
(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයේ දිගටම තබාගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(20) රාත්‍රී පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයේ දිගටම තියාගන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.
මේ අතර, අගමැතිවරයාත් ඇමතිවරුනුත් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දිගටම රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළකර ඇතැයිද වාර්තා වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වී සිට ටික වෙලාවකින් පිටව ගොස් ඇති අතර, එම රැස්වීමට කැබිනට් ඇමතිවරුන් ද සහභාගි වී ඇත්තේ කිහිප දෙනකු පමණක් බව ද දැනගන්නට ඇත.
කැබිනට් ඇමතිවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වී ඇත්තේ අඩුවෙන් බව සඳහන් කරමින් මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ විරෝධය පළ කර ඇත.
මේ අතර ,පොදුජන පෙරමුණේ අගමැතිවරයකු පත්කරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එහිදී ජනාධිපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
521
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2252
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1683
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නන්දලාල්ට දිගටම මහ බැංකුව
mahel Tuesday, 21 June 2022 12:23 PM
අපොයි ආයේ නම් පොහොට්ටුවේ අගමැතිලා එපා. ඔය ඉන්න මනුස්සයාට මේක ටිකක් බේරාගන්නා තෙක් ඉන්න දෙන්න. ඒ හොඳටම ඇති...!
ගලපර Tuesday, 21 June 2022 08:26 PM
රට බංකොලොත් කිරීමට වගකිවයුතු එක්කෙනෙක් තමයි රනිල්. මෙයත්... 6 වතාවක් රටේ අගමැති වෙලා හිටියා. ඒ කරපු දේවල්වල ප්‍රතිඵල තමයි මේ වෙලා තියෙන්නේ... යහපාලන ආණ්ඩුව විනාශ කරලා හොරුන් බලයට ගෙනාවා. ලංකාවේ බිහිවෙච්චි කැතම දේශපාලනඥයෙක්...!
ranjith Tuesday, 21 June 2022 01:05 PM
225 ම නැතිව මේ වගේ දක්ෂ නිලධාරීන් හිටියා නම් රට ගොඩගනීවි.
chandima Tuesday, 21 June 2022 08:58 PM
ඔය කිව්වට ව්‍යවස්ථා සංශෝධනයෙන් බලේ ගත්තට පස්සේ සිංගප්පූරුවෙන් කෙනෙක් ගෙනෙයි...
asoka Thursday, 23 June 2022 01:10 PM
නිදහසේ හිටපු කෙනෙකුව ගෙන්වලා මහබැංකුව බාරගන්න කියලා බැගෑපත්වෙලා බාරගත්තාට පස්සේ යවන්න ලෑස්තිවෙන්නේ ඕන විදිහට නටන්නැති හින්දද?