පසුගිය යුද සමයේදී තිරික්කෝවිල් හා අවට ප්‍රදේශයන්හි තරුණයන් හා කාන්තාවන් විස්සකට අධික පිරිසක් පැහැරගෙන ගොස් මරා දමන්නට ඇතැයි කියමින් නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හා හිටපු ජනපති සම්බන්ධිකරණ ලේකම්වරයකු වු කේ පුෂ්ප කුමාර් හෙවත් ඉනිය භාරතීට විරුද්ධව අතුරුදන් වුවන්ගේ ඥාතීන් පිරිසක් තිරුක්කෝවිල් නගරයේදී අද (18) උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මරා දැමුණු පිරිසකගෙන් කිහිප දෙනකුගේ සිරුරු ඔහුට අයිති ඉඩමක වළ දමා ඇතැයිද ඔවුහු චෝදනා කරති.
මේ පිරිස මරා දැමුවේ නැතිනම් අතුරුදන් වුවන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර වැරැදි කරුවන්ට නිසි දඬුවම් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
ඉනිය භාරතී හිටපු කොටි සාමාජිකයෙකි .පසුව ඔහු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වු අතර ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයකු ලෙසද කටයුතු කළේය.
ඉනිය භාරතී හෙවත් කේ පුෂ්ප කුමාර් මහතා කීවේ මේ සියලු චෝදනා බොරු බවයි.එම නිවස සහ ඉඩම එකල එල් ටී ටී ඊ ය පාවිච්චි කළ අතර තමාද එතැනට පැමිණ ඇති බව ඔහු කීවේය.ඕනෑම පරීක්ෂණයකට තමා සුදානම් බවත් මහජන සහාය නොමැති දේශපාලනඥයෝ ළඟ එන මැතිවරණයක් වෙනුවෙන් ඡන්ද බලාපොරොත්තුවෙන් මෙවැනි උද්ඝෝෂණ කරන බවද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැති වු දරුවන් ඉල්ලා අම්පාරේ උද්ඝෝෂණයක්
රණවක Thursday, 19 February 2015 08:55 AM
මේ අයගෙන් කොටසක් ගැන අහන්න වෙන්නේ ප්‍රභාකරන්ගෙන් .කට්ටියක් ඉන්නේ පිටරටවල්වල වෙන නම්වලින් තමයි ඉන්නේ. (බ)
ටෙනිසන් Thursday, 19 February 2015 03:08 AM
කවුරු මොනවා කිවුවත් ඒකේ වේදනාව දැනෙන්නේ ඔවුන්ට (නි)
පුබුදු Thursday, 19 February 2015 04:46 AM
මැරීම, අතුරුදහන් කිරීම කවුරු කළත් බරපතල වරදක්. (නි)
නිපුන් Thursday, 19 February 2015 04:58 AM
මේ අපරාධවලට රාජපක්ෂලා වග කියන්න ඔනෑ. දෙමල උනත් මේත් දෙමාපියන්ගේ දරුවෝ. මේවාට දඩුවම් ලැබෙයි. (නදී)
රණසිංහ Thursday, 19 February 2015 05:08 AM
හැම කෙනාටම වගේ වේදනාව ඔවුන්ටත් දැනෙනවා කියල මතක තියාගන්න. (දිල්)
ප්‍රදීප් Thursday, 19 February 2015 05:51 AM
එතකොට දකුණේ නැති වෙච්ච් ළමුන් 88/89 කාලේ ඒවා හෙව්වද ? (නදී)
රසික Wednesday, 18 February 2015 04:23 PM
කොටි අරගෙන ගිය උතුරේ ජීවත්වුණ අපේ සිංහල ගොවියන්ට මොකද කළේ කියලා අහන්න කාලය ඇවිල්ලා (නි)
දුමින්ද Thursday, 19 February 2015 06:41 AM
නැති වුන දරුවෝ ගැන මිස්ටර් ප්‍රබාකරන් දන්නවද දන්නේ නැහැ.(හේ)