IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිධන් ගන්න තව ගෙයක් හාරලා

අනුරාධපුරයේ පණ්ඩුකාභයපුර නිවසක නිධානයක් ගැනීමට ගේ ඇතුළේ අඩි 12ක වළක් කපා අඩි තුන හමාරක දෝනාවක බැස සිටිය දී පොලිසිය වැටලීමක් කළේය.

55 හැවිරිදි වැන්දඹුවක ද, 52 හැවිරිදි පිරිමියෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ඔවුන් පොලිසියට පවසා ඇත්තේ වැන්දඹුවගේ මිය ගිය සැමියා ගෙයි ඇති බව හීනෙන් කී බවයි.

 



අදහස් (0)

නිධන් ගන්න තව ගෙයක් හාරලා

බන්දුල පෙරේරා Thursday, 08 May 2014 06:25 PM

රූපවති නංගියව මතක් උනා..එයත් වලක් හැරුව කලකට ඉහත...ඒකට මොකද දන්නේ නැහැ උනේ.(නදී)

:       0       0

පසිදු Friday, 09 May 2014 05:17 AM

අනේ අපේ මිනිස්සු! (නි)

:       0       0

පුබුදු Friday, 09 May 2014 05:18 AM

මේවා දකිනකොට හිතෙන්නේ ලෝක විනාශය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවෙන් කියලා (නි)

:       0       0

ජනක Friday, 09 May 2014 02:25 PM

තමන්ගේ නිවස ඇතුලේ හෝ වත්තේ වලවල් හාරන්න ඇති තහනම මොකක්ද?එයට නීතියෙන් අවසර ගතයතුද? කවුරු හෝ මෙහි නීතිමය පැත්ත පහදන්න. (නදී)

:       0       0

චාමර Thursday, 08 May 2014 07:13 PM

අනුරාධපුරේ මෝඩ මිනිස්සුන්ව ගොනාට අන්දන කට්ටඩියෙක් ඉන්න බව නම් තේරෙනවා. (නි)

:       0       0

ගන්දර සයිමොන් Thursday, 08 May 2014 08:41 PM

ඔය හාරන තරමට නිදන් සමුවෙනවාද ? ඔය නිදන් කතා සත්‍යක්ද ? නිදන් හාරා පොහොසත් උන අය ලංකාවේ සිටිනවද ? මේවා මනක්කල්පිතද ? අපිව දැනුවත් කරන්න ලංකාදීපය මගින් (නදී)

:       0       0

සුභා Thursday, 08 May 2014 08:42 PM

අනිත් අයට හාරන්න හොඳ නම් ඇයි තමන්ගේ ගෙදර බැරි ? (නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Thursday, 08 May 2014 08:43 PM

හෙට අනිද්දා වන විට ගෙදරක වැසිකිළි වළක් හාරන්නට වුණත් අවසර ගන්නට කාලයක් එනවා.මෙම හාරන සැටියට සහ අල්ලන සැටියට (නි)

:       0       0

මනෝජ්-සාජා Thursday, 08 May 2014 08:48 PM

පොලිසියට වැරදිලා. මේ නිධානයක් හොයල නෙවෙයිනේ .''වැන්දඹුවගේ මියගිය සැමියා ගෙයි ඇති බව හීනෙන් කි බවයි .''වැන්දඹුවගේ මියගිය සැමියා හොයලා තියෙන්නේ.(නදී)

:       0       0

අරෝෂ් Thursday, 08 May 2014 09:29 PM

ඉතින් තමන්ගේම ගෙයනේ... (නි)

:       0       0

සෑම් Friday, 09 May 2014 12:00 PM

ඉස්සර ගෙවල් හදන කොට අත්තිවාරමට සහ මුදුන් යටලී යට නොයෙක් දේවල් අඩංගු මුට්ටි තැන්පත් කරන සිරිතක් තිබුණා. මට තනියම සොල්දරයට ගිහින් වහලේ මුදුන් යටලීයට නැග ගන්න පුළුවන් වුණ පළමු දවසෙම මම ඒ නිධානය සහිත මුට්ටිය අර ගත්තා.ඒකේ ගෙව්ඩ වගේ මැණික් සහ තඹ තහඩුවක ඇඳපු චිත්‍රයක් තිබුණා මට මතකයි. (ස)

:       0       0

සත්‍යයා Thursday, 08 May 2014 10:04 PM

ඉදිරි කාලයේදී අනුරාධපුරයේ ඉඩම් මැණික් පතල් ඉඩම් ගානට ගණන් යනවා. අපේ පැරණි රජවරු ද්‍රවිඩ ආක්‍රමණ නිසා නගරය අත්හැර යනවිට තමන් සතු බොහෝ වටිනා දේවල් පොළව යට සඟවා තබන්න ඇති. මේක දැනගත් මිනිස්සු මේ නගරයේ ඉඩකඩම් අරගෙන තමන්ගේ වත්ත කියා දිගට හරහට හාරයිද දන්නෙ නැහැ. මේවා රැකදෙන්න දෙවිවරුත් දැන් නැහැ. (නි)

:       0       0

කුසුම් Thursday, 08 May 2014 10:10 PM

තමන්ගේ ගේ ඇතුලේ වළක් හාරන එක නීතිවිරෝධීද කියන එක මම නම් දන්නේ නැහැ. නමුත්, තමුන්ගේ වත්තේ වළක් හාරලා පොළව යට තියන නිධානයක් ගත්තම මොකද වෙන්නේ? ඒක නීතිවිරෝධී නම්, මැණික් ගරන එකත් නීතිවිරෝධී වෙන්න ඕනෑනේ. (නි)

:       0       0

ගන්දර සයිමොන් Friday, 09 May 2014 01:31 PM

සත්‍යයාගේ කතාව අනුව අනුරාධපුරයේ ඉඩම් ඉහල යනවා වගේ. යාපනය වන්නි ප්‍රදේශ වලත් මිනිස්සු යුද්ධය නිසා හිටපු පළාත අත්හැර යනවිට තම වටිනා රන් රිදී මුදල් බැඳ වළලා දමා ගොස් තිබෙනවා. එහෙත් ඉඩම් මිල ඉහල යාවි මේවා දැන ගත්තොත් නේද?? (ස)

:       0       0

සිල්වා Thursday, 08 May 2014 06:09 PM

ඉතින් තමන්ගේ ගෙදර තමන්ට හාරන්න බැරිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 257 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1053 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site