IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නීති විරෝධී යතුරුපැදිවලට කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා නවීන පන්නයේ යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට  නාගර වැව කුරුලු උයනේ හිමිකරු  නාරහේන්පිට  පුද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ කොට්ඨාසය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ,කෝට්ටේ , පිටකෝට්ටි පාගොඩ  පාරේ  පදිංචි 58 හැවිරිදි  පුද්ගලයෙකි

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස් පත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව වැටලීමේ මෙහෙයුමට සමගාමීව ලද විශේෂ තොරතුරක් අනුව  මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරී කමල් ආර්යවංශ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම ඉකුත් 12 වෙනිදින  සිදුකෙරිණි

එහිදී මෙරටට ආනයනය කිරීමට  තහනම් විදෙස් රට වලනිෂ්පාදිත යතුරුපැදි 21 ක් පොලිසිය මගින් සොයා ගැනිණි

තවද කුරුලු උයන පරිශ්‍රයේ තිබී නීති විරෝධි ලෙස වගා කර තිබූ ගංචා පෙළ හතරක් සමග එම සත්ව ගොවිපළේ කළමනාකරු සහ ගබඩා පාලක ද පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිනි.



අදහස් (2)

නීති විරෝධී යතුරුපැදිවලට කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට

maalaka Friday, 18 July 2025 05:53 AM

අහවලාගේ තටු යට හිතපු කෙනෙක් වගේ. දැන් ලෙඩ වෙලාද ?

:       0       1

කව්ද බෝයි Friday, 18 July 2025 03:39 PM

ඔව්, ඔව්. අහවලාට ගොඩාක් උදව්-උපකාර කරමින් තටුයට ඉන්න ගමන්, තමන්ට ඊටත් වඩා ගොඩක් උදව්-උපකාර අහවලාගෙන් කරගත්තු උත්තමයෙක් මේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site