අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාරාම සංකීර්ණයක් තිබූ බවට සැලකෙන හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරාවිද්‍යා භූමියක නිදන් හාරමින් සිටි බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පුරාවිද්‍යා ස්මාරක වලට හානි වන අයුරින් විශාල වළක් හාරා ඇති බවත් සැකකරුවන් කොබෙයිගනේ, නිකවැරටිය පොල්ගහවෙල ආදී ප්‍රදේශවල පදිංචි කරුවන් බව ද පොලිසයි පවසයි. ඔවුන පැමිණි සුඛෝප භෝගී මොටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් හාරන්න ආ පහක් පොලිසියේ
රන්ජිත් Sunday, 08 December 2013 10:07 PM
සත්‍යයා,හැමවෙලේම පොලිසිය ගැන ඔහොම හිතන්න එපා.අද ලංකාවේ පොලිසියේ නිලධාරීන් කොච්චර අපරාධ අල්ලාගෙන තියෙනවද? ඒ අය කරන හොද දේ පේන්නෙම නැද්ද ඔයාලට? නරක දේවල් විතරමද පෙනෙන්නේ. (නි)
පිටබැද්දර ජයා Sunday, 08 December 2013 11:05 AM
චන්ද්‍රා , ඔක්කොටම කැමතියි කියමුකෝ , ප්‍රශ්නේ තියෙන්නේ බාගේ දෙන්න ඔස්ට්‍රේලියා එන්න වෙන එකනේ ? (නදී)
විදුර Monday, 09 December 2013 05:47 PM
හැමදේටම 'සේනාවට' අඩගහන්නේ ඇයි? ශාසනේට රටට නායකයෝ නැද්ද? පිට ඉඳගෙන මේවා බලනකොට හරි කණගාටු හිතෙනවා රටට වෙන විනාශයට. මිනිස්සු එකතුවෙලා දේශපාලකයන්ට එයාලගේ වගකීම් මතක් කරදෙන්න. ඒවා මගහරින එකේ ආදීනව සංඝයා සියල්ලෝම එකතුවෙලා කියලා දෙන්න ඕනෑ (නි)
රෝයි Saturday, 07 December 2013 06:58 PM
කෝ සේනාව?(දිල්)
සාමා Saturday, 07 December 2013 07:09 PM
හොඳ වැඩේ රජ පව්ලේ අයගෙන් අවසර නොගෙන නිදන් හාරන්න ආවට.(දිල්)
අසෝකා Saturday, 07 December 2013 07:48 PM
හෙට දවස වෙනකොට මේ පොලිසියේ මහත්වරුන්ව කොහෙට මාරු කරලා තියෙයිද දන්නේ නැහැ. අන්තිමට කියයි කා ර් එකේ බොරු අංක තහඩුවක් තිබුනේ කියල.(දිල්)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 07 December 2013 09:08 PM
මේවා පොඩි මිනිස්සු හාරනකොට අල්ලනවා,හමුදා ආරක්ෂාව සහිතව නිදන් හාරන කොට කවුරුත් අල්ලන්නේ නැහැ,නිදන් හැරිම හරිම වැරදියි තමයි .ඕව ලංකාවේ සියලුම දෙනාට අයිති දේවල්.(දිල්)
ආරියසේන Saturday, 07 December 2013 09:38 PM
පළාතේ පොලිටික්කෙක් හෝ බල පුළුවන් කාරයෙක් මේක මෙහෙ යවන්න ඇති.එම තැනැත්තා කොටු කර ගත්ත නම් හොඳයි.(දිල්)
විජේ Saturday, 07 December 2013 09:42 PM
අනේ දෙවියනේ පුරාවස්තු ටික සේරම දැන් ඉවරයි. පොලිසියෙන් අල්ලන්නේ නැතුව කොච්චරනම් මහා පරිමාණයෙන් නිදන් හාරනවද ? අනේ ඔය මිනිස්සුන්ට නම් කවදාවත් හොදක්නම් වෙන්න එපා.(දිල්)
සත්‍යජිත් Sunday, 08 December 2013 02:13 PM
නිධන් හොරුන් විසින් හාරා ඇති වල ඔවුන් පස් දෙනාම පණපිටින් වළලන්න තරම් ගැඹුර ඇත්දැයි සොයා බලන්න. (ස)
සත්‍යජිත් Sunday, 08 December 2013 02:16 PM
නිරංජලා ඔබගේ වදන් ඉතාමත් සංවේදීයි. සත්‍යයෙන් පිරි ප්‍රකාශයක්. එත් විසඳුම කොහිද?. ජනතාවගේ ඇස් ඇරෙන්නේ ව්‍යාසනයේ අවසන් අදියරයේද? (ස)
නිරංජලා. Saturday, 07 December 2013 10:10 PM
දැන් වසර තුන හතරක සිට රටේ දේශප්‍රේමීන් යයි කියා ගන්න පිරිස බහුල වුනා.මොවුන් සිංහ කොඩිය ඉබීන්නටත්,මව් බිම වෙනුවෙන් වහසි බස් දොඩන්නටත් පටන් ගත්ත.මේ නිසා හැම විටම දේශප්‍රේමී,දෙශිතය්ශී,දේශමාමක, යන වචන නිතරම අහනා ලැබුන.මෙය රටේ මතු පිටින් පෙනෙන්න තිබුණු ලක්ෂණයයි.නමුත් හැමෝටම නොපෙනුන ලක්ෂණය නම් මහා පරිමාණ දව ජාවාරම්,ස්වභාවික වනාන්තර එලි පෙහෙළි කර විකිණීම්,මහා පරිමාණ වැලි ගොඩ දැමීම්,පුරා වස්තු මංකොල්ල කෑම,නිධන් හැරීම්,යන දේශය විනාශ කරන ක්රියාවන්ය.ජනතාව ද මේ සියල්ල ඉදිරියේ ගොළුවන්,බිහිරන් සේ හැසිරීම පුදුම සහගතය.(දිල්)
සාහිත Sunday, 08 December 2013 02:30 PM
තොරණේ ඉහළ මාලයේ පළමු පින්තුරයෙන් පෙන්වන්නේ "දවසක මේ වගේ වාහනයක් ගන්න රාජකාරියෙන් බැහැරව හෝ අපටත් වාසනාව ලැබේවා" කියන සිතුවිල්ල. දෙවෙනි මාලයේ ඇති පින්තුරයෙන් පෙන්වන්නේ "කැලෑ ටාසන්" චිත්‍රපටයේ කැලෑ දර්ශන රුප ගත කිරීම ට ගිය නළුවන් පිරිසක්. 3 වන මහලයේ ඇති පින්තුරය නිධන් ගත්තත් නැතත් අවසානයේ උරුම වන බිම් කඩයි. 4 පින්තුරය පෙන්නුම් කරන්නේ වළ වහන්න පස් ගේන්නේ කොහෙන්ද කියන ප්රශ්නය නිරාකරණ කරන්න වෑයම් කරන ආකාරයයි. සාදු..සාදු ! (ස)
දයාපාල Sunday, 08 December 2013 01:05 AM
5 දෙනෙක් ඇවිල්ල තියනවා කිව්වට ෆොටෝ එකේ ඉන්නේ 4 දෙනානේ (අ)
සඳුන් Sunday, 08 December 2013 01:44 AM
නිදන් හාරන්න ඔහොම බෑ. වාහනෙත් සුඛෝපබෝගී මදි. (අ)
සත්‍යයා Sunday, 08 December 2013 03:01 PM
ඔවු දයා, අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල දාපු මිනිස්සු වගේ මේ ගොල්ලොත් පරණ වළක් දිහා බලා ඉන්නවා. අපේ පොලීසියත් හරිම දක්ෂයි නිධාන අරන් ගියාට පස්සේ හාරපු වල පරිස්සම් කරන්න. (ස)
චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 08 December 2013 06:13 AM
නිදන් වදුල නමැති පොත මා ළඟ ඇත. රට ඇතුළේ තාමත් පවතින මෙම නිදන් පිළිබඳ විස්තර හා සිතියම් මෙම පොතේ ඇත. සොයා ගත් වස්තුවෙන් භාගයක් මට අවශ්‍ය අතර දිය යුතු බිල්ල ඔබ විය යුතුය. (නි)
අමිල කටුනායක Sunday, 08 December 2013 07:18 AM
පොලීසිය එනතුරු මේ අය නිදාගෙන ඉදලද ? (ස)
නිශ්ශංක Sunday, 08 December 2013 07:50 AM
දයාපාල 5 දෙනෙක් ඇවිල්ලා උඩම ෆොටෝ එකේ ඉන්නේ.(නදී)
එඩී දයාරත්න -ඕස්ට්‍රේලියාව Sunday, 08 December 2013 08:58 AM
මේක බොරුවක් ද? බලන්න වලේ වල් බිහි වෙලා.(නදී)
දයා අලහාකෝන් Sunday, 08 December 2013 09:26 AM
මේක පරණ වලක් නේද? (නදී)