
(දයාරත්න ඇඹෝගම)
කරඩික්කුලම වැව අසල පහිටි ගල්පොත්ත ආසන්නයේදි නිධානයකින් ගොඩගත් බවට කියන පාෂාණ කිහිපයක් සමඟ කපුවෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරැදු 23ත් 53ත් අතර වියේ පසුවන හාරිස්පත්තුව,ගලගෙදර,මිහින්තලය හා පොලොන්නරැව ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පස් දෙනෙකි.
මිහින්තලේ පොලිස් වසමේ මරදන්කල්ල ,කරඩික්කුලම වැව අසල පිහිටි ගල්තලාවේ කොටසක් හාරා පසුගිය 25 වන දින පිරිසක් නිධානයක් ගොඩගත් බවත් එම පිරිස ඊයේ (27)දින එම ස්ථානයේ වස් ඇරීම සදහා කපු මහතා සමග රැදි සිටින බවට ලද තොරතුරක් මත අනුරාධපුර මුලස්ථාන පොලිසියේ කොට්ඨාශ අපරාධ අංශයේ නිලධාරින් විසින් කපුවා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදි එම නිධානයෙන් ගොඩ ගත් බවට සැකකෙරෙන නිල්පැහැති පාෂාණ 12 ක් හා සුදුපාට රෙදි කැබැල්ලක ඔතන ලද වැලි පාර්සලයක් ද මැටි පහන් 04 ,අගල් 06 ක් පලල අගල් 08 ක් උස බුද්ධ රූපයක් ,දෙහි ගෙඩි 05ක්ද පොලිස් නිලධාරින් විසින් සිය බාරයට ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධන් ගන්න ගිය 5ක් අත්අඩංගුවට
කපුවා Friday, 28 February 2025 12:18 PM
ඔය දෙහිගෙඩි නම් නිධානේ තියෙන්න විදියක් නෑ. දෙහි නිධන් කරනවා කියලා අහලා නම් නෑ. දැන් පොලිසියේදී හෝ උසාවියේදී වස් අරියි... ඇත්තටම නිධන් කියලා නිධන් වස්තු තියෙනවාද? කොහොමද මේ අය ඒවා තියෙන තැන් දන්නේ...?