IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


'නිදහස් පක්ෂය පරාද වුනේ කොන්ත‍්‍රාත් වලට වැඩකරපු පිරිසක් හිටපු නිසා'

විවිධ පාර්ශව වල කොන්ත‍්‍රාත් අනුව කටයුතු කළ පුද්ගලයින් පිරිසක් නිසා ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවුවද මෙවර නව සභාපති මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වය යටතේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණයේ මාවතට පිවිස සිටින බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයටද හේතුවූයේ මෙම පුද්ගලයින් පිරිස බව කියා සිටි ධීවර අමාත්‍යවරයා ව්‍යාජ ජාත්‍යාලයක් මවා පැවූ මොවුන් ජනතාව නොමග යැවූ බවට චෝදනා කළේය.

ජනාධිපතිවරණයෙන් පසු පසුගිය මැතිවරණ සමයේ යළිත් කලඑලි බැසූ මොවුන්ගේ කි‍්‍රයාකලාපය නිසා නැවත වරක් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට පරාජයම අත්වූ බවද හෙතෙම පැවසීය.

වීරයින් සේ කෑගැසුවද රහස් සබඳතා පවත්වාගනිමින් මෙම පිරිස ගනුදෙනු කරන ආකාරය ගැනද හොඳීන් දන්නා බව ඔහු කීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නිදහස් පක්ෂය දෙවැනි තැනට දමන්නට දැඟලූ වීරයෙක්ද පසුගිය දිනවල මාධ්‍ය වලින් දැකගත හැකිවූ බව කියා සිටි අමරවීර මහතා ඔහුගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගිය ආකාරයද අපූරුවට දැකගත හැකිවුනු බවද පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට ජය සහතික බවද හිටපු ජනපති රාජපක්ෂ මහතාද පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් දිනවීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස බවද ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (0)

'නිදහස් පක්ෂය පරාද වුනේ කොන්ත‍්‍රාත් වලට වැඩකරපු පිරිසක් හිටපු නිසා'

රුවන් Saturday, 05 December 2015 05:24 PM

සමහරු නම් හීන දකිනවද මන්දා? (නි)

:       0       0

රුවන් Saturday, 05 December 2015 05:39 PM

පක්ෂය පැරදුනේ සහ අදත් පරදින්නේ මොන වගේ උදවිය ඒකට රිංගලා ඉන්න නිසාද කියලා හැමෝම දන්නවා. (නි)

:       0       0

නිලමේ Saturday, 05 December 2015 11:05 PM

මට කියන්න තිබෙන්නේ විදුරු ගෙවල් වල සිට ගල් ගහන්න එපා කියලයි (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 05 December 2015 11:59 PM

මහින්ද මහතා පරාජය වුණේ අපේ මෝඩකම හින්දා. දැන් තේරෙනවා අපි කළ මෝඩකමේ මහත, හිර ගෙවල්වල කොටි නිදහස් වෙනකොට. (නි)

:       0       0

අජිත් Sunday, 06 December 2015 12:22 AM

හොඳයි බලමුකෝ (නි)

:       0       0

ගුණවර්ධන Sunday, 06 December 2015 12:56 AM

අනුන්ගේ දේවල් හොයලා දැන් වැඩක් නැහැනේ (නි)

:       0       0

සමන්ත Sunday, 06 December 2015 01:21 AM

මහින්ද වටේ හිටපු අනාථයන් මහින්දව උඩ තියලා අන්තිමේදී එයාලා පාර්ලිමේන්තු ගිය එකයි වුණේ (නි)

:       0       0

රකිත් Sunday, 06 December 2015 01:40 AM

අනේ අපි නොදන්නවායැ (නි)

:       0       0

සේන Sunday, 06 December 2015 02:18 AM

රටට ජාතියට ආදරයක්, ගෞරවයක්,කැක්කුමක් සහ හැඟීමක් නැති දේශපාලකයන් සිටින තුරාවට මේ රට ගොඩගන්නවා බොරු. (නි)

:       0       0

මුණසිංහ Sunday, 06 December 2015 02:33 AM

ඔය කතාකරන අයට ඊළඟ ඡන්දෙදි මොනවා වෙයිද? (නි)

:       0       0

නිමල් ලාලිත Sunday, 06 December 2015 02:48 AM

ඇමතිතුමා ශ්‍රී ල. නි.පයට ඉතාමත් ආදරේ කරන කෙනෙක් බව පෙනෙනවා. (නි)

:       0       0

ඇසළ Sunday, 06 December 2015 03:33 AM

තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ කබ ගුලි හොයන්න එපා. (නි)

:       0       0

සුනන්ද Sunday, 06 December 2015 04:21 AM

පාක්ෂිකයා පාවාදීලා කුමන්ත්‍රණය කරන්නේ කවුද කියලා මිනිස්සු හොඳට දන්නවා (නි)

:       0       0

රොහාන් Sunday, 06 December 2015 05:26 AM

ඔව් ඒ කතාවත් ඇත්ත තමයි.(හේ)

:       0       0

චන්දන Sunday, 06 December 2015 05:53 AM

ඔබතුමාට දෙවියන්ගේම පිහිටයි..(හේ)

:       0       0

ප්‍රසන්න Sunday, 06 December 2015 06:09 AM

මෙවර තමයි සුපිරි පරාජය අත්විදින්නේ.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 December 2015 02:13 PM

අද සමහරු තමන්ගේ පක්ෂයට ද්‍රෝහිවෙලා ඒක පරාජය කරන්න ජන්ම සතුරන් හා එක්වෙලා ඒ දේ සිදුකළා මදිවට පක්ෂය සතුව තිබු රාජ්‍ය බලයත් විරුද්ධ පක්ෂයට අමු අමුවේ පාවාදීලා (නි)

:       0       0

වර්ණන් Saturday, 05 December 2015 02:43 PM

අපිට පක්ෂ වලින් වැඩක් නැත. පක්ෂය නමක් පමණි. අවශ්‍යවනුයේ හොඳ මිනිසුන් මිස පක්ෂයක් නොවේ. පක්ෂ දෙකේම හොරුන්, පගාකාරයින් සිටී. ඔවුන් ඉවත්කරන්න. (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 05 December 2015 03:12 PM

කාගේ කාගේත් කෙරුවාව නිසා විඳවන්නෙත්,පැරදුනෙත් සිංහලයා සහ සිංහල අයිතියයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Saturday, 05 December 2015 03:37 PM

නිකන් විකාර කතා කියන්න එපා අපිට (නි)

:       0       0

මිහිඳු Saturday, 05 December 2015 03:50 PM

කතාව නම් ඈත්ත. කොන්ත්‍රාත්තුව කළ අයට දැන් ගතමනාවකුත් ලැබිලා ඇතිනෙ. ඊළඟ කොන්ත්‍රාත් එකටත් දැන් ඉඳලම සූදානම් වෙනවා ඇති (නි)

:       0       0

දිල්ශාන් Sunday, 06 December 2015 02:25 PM

අපිට පක්ෂ වලින් වැඩක් නැත. පක්ෂය නමක් පමණි. අවශ්‍යවනුයේ හොඳ මිනිසුන් මිස පක්ෂයක් නොවේ. පක්ෂ දෙකේම හොරුන්, පගාකාරයින් සිටී.-- හරියට හරි. නමුත් හොඳ මිනිසුන් ඇතිවෙන්න නම් මන්ත්‍රී වරප්‍රසාද අඩු කල යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site