(අංජුල මහික වීරරත්න)
නපුර පලවා හැර යහපත ජයග්‍රහණය කරවමු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දීපවාලී සුබ පැතුම් පණිවිඩයෙන් කියයි.
විපක්ෂ නායකවරයා මෙසේද පවසයි.
නපුර පලවා හැර යහපත ජයග්‍රහණය කළ දිනය ලෙස සලකන දීපවාලී සැමරුම හින්දු ආගමිකයන්ගේ සුවිශේෂි උත්සවයකි. නපුර පලවා හැරීම තුළ යහපත උදාවීම තුළ ලොවට ලැබුණේ ආලෝකය යි. පහන් වැටක් දල්වමින් සමරනු ලබන්නේ ලොවට ලැබුණු ආලෝකය සංකේතවත් කරමිනු යි.
දීපාවලිය තුළ සැඟව ඇති සංකේතාර්ථය වටහා ගැනීම සමාජයට අතිශයින් ම වැදගත් වේ. වර්තමානයේ අප ද අසත්‍ය විසින් සත්‍යය වසා දමන අවිද්‍යාව විසින් විද්‍යාව යටපත් කරන පසුබිමක කටයුතු කරමු. මේ නිසා යහපත වෙනුවට නපුර ශක්තිමත් වෙමින් පවතී. මෙහි බරපතලම ඛේදවාචකය වන්නේ නපුර වීරත්වයෙන් උත්කර්ෂයට නංවන ආකාරයක් දක්නට ලැබීම යි.
දැනුවත්ව හෝ නොදැනුවත්ව නීතිය හා සාමය සුරකින ආයතන සමාජය දැනුවත් කළ යුතු මධ්‍ය මෙහි දී නපුර පරාජය කිරීම සංදර්ශනාත්මකව සිදු කිරීම සහ වර්ථා කිරීම ම තුළ යහපත් සමාජයක ගොඩනැගීම ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත.
අප කළ යුත්තේ නපුර පරාජය කර යහපත උදාව ආලෝකමත් කිරීම යි.ආලෝකය ලෙස අප සමාජගත කළ යුත්තේ යහපත් ප්‍රතිඵලය මිස නපුරු සංකේත නොවේ. දීපාවලිය තුළ අපට කියා දෙන පාඩම දිනූ යහපත සමාජයට ගෙන යෑම යි. මෙම දීපවාලී සැමරුමේ දී අප වඩාත් උත්සුක විය යුත්තේ යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩ පිළිවෙල සඳහා කැපවීම යි.
ඒ උදාර අරමුණට සියලු දෙනාට ශ්‍රී ලාංකිකයන් ලෙස දායක විය හැකි දීපාවලි උත්සවය සැම සිත් යහපත් සිතුවිලි වලින් ආලෝක මත්වන දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නපුර පලවා හැර යහපත ජයග්‍රහණය කරවමු
Perera Monday, 20 October 2025 09:04 AM
ඒක නේ මනුස්සයෝ රටේ ජනතාව දැනටමත් කරලා තියෙන්නේ.
Jayasekara Monday, 20 October 2025 09:45 AM
බහුතර අපිනම් නපුර පළවා හැරියා චන්ද දෙකකින්ම... දැන් එළවපු නපුරෝ ටික එකතුවෙලා...
dammasiri thero Monday, 20 October 2025 10:01 AM
සජබ-පොහොට්ටු හොරු,පචයො,නිදන් හොරු,කුඩු මුදලාලිලා වැනි නපුරන් පලවා හරිමු.