IMG-LOGO

නීති කඩන්නැයි හිටපු අගවිනිසුරු සරත් සිල්වා කියයි

‘මැතිවරණ කොමිසමට යුතුකමක් තියෙනවා මේ ඡන්දය පවත්වන්න. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව කිව්වේ අපේ නියෝජිතයකු නැතිනම් බදු ගෙවන්නේ නැහැ කියලා. ඔවුන් සටන් වැදි  ජයගත්තා. අපිත් ඇමරිකා එක්සත් ජනපදය ආදර්ශයට ගෙන පළාත් පාලන ඡන්දය පවත්වනතුරු අපි බදු ගෙවන්නේ නැහැ කියලා කිව යුතු‘ යැයි හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා වාද්දූවේදී පැවසීය.

හිටපු පළාත් සෞඛ්‍ය ඇමැතිවරයකු වූ ජගත් අංගගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු එසේ කීවේය.



අදහස් (0)

නීති කඩන්නැයි හිටපු අගවිනිසුරු සරත් සිල්වා කියයි

ලෙස්ලි ජයවර්ධන Tuesday, 27 September 2016 01:56 AM

මුළු රටටම දැන් මෙතුමා විහිළුවක් වෙලා (නි)

:       0       0

අතුල Tuesday, 27 September 2016 02:37 AM

ඔබතුමා දැන් නිශ්ශබ්දව හිටියා නම් තමයි හොඳ (නි)

:       0       0

ධම්ම Monday, 26 September 2016 01:03 PM

හාල් කිලෝ එකක් ගත්තාම ඒක ඇතුළේත් බද්ද තියෙනවානේ. ඉතින් කොහොමද අපි බදු නොගෙවා ඉන්නේ. ඇමෙරිකාව කළ දේ කරන්න ගියොත් බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. (නි)

:       0       0

සිසිර Tuesday, 27 September 2016 03:21 AM

මෙයාගේ කෙරුවාව අපි දන්නවා (නි)

:       0       0

දුලීප් Monday, 26 September 2016 01:05 PM

මෙදාපාර මොනවටද එන්නේ කියලා බලමු (නි)

:       0       0

චමල් Monday, 26 September 2016 01:11 PM

ජනතාවගෙන් කෙලින්ම බදු අය නොකරන බව මේ මනුස්සය දන්නේ නැහැ (බ)

:       0       0

දිලිප් Tuesday, 27 September 2016 03:30 AM

මිනිසුන්ට වෛවාරණ කටුසන්ද විය හැක. වෙනස්වීමට වැඩි වෙලාවක් ගතනොවේ (නි)

:       0       0

රොකී Monday, 26 September 2016 01:34 PM

මේ පුද්ගලයා අග විනිසුරු වී සිටියේ කෙසේ දැයි තේරුම් ගන්න අමාරුයි. මොහු ඒ කාලයේත් අවනීතික කටයුතු කළ බවට `රාවය` පුවත් පත හෙළි කළා අපට මතකයි. අධිකරණ ක්ෂේත්‍රයටම මොහු අවමානයක්. (බ)

:       0       0

මහින්ද Monday, 26 September 2016 01:37 PM

මෙයා කොහොම අගවිනිසුරු වුනාද දන්නේ නෑ. කිව්වොත් කියන්නේ මෝඩ කතා. එක එක දාට මොනවා හරි කියල පත්තරේ නම දා ගන්නවා.(බ)

:       0       0

බමුණුසිංහ Tuesday, 27 September 2016 03:37 AM

මේ වගේ කෙනෙක් මගේ මුළු ජීවිත කාලෙටම දැකලා නැහැලු. දැන් දැක්කනේ ඉතින්. දැන් කියන්න ඔබ දැකුමෙන් මම පින්කළ බව දැනුනී කියලා (නි)

:       0       0

ජනහිත Tuesday, 27 September 2016 03:39 AM

ඇත්තටම දැන් නීතිය තියනවද? (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 27 September 2016 03:39 AM

මහත්මයා නිශ්ශබ්දව හිටියා නම් තමයි හොඳ (නි)

:       0       0

සහන Monday, 26 September 2016 01:49 PM

අනේ මේ රට දැන් ස්ථාවරව ඉදිරියට යනවා. (බ)

:       0       0

දහම් Monday, 26 September 2016 01:50 PM

මහත්මා ගාන්ධි තුමාත් සිවිල් නීති කඩල රට නිදහස් කර ගත්ත නේද? (බ)

:       0       0

අවිනාශ් Monday, 26 September 2016 01:50 PM

දියවන්නාව දෙසට ගියානම් ඔක්කොම කරන් එන්න පුළුවන් (බ)

:       0       0

චන්න බුවනක Monday, 26 September 2016 01:55 PM

මොනවා කියවනවද මේ. (බ)

:       0       0

සනත් Tuesday, 27 September 2016 09:29 AM

මාළුවා නහින්නේ කට නිසාලු ප්‍රවේශමෙන් (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 27 September 2016 04:00 AM

උගත් මෝඩයෝ කියලා ජාතියකුත් ඉන්නවා මම අහලා තියෙනවා (නි)

:       0       0

දීමන්ත Monday, 26 September 2016 02:35 PM

සරත්.... එහෙම කිවුවානම් ජනතාව බදු නොගෙවීමට පෙළඹවිම ,ඒ තුලින් .. නගරයට .. ගමට .. පළාතට.. සිදුවෙන හානියට ඔහුට එරෙහිව නීතිමය පියවරක් වහා බලධාරින් ගතයුතුයි ..(බ)

:       0       0

රොසලින් Monday, 26 September 2016 02:38 PM

පොලිස්පතිතුමනි ... ඔන්න නීති කඩන්න අනු බල දෙනවා ... රටේ .නිතිය කෝ (බ)

:       0       0

දිල්හානි Monday, 26 September 2016 02:41 PM

ඔන්න නීති කඩන්න පොළඹවනවා රටේ නිතිය කෝ ..කෝ ...කෝ ..(බ)

:       0       0

ඉසුරු Monday, 26 September 2016 02:42 PM

ඔය කතාව හොදටම ඇති මෙයාව අත්අඩංගුවට ගන්න (බ)

:       0       0

චතුරි Monday, 26 September 2016 03:02 PM

වයසට ගියාට තාම රටේ තත්වය දන්නේ නැහැ වගෙයි. ඉන්දියාව ආදර්ශයට ගන්න බලන්න. දුප්පත්කම පිරුනු රටක්. එ්ත් ස්වෝත්සාහයෙන් දියුණු වෙන හැටි (නි)

:       0       0

කටාන- සුමනසූරිය Tuesday, 27 September 2016 04:36 AM

නීතිය ද කරගැට ද කඩන්න දියවන්නාව පැත්තේ ගියපාර, කටානේ ගෙදර තිබුන ට්‍රැක්ටරයේ ටේලරය ගලවාගෙන ගිහින්තිබුනට මෙයා නඩුවක් දැම්මේ නෑ (බ)

:       0       0

මිනිපෙ Monday, 26 September 2016 03:12 PM

ඔහු මේ ප්‍රකාශය කරඇත්තේ, ආන්දෝලනයක් ඇති කර, ප්‍රසිද්ධියට පත්වීමට කියා සිතෙනවා. (නි)

:       0       0

අරුණ Monday, 26 September 2016 03:12 PM

මේ වගේ අය ගැන තීරණයක් ගන්න ඕනෑ කාලය හරි කියා හිතෙනවා. වැරදි කළා නම් දඬුවම් අනිවාර්යයි (නි)

:       0       0

බණ්ඩාර Monday, 26 September 2016 03:15 PM

ඕවා ඉතින් ඔහොම තමයි (නි)

:       0       0

රොහාන් Monday, 26 September 2016 03:19 PM

මේ පුද්ගලයා දුන් තීන්දු නැවත විමර්ශනයක් කළයුතුයි. ඒ සඳහා වෙනම කොමිසමක් පත්කළ යුතුමයි (නි)

:       0       0

දිලංග Monday, 26 September 2016 03:21 PM

අනේ මන්දා මේ පුද්ගලයා දුන් තීන්දු...? (නි)

:       0       0

ඉන්ද්‍රා Monday, 26 September 2016 03:22 PM

මෙතුමා කියන දේවල් මෙතුමාවත් දන්නවද මන්දා (නි)

:       0       0

රොෂාන් Monday, 26 September 2016 03:26 PM

ඒ කාලෙත් මෙතුමලාගේ කෙරුවාවල් රටම දන්නවා (නි)

:       0       0

කුමාර Monday, 26 September 2016 03:26 PM

එ්කෙන්ම වැට් එක නවත්වමු (නි)

:       0       0

ක්‍රිස්ටෝපර් Monday, 26 September 2016 03:31 PM

අනේ මන්දා මොනවා කියවනවද කියලා (නි)

:       0       0

බුද්ධික Monday, 26 September 2016 03:37 PM

මෙතැන හුඟක් දෙනෙකුට පෙනිලා තියෙන්නේ බදු ගෙවන්න එපා කිව්ව එකම විතරයි. ඒ ඇති කියලා කිව්ව දේ පෙනිලා නැහැ. පාලන අධිකාරියට මැතිවරණ නොතියා ඉන්න පුළුවන් ව්‍යවස්ථා විරෝධීව. ඒකට විරෝධය පාන්න බැහැ (නි)

:       0       0

අර්ජුන Monday, 26 September 2016 03:44 PM

නීතිය නොදන්නා කෙනෙක් මේක කිව්වා නම් මෙලහකට කූඩුවේ (නි)

:       0       0

කාරියවසම් Monday, 26 September 2016 04:00 PM

මෙයා එක එක දාට කියන්නේ එක එක කතානේ. (නි)

:       0       0

දහම් Monday, 26 September 2016 04:13 PM

නීතිය නවනවා කියලත් කෙනෙක් කිවුවනේ. (නි)

:       0       0

සුනිල් Tuesday, 27 September 2016 05:35 AM

ජනතාවගෙන් සමාව ඉල්ලුවෙත් මෙතුමා නේද? (නි)

:       0       0

නිමල් Tuesday, 27 September 2016 05:37 AM

මෙයාව පත්කරපු එක්කෙනාත් අද කියනවනම් මගේ තීරණේ ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියලා මොනතරම් හොඳද? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 27 September 2016 05:40 AM

මොනවද මේ කතා? (නි)

:       0       0

කමල් Monday, 26 September 2016 04:21 PM

ඇමෙරිකා ජනතාව නියම නියෝජිතයෝ පත්කරගන්නවා. අපේ ජනතාව පත්කරගන්නේ හොරුනේ. (නි)

:       0       0

වින්සන්ට් Monday, 26 September 2016 04:29 PM

තව තවත් වැරදිකරුවන්ට අනුබල නොදී, හිටපු නිලයේ ගෞරවයත්, තමන්ගේ ගෞරවයත් රැකගෙන කළ වැරදි කමා කරගැනීම වෙනුවෙන් පිනක් දහමක් කරගන්නේ නම් සරත් සිල්වා මැතිතුමාට බොහෝ වටිනු ඇත. (නි)

:       0       0

ජනහිත Monday, 26 September 2016 04:36 PM

කවුද නීති කඩන්නේ. රජය නීති කඩන එක ගැනනේ මෙතුමා කියන්නේ. දැන් කාලයක් වෙනවනේ මේ දේ වෙලා. ඇයි මැතිවරණය නොපවත්වන්නේ. එ්කනේ ප්‍රශ්නය. දැන් ඕනෑ කෙනෙක් සිරබාරයට ගන්න පුළුවන්. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 26 September 2016 05:00 PM

මෙය කිවුවට බදු නොගෙවා හිටියොත් අමාරුවේ වැටෙන්නේ අපිනේ. මෙයා එනවද අපිව බේරාගන්න (නි)

:       0       0

කුමාර Monday, 26 September 2016 05:00 PM

රටේ තියෙන තත්වය අනුව හොඳ අදහසක්. වසර දෙකක් වෙන්න යනවා. බෙදා ගන්නවා ඇරෙන්න කරපු දෙයක් නැහැ. ඒ මදිවට මැතිවරණත් කල්දානවා. ඉටුකරපු එක මැතිවරණ පොරොන්දුවක් නැහැ (නි)

:       0       0

රුවන් Monday, 26 September 2016 05:02 PM

බදු ගෙව්වා කියලා වෙන සෙතේ මොකක්ක්ද? නියමිත කාලයේදී ඡන්දය තියන එක මැතිවරණ කොමිසමේ වගකීම. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව (නි)

:       0       0

සරත් Monday, 26 September 2016 05:15 PM

ඔව් ඉසුරු, රට දෙකඩ කරන්න කෑ මොරදෙන විග්නේශ්වරන්ට ඒ නීති නැහැ (නි)

:       0       0

සොපි Monday, 26 September 2016 05:23 PM

දැන් ඉතින් ඔක්කොම දේවල් ඇමරිකානු පැටන් එකට කෙරෙන නිසා අපි මේකත් කරලා බැලුවොත් නරකද ..? (නි)

:       0       0

පහන් Monday, 26 September 2016 05:27 PM

කතාව නම් ඇත්ත. ඡන්ද කල්දාන්නෙ ජනතාව ගැන වගකීමක් නැති නිසා. දැන් ඡන්දයක් තිබ්බොත් නම් බලය නැතිවෙනවා. අපරාදේ වෙච්ච දෙයක් නම්, හිටිය විදිහ කොච්චර හොඳද කියලා නිතර හිතෙනවා. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Monday, 26 September 2016 05:47 PM

හීනෙන් දොඩවනවා වගෙයි. ඒ කාලේ දේවල් මතක් කරලා දෙමුද? (නි)

:       0       0

රොඩ්නි Monday, 26 September 2016 05:53 PM

මෙතුමලා ගැන අපි කතාකරන්නවත් කැමති නැහැ (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 26 September 2016 05:54 PM

පසුගිය කාලේ දරපු තනතුර ලැබුනෙත් කොහොමද කියලා දැන්නම් හිතාගන්න පුලුවන් (නි)

:       0       0

අනිල් Monday, 26 September 2016 06:08 PM

නීති නවන්න අණ දෙන අයත් ඉන්න එකේ ඕක මොකද්ද? (නි)

:       0       0

රානි වරුසවිතාන Monday, 26 September 2016 06:10 PM

ශ්‍රී ලංකා නීති ඉතිහාසයේ අගවිනිසුරුවරුන් අතර මොහු ඉතිහාසගත වනවා ඇත (නි)

:       0       0

සුසන්ත Monday, 26 September 2016 06:10 PM

කියලා තියෙන දේ වරදක් නැහැ. ඔහු කියන්නේ රජයට විරෝධයපෑමක් ලෙස කරන්න කියලනේ. බදු අයකරන ආයතනය බලාත්මක නැහැ කියා නේද කියන්නේ. (නි)

:       0       0

සුනිල් Monday, 26 September 2016 06:10 PM

හිටපු අගවිනිසුරුවරයෙක් කියලා කියන්නත් ලැජ්ජයි අපිට (නි)

:       0       0

දේව් Monday, 26 September 2016 08:48 PM

රටම දන්නවා මෙතුමා ගැන නම්. (නි)

:       0       0

බෙනට් Monday, 26 September 2016 10:00 PM

ඇමෙරිකාවට කත්අදින මේ ආණ්ඩුවේ අයට ඇමරිකාවෙන්ම පාඩමක් උගන්වමු. (නි)

:       0       0

බන්දුල Monday, 26 September 2016 10:07 PM

මෙතන ලියන බොහොම අය එක් එක් අයගේ පැටිකිරිය සොයනවා මිස ඔවුන් විසින් කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැත. (නි)

:       0       0

බමුණුසේන Monday, 26 September 2016 10:12 PM

මෙයා කොහොම අගවිනිසුරු වුණාද දන්නේ නැහැ කියලා කෙනෙක් කියනවා. මොනවා කරන්නද, මිනිස්සු තමන් ගැන හිතාගෙන ඉන්න තරමනේ ඉතින් (නි)

:       0       0

බමුණුසිංහ Monday, 26 September 2016 10:15 PM

විග්නේශ්වරන්ලා දැන් උතුරේ කරන්නේ මොනවාද? එය නීති කැඩීමක් නොවෙයිද? (නි)

:       0       0

නිල්හාන් Monday, 26 September 2016 10:26 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

සාමා Monday, 26 September 2016 10:38 PM

මේ වගේ කෙනෙක් මගේ මුළු ජීවිත කාලෙටම දැකලා නැහැ (නි)

:       0       0

චින්තක Monday, 26 September 2016 11:23 PM

නීති කඩකරන්න කියලා නීතිය රකින අයම කියන එකනේ පුදුම (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 27 September 2016 12:04 AM

මේක අත්අඩංගුවට ගන්න තරම් කතාවක් නේද? (නි)

:       0       0

ලලිත් Tuesday, 27 September 2016 12:05 AM

මෙතුමාත් අර වෙනමම කාමරයක ඉඳලා විභාගය ලියපු කෙනෙක් වගේනේ කතාව (නි)

:       0       0

කුසල් Tuesday, 27 September 2016 12:40 AM

ඇත්තටම ප්‍රතිපත්තියක් නැති අය ගැන අපිට ලැජ්ජයි (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 27 September 2016 12:52 AM

හරි ප්‍රතිපත්තියක් තිබුණා නම් මේ කියන දේවල් ගැන සළකා බලන්න තිබුනා (නි)

:       0       0

චාමර Tuesday, 27 September 2016 01:04 AM

අයියෝ හිටපු අගවිනිසුරු! ලංකාව ඇමරිකාව නොවෙයිනේ. හරියන විසඳුම් හොයන්නේ නැතුව ඇමරිකාව කරන දේවල් කරලා හරියන්නේ නැහැ. ලෝකය ගැනත් හිතන්න අවශ්‍යයි. නමුත් පයගහලා ඉන්න තැන ගැන කල්පනා කරලා විසඳුම් ගෙනෙන්න. (නි)

:       0       0

රෝහණ Tuesday, 27 September 2016 01:05 AM

මෙතුමාට අමතකවීමක් තියෙනවා. අද කියපු දේ නොවෙයි හෙට කියන්නේ. (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 27 September 2016 01:10 AM

එතුමාම කියනවා නම් ඉතින් එහෙමවත් කරලා බලමු නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site