(අංජුල මහික වීරරත්න)
75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සඳහා රජය වැය කළ මුළු මුදල රුපියල් 11,130,011 ශත 29ක් බව ජනාධිපති කාර්යාලය පවසයි.
මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට රජය වැය කර ඇත්තේ මීට පෙර නිදහස් දින සැමරුම් රාජ්‍ය උත්සව සදහා වැය කළ මුදලට වඩා ඉතාම අඩු මුදලක් බව පවසන ජනාධිපති කාර්යාලය රට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී ඉන් ගොඩ එමින් පවතින මොහොතක මෙවන් රාජ්‍ය උත්සවයක් පැවැත්වීම යනු අර්බුදය විසින් බිඳ දැමුණු ශ්‍රී ලංකා අභිමානය යළි අත්පත් කරගන්නට ඇති සූදානම පිළිබඳ ලෝකය හමුවේ පනිවිඩයක් තැබීමක් බවද සඳහන් කරයි.
රජය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8ක් නිදහස් උත්සවයට වැය කර ඇති බවට පළවන පුවත් ද මුළුමනින්ම සාවද්‍ය බවද නිදහස් උත්සවය සඳහා වන මුලික වියදමක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඇස්තමේන්තු ගතකර තිබුණ ද එම කිසිදු මුදලක් වැය කර නැතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නිදහසට වැය කළ ගණන් හිලවු එළියට
Hafeel Tuesday, 07 February 2023 01:48 PM
අද මෙහම කිව්වට, තව අවුරුදු හතරෙන් පසු කෝප් කමිටුවට ආවුත් හැලි වේවි මෙම වියදම දස ගුණයකින් වෙඩි කියල. මෙහම තමයි රටේ ඉතිහාසය ලියල තියන්නේ.
ABTuesday, 07 February 2023 07:28 PM
75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය සුවිශේෂී අවස්ථාවකි. නිදහසින් පසු සෑම නිදහස් උත්සවයක්ම පවත්වා ඇත. මෙවර නිදහස් උත්සවය සහ නිදහස් උත්සවය සමගාමිව පැවති ලංකාර ලංකා සංස්කෘතික වැඩසටහන සම්ප්‍රදායික කළාව විවිධ අංගයන්ගෙන් සමන්විත වෙනස් කෝණයකින් සහ සාමාන්‍ය නිර්මාණයන්ගෙන් ඔබ්බට ගොස් උඩරට පහතරට සිංහල , හින්දු නර්තන නියෝජනයක් සහිතව නව නිර්මාණයක් තුලින් දේශපාලන සමාජය පිළිබද සියුම් විවේචනයක් සහ පණිවුඩයක්ද ලබා දුනි. විශාල පිරිසකගේ දායකත්වය සහ කැපවීම මත ඉදිරිපත්කල මෙම ලංකාර ලංකා සංස්කෘතික වැඩසටහන සහබගිවී සිටි විදේශීය දූත පිරිස් උනන්දුවෙන් නරඹනවා දක්නට ලැබිණි. ලංකාර ලංකා සංස්කෘතික වැඩසටහනේ කාලය මනාලෙස කළමනාකරණය තිබීමද විශේසත්වයකි.
ranjith Tuesday, 07 February 2023 02:12 PM
කෙහෙල් මල් අභිමානයක් ඔය මුදලෙන් දරුපවුලකට කිරි පිටි පැකට් එක ගානේ දුන්නා නම් ඔයිට වඩා අභිමානයක් නැතිද
WikramWednesday, 08 February 2023 09:52 AM
අපේ රටේ නිදහස් සැමරුම අනිවාර්යෙන් තියෙන්න ඕන. හැම හිඟන්නන්ට කන්නයි ගෙවල් හදන්නයි කියන උන් තමයි ගෙදරට එන හිඟන්නට ගඩොල් බාගෙන් ගහල එලවන්නේ. වෙන්න ඕන ලංකාව අපනයන ආර්ථිකයක් හදාගෙන ආනයන අඩු කර ගන්න එක. නැතුව තමන්ගෙ රටේ ඉස්සර මිනිස්සු අපිට අරන් දුන්න නිදහස පාච්චල් කරන එක වත් සුද්දා ආපහු ඇවිත් රට අල්ලගෙන මෝඩ සිංහල හැත්තට ආධාර දෙනකන් උඩ බලන් ඉන්න එකත් නෙමෙයි.
KailasaWednesday, 08 February 2023 09:56 AM
ඉතින් ඔයා ඔය ජෙප්පොත් එක්ක එකතු වෙලා අභිමානෙන් කිරිපැකට් එක ගානෙ අරන් දියන්කො. ඔය ඕන තරන් සහෝදරවරු කැට හොලවල හිඟා කාපුවගෙන් ලොක්කොන්ගෙ දරුවො පිට රටවල උගන්නන්න යවනවට වඩා ඒක පොඩ්ඩක් හරි අභිමානවත් නේ.
මහසෙන් Tuesday, 07 February 2023 02:16 PM
ශත 29 කුත් එකතු උනේ කොහොමද දන්නෑ..
Dasa PTuesday, 07 February 2023 06:59 PM
69 ක් එකතු කරන්න බැරි හින්දා 29 ක් එකතු කළා.මීට රනිල්
Praba Tuesday, 07 February 2023 02:29 PM
කෆීර් යානා ඇතුළු වාහන තෙල් වියදම් ඇතුළත් ද
sharm warn Tuesday, 07 February 2023 02:39 PM
අර ජංගම වැසිකිලි පද්ධතියට විතරක් ගෙවපු ගැන කියන්නකෝ බලන්න .ජාතික ගීයට මිලියන් 1 2/1 යි
athuraTuesday, 07 February 2023 02:55 PM
ඔයා කියන්නෙත් ජෙප්පන්ගේ ගන්නන් හැදිල්ලම තමයි.
sharm warnTuesday, 07 February 2023 04:04 PM
මෙච්චර නැත්තට නැතිවෙල ඉන්නකොට කරපු මෙ මුදල් නාස්තිය සාධාරනීකරනය කරන්න ඔයා කතා කරන්ව නම් ඔයත් ගොබ්බ බයියෙක් ..උපන්ගෙයි වහලෙක්.. අපි දුක් විදල මුදල් උපයලා බදු ගෙවන මිනිස්සු නිසා අපි මෙ කාලකන්නි අපරාධ වලට විරුදුධව කතා කරනවා. තමයි.. ඇයි අවුල් ද?
සෙනෙවිරත්න Tuesday, 07 February 2023 05:45 PM
ජෙප්පො බොරුද කියල තියෙන්නෙ? මේ යුධ හමුදාව කරපු වියදම් හැර විය යුතුයි. රියසල් කරපුවට තෙල් හමුදාව මිස ඔය ගනන් වලට ඇතුලත් විය නොහැකියි. මොකද එහෙම ගනන් බැලිල්ලක් මේ ඉක්මනට දිම සැක සහිතයි.
ගමේ එකාලා Tuesday, 07 February 2023 04:38 PM
දුශිත දේසපාලුවෝ රටම හොරාකාලා විනාශ කෙරුවා .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා හමාරයි .අපේ රට හින්ගාකන ජාතියක් බවට පත් කෙරුවා. ජනතාවට එදාවේල වත් හරියට කන්ඩ බැරි තත්ත්වයක් තියෙන්නේ .එහෙව් රටේ .කොහේ තියෙන අභිමානයක් ද?
Aravinda Monarawila Tuesday, 07 February 2023 04:45 PM
ඇත්ත ගණන ඔයිට වැඩිය වෙන්න ඕන ,ඒක දැනගන්න පුළුවන් වියදම් කල මුදල් වල සම්පූර්ණ විස්තරයක් රටට දුන්නා නම්
ashok Tuesday, 07 February 2023 04:54 PM
6000 කට අධික හමුදා පොලිස් නිලධාරීන්ට පෙරහුරුව සහ එම දිනේදී වැටුප් සහ අමතර දීමනා ඇතුලත්ද ?
ajith Tuesday, 07 February 2023 05:03 PM
අපිට නැති අභිමානය නැවත ලබා ගැනීම සඳහා උත්සව තියන රටක්!
dhamneth Tuesday, 07 February 2023 06:30 PM
සමහරු ප්‍රශ්න කරන්නේ බොරු සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන්නට විරුද්ධව නඩු පවරන්නේ නැත්තේ මොකද කියා
Jayampathi Tuesday, 07 February 2023 06:33 PM
ලක්ෂ 111 කින් මෙච්චර දෙයක් කරන්න පුළුවන් ද? සතියක් පුරා පුහුණුවීම් කල දහස් ගණනක පිරිසක් සදහා කැම බීම නවාතැන් ප්‍රවාහන හා දීමනා,. පුහුණුවීම් කල ගුවන් යානා සදහා ඉන්ධන නැව් හා සන්නද්ධ රථ පෙළපාළි හා අනෙකුත් සියලුම වාහන සදහා නඩත්තු හා ඉන්ධන. පැමිණි අමුත්තන් සදහා ගුවන් තොටුපලෙ ඉදන් යනකම් පරිවාර රථ හා ආරක්ෂාව සමගින් නිදහස් දිනයේදී සියළුම වියදම්. සියල්ලටම වියදම ලක්ෂ 111 පමනයි .අදහා ගන්නට නොහැකිය... (11,130,011)
නිදහස Tuesday, 07 February 2023 09:00 PM
නිදහසට නොවෙයි නිදහසේ වැයකල ගණන් හිලව් කියලා ලිව්වනම් ලොකු වටිනාකමක් ඇතිවෙනවා නේද
Demuni de Silva Wednesday, 08 February 2023 02:26 AM
අනපේක්ෂිත වියදම් ගැන කුමක් කිව හැකිද?
මිස්ටර් ක්ලීන් Wednesday, 08 February 2023 07:34 AM
මූට ඊළඟ නිදහස් දිනේ වෙනකං ඉන්න වෙන්නෑ... හිටියත් ජනාධිපති පට්ටම් නෑ.. ඉතින් රටට සතේ නැතත් මූ මේ නිදහස් පාටිය දානවා... ඒක උගේ හීනයක්... එහෙම නැතුව රටට ලැබෙන බම්බු අභිමනයක් නෑ...
අනුරුද්ධ .සවුදි අරාබිය Wednesday, 08 February 2023 09:08 AM
අපිට කොහෙන්ද අභිමානයක්. අනුන්ගෙන් ගිගාකන, අනුන්ගෙන් යැපෙන අපිට කොහෙන්ද අභිමානයක් . කතා දෙකක් නැ ඔය නිදහස් උත්සවය අස්සෙනුත් හොරා කන්න ඇති. එහෙම නොවුනානම් තමයි පුදුමේ.
chandima Wednesday, 08 February 2023 09:13 AM
මේ උත්සව පවත්වන්න නිදහස ලැබුනේ කාටද. ජනතාවට නම් ඉන්න වෙලා තියෙන්නේ සුද්දා යටතේ උන්නටත් අන්ත විදියට.
සුනිල් Wednesday, 08 February 2023 10:19 AM
මරු අභිමානේ සිංහ කොඩි ගෙන්නන්නෙත් චීනෙන්. ඉහල යන බඩු මිල නොදැනෙන, ගහේ හැදෙන කොස් ගෙඩි තම්බන් කාලා ජීවත් වෙන මෝඩ වහල් බයියන්ට ඔටෝ චූන් වෙන්න හොඳයි ඉතින්.
සුරලොව ඇල්මන් Wednesday, 08 February 2023 11:10 AM
ලංකාවේ මිනිස්සු ශාක්ෂරතාව අතින් ඉහලින්ම ඉන්නවා කිව්වාට යමක් කමක් හරියට තේරුම් බේරුම් කර ගැනීමට නොහැකි පොතේ හැටියට පමණක් බුද්ධිමත් කියලා හිතන්නේ රොබෝවරු වගේ අදහස් ඉදිරිපත් කරන නිසා කියලා තමයි කියන්න වෙන්නේ.. කිසිම කෙනෙක් තමා එල්ලිලා සිටින පක්ෂය ගැන ඒවායේ පුද්ගලයින් ගැන මිස වෙනත් කිසිම හැඟීමක් තියෙනවා කියලා හිතන්න අමාරුයි.