(යොහාන් භාසුර සහ ලහිරු හර්ෂණ)
මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් වැරදි ආකාරයට රැස්වී, තම අනුදැනුමක් නොමැතිව සහ නිසි ගණනය කිරීමකින් තොරව නීති විරෝධීව ඉහළ දැමූ විදුලි ගාස්තුව පිළිනොගන්නා බවත් එයට එරෙහිව සභාපතිවරයා ලෙස සියලුම නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය.
විදුලි ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය දුන් රැස්වීම පවත්වා ඇත්තේ ද නිෂ්චිත ඝණපූර්ණයකින් තොරව බව ද හෙතෙම සඳහන් කළේය.

විදුලි බිල සංශෝධනය කරන ආකාරය පනතේ පැහැදිළිව සඳහන්ව තිබෙන බව කී ඒ මහතා සඳහන් කළේ 2008 දී විදුලිබල මණ්ඩලය වැරදි ආකාරයට කළ විදුලි බිල සංශෝධනයක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභා කළ බවත්ය.
අඩු ආදායම් ලබන පාරිභෝගිකයන්ට සහන ලබාදිය යුතු බවත් ඒ සඳහා තීරණය විදුලිබල මණ්ඩලයට ගත නොහැකි මෙන්ම එම තීරණය මහජන උපයෝගිතා කොමිසමේ කාර්යයක් බවත් ඒ මහතා කීය.
සිය කාර්යාලයට මුද්‍රා තැබීමට අධිකරණය දුන් නියෝගයට කිසිඳු විරෝධයක් නොමැති මෙන්ම එය ඉතාමත් හොඳ නියෝගයක් බව කී රත්නායක මහතා එසේ නොවුණේ නම් තුන්වැනි පාර්ශවයක් සිය කාර්යාලයට මොනව හරි දමා තමන් හසුකිරීමට ද ඉඩ තිබූ බව ද සඳහන් කළේය.
කාර්යාලය මුද්‍රා තැබීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට සහ දේශපාලන අධිකාරියට ස්තූතිය පළකරන බවත් රජයේ මේස සහ පුටු ප්‍රතිපත්තියක් ලෙස පාවිච්චි නොකරන නිසා මුද්‍රා තැබූ කාර්යායේ මේසය සහ පුටුව හැර සෙසු සියලුම දේ රජයට අයිති දේපළ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
විදේශගත සිටින ජනක රත්නායක මහතා ‘සූම්’ තාක්‍ෂණ ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්මින් අද (16) පස්වරුවේ එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධී විදුලි ගාස්තු ඉහළ දැමීමට නඩු දානවා
Rohana Friday, 17 February 2023 05:04 PM
විදුලි ගාස්තු වැඩිකළ අයට හොඳක් නම් සිද්ද වෙන්න එපා.