(විමුක්ති එස් රුද්‍රිගු)
ජෝර්දාන දේශ සීමාව හරහා නීති විරෝධීව ඊශ්‍රායාලයට ඇතුළු වීම හේතුවෙන් අත් අඩංගුවට පත් කාන්තාවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බවට තහවුරු වූ බවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ජාවාරම්කරුවන්ට රුපියල් ලක්ෂ 40 ක් පමණ ගෙවා ශ්‍රී ලාංකිකයන් මෙසේ ඊශ්‍රායලයට නීති විරෝධීව පැමිණෙන බවත් ඉන් ඔවුන් පමණක් නොව තානාපති කාර්යාලයද අපහසුතාවයට පත්වන බවත් නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.ජාවාරම්කරුවන්ට මුලින් ලක්ෂ 20 ක් පමණ මුලින් ගෙවා නීති විරෝධීව ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට පැමිණෙන බවත් ඉතිරි මුදල ගෙවන තෙක් ජාවාරම්කරුවන් එම ශ්‍රී ලාංකිකයන්ගේ ගමන් බලපත්‍ර ළඟ තබා ගන්නා බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.
එම මුදල ගෙවීමට නොහැකි වුවහොත් පිරිමි පුද්ගලයන්ගේ පවුල්වලට තර්ජන පැමිණෙන බවත් කාන්තාවක් නම් ඇයට නොයකුත් වධ හිංසා වලට ලක් වීමට සිදුවන බවත් නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.එසේම යුද්ධය සමයේ නීති විරෝධීව ඊශ්‍රායලයට පැමිණෙන විට වෙඩි වැදීමේ අවදානමකටද මුහුණ දීමට සිදු වෙන බවත් යුද්ධය සමයේ සිදු කරන අත් අඩංගුවට ගැනීම් ඊශ්‍රායල ආරක්ෂක අංශ සැහැල්ලුවෙන් නොගන්නා බවත් තානාපතිවරයා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධිව ඊශ්‍රායලයට ඇතුළුවූ කාන්තාවන් දෙදෙනා බන්ධනාගාරයේ