍ය නැහැ ...ගුරුවරුන්ගේත් රාජකාරී වේලාවන්වල දුරකථන ඇමතුම් වලට යම් සීමාවක් දැම්මට වරදක් නෑ මොකද ඇසල කියන විදියට ළමයි හරියට ඉගෙන ගන්නේ නැතුව අන්තිමට පාර්ලිමේන්තු ගියත් එකටත් මුල හරියට උගන්වපු නැති ඒක නේද?අනුරලා හිතන විදියේ එදා තිබු සමාජය අදත් තියනවනම් අපි හරි වාසනාවන්තයි ...එදා පොඩි ළමයින්ට සහ වයසක අයට කරදරයක් නැතුව රටේ ඕනෑම තැනක ගිහින් මග වැරදුනොත් කාගේ හරි උදව්වෙන් එන්න පුළුවන්කම තිබුන එ්ත් අද? දින කීපයකට පසු විකෘති කාමුකයෙකුගෙන් විනාශවූ නිරුවත් මළ සිරුර විතරයි දකින්න වෙන්නේ ...මේකද ....සමාජයේ දියුණුව?නව තාක්ෂණයේ ප්‍රතිපල? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site