IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග

(රෝෂන් තුෂාර)

මුදල් විසුද්ධීකරණය සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදු කරන විමර්ශනයන්ට සහය ලබා දී,නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික  විරංජිත් තාබුගල මහතාට කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (08) නියෝග කළාය.

උපයා ගත් ආකාරයයි හෙළි කළ නොහැකි විශාල වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන අවුර ලංකා සමාගමේ සභාපති වරයා සිදු කරන විමර්ශනයන්ට සහාය නොදක්වන බවට  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය  එම නියෝගය නිකුත් කළාය .

තඹුගල මහතා විසින් උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ දේපළක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්,එම විමර්ශනය සඳහා සහාය දැක්වීමට තාඹුගල මහතා කටයුතු නොකරන බවටත් සඳහන් කරමින් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරයෙකු හෝ විත්තිකාරයෙකු කර නොමැති තාබුගල  මහතාට රහස් පොලිසියට ගොස් විමර්ශන වලට සහය දීමට නීතිඥවරුන්ගේ මැදිහත්වීම අවශ්‍ය නොවන බවය.

සැකකාරයකු නොවන තාබුගල  මහතා නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීම අවශ්‍ය කාරණාවක් නොවන බවත්,එබැවින් ප්‍රථමයෙන් ගොස් විමර්ශන වලට සහය දක්වන ලෙසත් දන්වා සිටියාය.

එම අවස්ථාවේදී තාම්බුගල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ සිය සේවා දායකයාට  පොලිසිය මගින් ඉතාමත් අමිහිරි ආකාරයෙන් සලකන හෙයින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ  උපදෙස් ලබා ගැනීමට දිනයක් ලබා දෙන ලෙසය.

ඊට ප්‍රතිචාර දැක්වූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන වලට සහය දැක්වීමකින් තොරව අධිකරණය ඇමතීමෙන් කිසිදු පලක් නොවන බව සඳහන් කළාය.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ඇතුළු නිලධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ තාබුගල මහතා අදාල විමර්ශනයන්ට සහය නොදී අධිකරණයන් වෙත කරුණු දැක්වීම පමණක් මේ වනතෙක් කර ඇති බවය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය විමර්ශනයට සහය දක්වන ලෙස නියෝග කරමින්  විමර්ශන ගොනුව බභා තැබීය.විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද රහස් පොලිසියට නියෝග කළාය.



අදහස් (0)

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් දෙන්න තාබුගලට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site