IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නෙදර්ලන්ත ජාතිකයා ලෝකාන්තයේදි යළි උපදී

ඉකුත් 10 වැනිදා විවාහ දිවියට පිවිස මධුසමය ගත කිරීමට සිය බිරිය සමග ශ්‍රී ලංකාවට පැමිණි නෙදර්ලන්ත ජාතික තරුණයකු ලෝකාන්තයෙන් පහළට වැටී සිටිය දී යුද හමුදාව සහ පොලිසිය එක්ව බේරාගත්තේය. අද පෙරවරු 9.00ට පමණ ලෝකාන්තයට ආ යුවළ  ඡායාරූපයක් ගැනීමට සූදානම් වෙද්දි   මතිනාස් (35) නම් නෙදර්ලන්ත ජාතික තරුණයාගේ පය ලිස්සා  ලෝකාන්තයෙන් පහළට වැටී ඇත. එසේ ඇද වැටුණු තරුණයා මීටර් 25ක් පමණ පහළ ගසක එල්ලී සිටි උදව් ඉල්ලා කෑගසා ඇති අතර එම ස්ථානයට ආ ශ්‍රි ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් සුදේශ් ලලින්ද මහතා අධික බෑවුම් සහිත ලෝකාන්තයට කඹයක ආධාරයෙන් බැස පැය තුනකට ආසන්න කාලයක් දැඩි පරිශ්‍රමයක් දරා එම තරුණයා බේරා ගත්තේය. මේ සඳහා ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ නුවරඑලිය අනුඛණ්ඩයේ, නානුඔය පොලිසියේ වනජීවි නිලධාරීන්ගේ, ගුවන් හමුදාවේ, ලෝකාන්තය නැරඹීමට ආ බොහෝ දෙනාගේ සහ පට්ටිපොල ගම්වාසීන්ගේ ද සහාය ලැබිණි. මෙම මෙහෙයුම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ද යොදා ගනු ලැබිණි. නුවරඑළිය මහ රෝහලේ  ප‍්‍රවීන් තරංග හා ජනිත් යන වෛද්‍යවරු ගිලන් රථයක් රැගෙන හෝර්ටන් නැන්නට ගොස් අවශ්‍ය ප්‍රතිකාර කිරීම් සඳහා සූදානම් සිටියහ. බේරාගත් නෙදර්ලනිත් ජාතිකයා නුවරඑළිය රෝහලට රැගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.

මෙම අනතුරට ලක්වු තැනැත්තා චීන ජාතිකයකු වශෙයෙන් මුලින් සටහන් වී තිබිණි.

ඡායා - ෂෙල්ටන් හෙට්ටිආරච්චි

8 9 10 11

රංජිත් රාජපක්ෂ

0 1 2 3 4 5 6   7



අදහස් (0)

නෙදර්ලන්ත ජාතිකයා ලෝකාන්තයේදි යළි උපදී

නිශාන්ත Wednesday, 25 February 2015 01:59 AM

මේක නම් ඇත්තටම හාස්කමක් (නි)

:       0       0

ලහිරු Saturday, 21 February 2015 02:15 PM

පවු නේද? (නි)

:       0       0

සරත් Saturday, 21 February 2015 08:11 PM

අපේ එල් කොල්ලෝ ටික (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site