IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නැන්දාගෙත් දූරු දෙන්නාගෙත් ඇඟ පුරා රත්තරන්

රුපියල් තිස් නම ලක්ෂ හතලිස්  දහසක් වටිනා  නිම නොකළ රන් ආභරණ 21 ක් පැළඳගෙන  ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි  ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකාරියෝ  කොළඹ පදිංචි  ඥාති පවුලක නැන්දනිය සහ දියණියන් දෙදෙනෙකු බව රේගුව කියයි.

මාල, වළළු ඇතුළු  නිම නොකළ රන් අබරණ 21 ක් මොවුන් ශරීරයේ තැන් තැන් වල පැළඳ සිටි බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු රන් අභරණ වල බර ග්‍රෑම් හත්සිය අසූ අටකි.

මොවුන් ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 002 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබඳව රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජනක ප්‍රනාන්දු මහතා විසින්  එක් අයෙකුට රුපියල් දස දහස බැගින් රුපියල් තිස් දහසක   දඩ නියම කොට එම රන් අභරණ රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජනක ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී අචල චන්ද්‍රසේකර, පී. අරේවත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ජී.එ.එස් ගුණසේන යන නිලධාරීහු සිදුකළහ.

 

 



අදහස් (0)

නැන්දාගෙත් දූරු දෙන්නාගෙත් ඇඟ පුරා රත්තරන්

චමත් Sunday, 06 April 2014 07:19 PM

ඇයි? අයියෝ! රත්තරන් රාජසන්තක කළහම ලැබෙන දඩය මදිද? (නි)

:       0       0

කුමාරි Sunday, 06 April 2014 07:28 PM

දඩ මුදල පොඩ්ඩක් වුණාට කමක් නැහැ. බඩු රාජසන්තකනේ. අපරාදේ! ඒ හැමදේටම යට කළ සල්ලි කියලා දැන් හිතිලා ඇති. (නි)

:       0       0

සයිමොන් Sunday, 06 April 2014 08:12 PM

නැන්දාත් දුවලත් එකට කරන වෙළඳ සංචාරය අවසන් කළානේ අපේ රේගු නිලධාරීන්... ස්තුතියි රේගු නිලධාරින්ට, ඔවුන්ගේ අවංක සේවය වෙනුවෙන් (නි)

:       0       0

අල්විස් Monday, 07 April 2014 08:18 AM

පහුගිය මාස තුන ඇතුළත මේ මාද්‍ය හරහාම නිම නො කළ රන් භාණ්ඩ අපේ රටින් පිට කරන්ට ගිහිං රේගුවට අහුවෙච්ච බව මං කියෙව්වා. එහෙව් එකේ මේ මනුස්සයෝ මේ විදිහට අහිංසක නොදරුවොත් ඇන්න මෙහෙම ගමන් යන්නේ හිරේ ලගින්ටම හිතානවත්ද? කොහොම උනත් මෙව්වා පිටිපස්සේ කවුරුහරි ජාවාරම් කාරයෙක් දෙන්නෙක් ඇති. උන්ව අල්ලලා කුදලාගෙන ඇවිත් බරපතල දඬුවම් කරන්ට නං ඕනෑ කියලයි මං නං හිතන්නේ. (නදී)

:       0       0

භානු Monday, 07 April 2014 12:09 AM

දැන් ලංකාවේ රත්තරන් පැළඳගෙන යන්න තියෙන අනතුරුදායක තත්ත්වය නිසා, තියෙන සබ්බ සකලමනාවම පැළඳගෙන පිටරට යන්න හිතුවාද ? (නි)

:       0       0

රණා Monday, 07 April 2014 12:37 AM

මෙය රාජසන්තක කීරීමට නීතියක් නොමැති බවයි මම නම් කියන්නේ. (නි)

:       0       0

රණතුංග Sunday, 06 April 2014 06:03 PM

මේ ගහන දඩ මුදල හරිම සොච්ච්මක්නේ.නියම කරන්න ඕනේ දඩ මුදල ගෙවා ගන්න බැරි ගානක්.ඊට පස්සේ මාසයක් දෙකක් ඇතුලට යන්න වුනාට පස්සේ තේරෙයි රත්තරන් හොරෙන් ගෙනියන එකේ රගේ. (ස)

:       0       0

රොෂාන් Monday, 07 April 2014 02:03 AM

මොකද දන්නෙ නැහැ අර සමහරු වගේ පශ්චාත් පැත්ත ප්‍රයෝජනයට නොගෙන ඇඟ පුරා රත්තරන් පැළඳ ගෙනයන්නෙ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site