IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිදහස සභාවෙන් අලුත් සන්ධානයක්

(සුජිත් හේවාජුලිගේ)

අසංවේදී අන්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට  විපක්ෂයේ පළල්ම දේශපාලන සන්ධානය ගොඩනැගීම සඳහා  සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය පක්ෂ ඇතුළු විපක්ෂයේ ලොකු කුඩා සියලු දේශපාලන පක්ෂ සමඟ ළගදීම  සාකච්ඡා කරන බව නිදහස් ජනතා සභාවේ  නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කඹුරුපිටියේ පැවති ජන හමුවකදීය.

ඩලස් අලහප්පෙරුම මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

මේ අසංවේදී අත්තනෝමතික වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පරාජය කිරීමට  නම් විපක්ෂයේ පළල්ම දේශපාලන පෙරමුණ හෝ සන්ධානය ගොඩ නැගිය යුතුයි. එහි ආරම්භයක් විදියට අප නිදහස ජනතා සභාව විපක්ෂයේ ප්‍රධාන ධාරාවන්වන සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය  මෙන්ම  අනෙකුත්  සියලුම ලොකු කුඩා විපක්ෂ  බලවේග සියලු දෙනා  එක්ක කතා කරන්න සූදානම්.

පාලමේ  සමරුපලකය ගහනවට වඩා, පාලමෙන් එතෙරවීමට පොර කෑමට වඩා, පාලම ඉදිකිරිමට නායකත්වයදීම නිදහස සභාවේ කැපවීමයි. මේ සඳහා කාටත් එකඟ විය හැකි පොදු වැඩපිළිවෙළක්  නිර්මාණය කරගත යුතුයි. පුද්ගලයොත් එක්ක නොවෙයි. පක්ෂත් එක්ක නොවෙයි.  අපි වැඩපිළිවෙළක් එක්ක එකතු වෙමු .මේකයි, මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට කරන්න පුළුවන් ඉහළම සාධාරණය.



අදහස් (11)

නිදහස සභාවෙන් අලුත් සන්ධානයක්

රනුල් Monday, 12 June 2023 02:18 PM

ඔබතුමා "නෝ ඇක්ශන් ටෝක් ඔන්ලි" පුද්ගලයෙක් නිසා ඔවැනි කතාවලට දැන් අපට හිනා යනවා පමණයි...

:       1       28

prasanna Monday, 12 June 2023 02:19 PM

මහින්දගේ බලුකුක්කන් ටිකට ආපහු රටේ ජනතාවගේ ඡන්ද ලැබෙන්නේ නැහැ... මොන පක්ෂ හදාගෙන ආවත්...

:       3       23

THUSITHA WIJATHUNGA Monday, 12 June 2023 02:48 PM

ඔබතුමා බලාපොරොත්තු වුණු දේවල් ලැබුණේ නැති නිසා, බොරුවට දඟලනවා. බලය තිබුණු කාලේදී නොකරපු දේවල්... දැන් කවදා කරන්නද? ඔබතුමාත් ගෙදර ගිහින් විවේකි සුවෙන් හිටියොත් නරකද දැන්..?

:       1       20

KULE Monday, 12 June 2023 02:55 PM

අවුරුදු ගාණක් හිටපු තැන වර්චස් වෙනකන් ඉඳලා දැන් අහිමි වුණු බලය ඒ වසර 72 හොරුත් සමග ආයෙත් සන්ධාන වෙලා අපිටම නාස්ලණුව දාන්න එන්නද හදන්නේ? ඇවිල්ලා බලමුකෝ...! 

:       1       15

alahakon Monday, 12 June 2023 02:57 PM

අනේ මේ අප්පුහාමි ඔහෙත් 1994 ඉඳලා පාර්ලිමේන්තුවේ හිටියා නේද? කරපු මගුලක් තියෙනවාද කියන්න? 18, 19 වගේම 20ටත් අත ඉස්සුවා නේද? මට හොඳට මතකයි ඔහේ වරක් කියනවා "අනාගතයට ඉව අල්ලන පත්තර කාරයෙක් හැටියට ඔහෙට නාමල් ගැන ලොකු ආඩම්බරයක් තියෙන බව" තව මොන බයිලාද උන්නැහේ මේ කියවන්නේ? කොහොමත් ලබන පාර බඩු පැක් කරගෙන ආපහු හිටපු ඇමරිකාවටම යන්න පුළුවන් වේවි... මොකද ඔහෙලාගෙන් බහුතරයක් ඡන්දෙදී ගෙදර තියන එක ඉර හඳ වගේ ස්ථිරයි...

:       0       20

සල්ලි Monday, 12 June 2023 03:16 PM

මිනිස්සුන්ට කන්න නෑ. ගමනක් යන්න සල්ලි නෑ. ලෙඩකට බේතක් ගන්න සල්ලි නෑ. එහෙවු රටේ මේකලාට තියෙන්නේ අමුතුම ප්‍රශ්න. ඩලස් ඔබ අපේ බදුසල්ලි වලින් පඩි ගන්න කෙනෙක් නේද? පොඩ්ඩක් බිමට බැහැලා බලන්න.

:       0       16

swene Monday, 12 June 2023 03:34 PM

ඔයාගේ ආයතනයේ ඉන්න විමල්ල වගේ අය එක්ක මොන සන්ධානද? ළඟින් ඉන්න ජීර්ණ වෙච්චි අය ඉවත් කරලා දාන්න...

:       1       10

ROY CHINTAKE AMARATUNGA Monday, 12 June 2023 04:18 PM

මෙයා කවුද?

:       0       2

උපුල් Monday, 12 June 2023 05:10 PM

ඔබගේ අදහස කාලෝචිතයි. විපක්ෂය බෙදී ඉන්න තාක්කල් රාජපක්ෂලාගේ වැඩපිළිවෙල රනිල් කරදරයක් නැතිව ඉදිරියට ගෙනියනවා. මේ වෙලාවේ ජාතියක් හැටියට මේ ව්‍යවසනයෙන් රට ගලවා ගන්න JVP එක සුපුරුදු කල්ලි වාදය ඉදිරියට ගෙනයන බොරු ටිකක් කියලා මාරු නොවෙයි කියලා හිතනවා..

:       3       2

HELAYA Monday, 12 June 2023 05:34 PM

බෝතලේ මාරුවුණාට, ඇතුලේ තියෙන්නේ පරණ කසිප්පු... ඔය පක්ෂවල ඉන්න සුද්දවන්තයෝ ගැන රටම දන්නවා.

:       0       7

Bamunuarachchi Monday, 12 June 2023 10:06 PM

අන්තිමට නවතින්නේ පොහොට්ටුව සමග සන්දාන ගතවෙලා. මහින්දට තිබෙන පවෘෂත්වය ඔහෙලා කාටවත් නැහැ හලෝ. මහින්ද එක්ක තිබ්බාම අනුරලා සජියල මොක්කුද කියලා හිතෙනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 537 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site