IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නොදන්න ගුලි කා අයියයි මල්ලීයි රෝහලේ

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මත්ද්‍රව්‍ය සහිත ගුලි දෙකක් පාසලේදී කෑ බව කියන බාල වයස්කාර සහෝදරයින් දෙදෙනකු ක්ලාන්ත ගතියක් ඇතිවී පදියතාලාව රෝහලට ඇතුළත් කළ බව අම්පාර ,පදියතලාව පොලිසිය පවසයි.

පාසල් එන අතරවාරයේ මෙම බාල වයස්කාර දරු දෙදෙනාට මත්ගුලි විකුණූ බව කියන අවුරුදු විසි එකක් වයස තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු පදියතලාව, කෙහෙල් උල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෙසේ රෝහල් ගත කර ඇත්තේ ප්‍රදේශයේ පාසලක පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු හයක් වයස සිසුවකු සහ අවුරුදු එකොළහක් වයසැති හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඔවුහු දෙදෙනාම සොහොයුරෝ වෙති.

මෙම සොහොයුරන් දෙදෙනා පාසැලට එන අතර වාරයේ අතරමග රැඳී සිටි මෙම සැකකාර තරුණයා බාල වයස්කාර සොහොයුරන් දෙදෙනාට මේවා ලබාදීමෙන් පසු ඔවුන් පාසැලට පැමිණ මේවා කා ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

. මේ බව විදුහල්පතිවරයාටද දැනුම් දී ගුරුවරුන් සහ ගුරුවරියන් පිරිසක් එක් වී සොහොයුරන් දෙදෙනා රෝහල්ගත කර ඇත.

 



අදහස් (1)

නොදන්න ගුලි කා අයියයි මල්ලීයි රෝහලේ

සෙනෙවිරත්න Saturday, 08 June 2024 09:32 AM

අනේ මුන් බබ්බු, නොදැන කන ගුලි? සේරම දන්නව නොදන්නා දේවල් කන එක ඇරෙන්න.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site