(නිමන්ති රණසිංහ)
ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
මෙම සැකකාරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙම සැකකාරිය ප්‍රකාශයක් කරමින් බුදු දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නතාශා එදිරිසූරිය රිමාන්ඩ්
SL Sunday, 28 May 2023 11:37 PM
මේ අවජාතක, බොරන් අගින්, නිරගමික කල්ලි නිසා මේ රටට අමාරුවෙන් ලැබිල තියෙන සාමය නැතිවේගෙන යනවා. මුන්ට කොහින්ද කොටි 25ක් වියදම් කරලා access ටවර් එකේ ස්ටුදියෝවක් හදන්න සල්ලි . කවුද දුන්නේ ?
Rosa Monday, 29 May 2023 01:05 AM
එතකොට, අර ජෙරොම් කියන ඒකාට නීතිය ක්‍රියාත්මක වෙනැද්ද..? ඌට පොලීසිය බයයිද .....? ඌ හයි ෆයිද ...?
C.K.Lankaputhra Monday, 29 May 2023 07:13 AM
වද සැත්කම් වද කොත්තු වද බ්‍රෙසියර් ටික ටික කල එලියට බහින හැඩයි. චන්දයක් ලගයි වත්ද. අර බුද්ධාගමට අපහාස වන විදිහට පොතක් ලිව්ව කියල ICCPR නීතිය යටතේ මාස ගනනාවක් සක්කිත රණසිංහ හිරේ තියාගන ඉදල අවසානයෙ මොකද , නිදොස් කොට නිදහස්. බුද්ධාගම අනාරක්ශිතයි, රකින්න මැඩමූලන්ස් නායකයෙක් ඕනයි කියන්නනෙ ඔය කාඩ් බෝඩ් කාරයෝ වලි කන්නෙ. ඔය ගමෙන් නායකයෙක් කියල පඩංගුවෙක් ගෙනල්ලා කෙලවපු කෙලවිල්ල මතකනෙ. . අපේ උන්ට පාංකඩ රෙදි කෑල්ලක් පෙන්නුවත් ඒක ඇති අබූඩෙ ගහ ගන්න. අපේ දෙගොල්ලම එකතුවෙලා බුද්ධාගමට කරන අපහාස දෝරෙ යනවා. ඒවා ගැන වගේ වගක් නෑ. අම්මට සිරිවෙන රටක් ඕයි මේක.
Bamunuarachchi Monday, 29 May 2023 09:51 PM
තමුසේ මොනවා දැනගෙන මොනවාද කථා කොරන්නේ? බහුබූත කථා නොකර ඉන්නවා හලෝ. වඳ පෙති වඳ කොත්තු ගැන කතාව ආවේ නිදියන් ඉන්න මෝඩ සිංහල බෞද්ධයින් අවධි කර අවධානය ගන්න. දැන් ඒ අවධානය ගන්න වඳ පෙති වඳ කොත්තු ඕනේ නැහැ. පාස්කු ප්‍රහාරය ඇති. පොඩි ළමයින්ගේ අවධානය ගන්න ගොනිබිල්ලෝ මවන හැටි අහලා දැකලා නැද්ද? ගෝනි බිල්ලෝ ගැන වඳ පෙති වඳ කොත්තු ගැන වාද කරන්නේ පල් මෝඩයෝ. අපි කලේ ගොන් තර්ක දමන්න ඔහෙලා වගේ මිනිස්සුන්ට නොදැනෙන පිටරට වලින් ආධාර ලබාගෙන රටේ සිටින අන්‍ය ආගමික යින් රටේ තිබෙන බෞද්ධ සංස්කෘතියට හානි කරන බව පෙන්වීමයි. ඒවා බොරු උනේ නැහැ.
කිරපුතා Monday, 29 May 2023 11:33 AM
මේ බඩ්ඩ කොහෙන්ද පහත් වුණේ ?
SUNIL MILANO Monday, 29 May 2023 11:53 AM
කෝ අපේ මහ තැන අර කාදිනල් තුමා .කටේ කෙල බින්දුවක් හෙලන්නේ නැහැ
පී කලවානගේMonday, 29 May 2023 02:50 PM
කටේ කෙළ හැලුවේ නැතුවාට බල්ලන් ටික ලෙහා දාලා තියෙන්නේ කියලා තේරුම් ගන්න බැරිද සුනිල් මහත්තයෝ...?
පන්කුඹුරගේ Monday, 29 May 2023 12:09 PM
දැන් අමාරුව හොඳ වෙයි.
sena Monday, 29 May 2023 12:10 PM
බුද්ධාගමට අපහාස කරන්නේ මේ මනුස්සයාව හිරේ දාපු මිනිස්සු .බුදුන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ හිංසා කරන්න කියලා
JinaMonday, 29 May 2023 02:10 PM
සේන මහත්තයෝ, මෙයාලා කරපු වැඩේ හරිම කැතයි. ආගමක මතවාදය විවාදයට ගැනීම කිසිම ප්‍රශ්නයක් නෑ. ඒවා විමසා බැලීමත් ප්‍රශ්නයක් නෑ. ඒත් පහත් විදියට අපහාස කරලා මීඩියා දාලා විකාර නටන්න බෑ. බෞද්ධයින් විදියට අපි අනිත් ආගම්වල අයට ඒ නිදහස සම්පූර්ණයෙන් දීලා තියෙනවා... ඒත් ඒ නිදහස වල් බූරු නිදහසක් කරගෙන ඩෙගා නටන්න ආවොත් ලේසි වෙන්නේ නෑ ඉතින්... මොකද අපි තාම රහත්වෙලා නෑ. මේවා දුරදිග ගියාම මෝඩ මිනිස්සු අවි අතට අරන් ගහමරා ගන්න පටන් ගන්නවා... මොකද දැන් මිනිස්සු බලන් ඉන්නේ පීඩනය පිටකර ගන්න ක්‍රමයක්... ඒවාට මෝඩහේතු හදන්නේ නැතුව ඉන්න එක තමයි වටින්නේ...
Pavithra Monday, 29 May 2023 12:43 PM
පේනවනේ වෙන දේවල්. බෞද්ධ ආගම නසන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මෝඩ වෙන්න එපා. මේ රට රැකෙන්නේ රාජපක්ෂවරු යටතේ විතරයි. ඔවුන්ව බලයේ තියන්න...
P.d goonawardena Monday, 29 May 2023 12:53 PM
එල...
prasanna Monday, 29 May 2023 01:02 PM
ස්පා එකක කෙනෙක්
ANURA ROME Monday, 29 May 2023 01:51 PM
දැන් සැපද?
විපරමා Monday, 29 May 2023 03:02 PM
වැඩිපුරම බුදුදහමට අපහාස වෙන විදියට කටයුතු කරලා තියෙන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේසපාලුවන්, ලෝකෙට පේන්න පන්සල් වන්දනාවේ නම් යනවා. ඔවුන් හරියට පන්සිල් පද පහවත් රකින අය නෙවෙයි...
බද්රානි Monday, 29 May 2023 03:34 PM
මේ සිංහල බෞද්ධ කාන්තාව හා පහුගිය කාලේ නයි නටවපු දිලිත් ජයවීර කියන බෞද්ධයා හා ජෙරම් ප්‍රනාන්දු කියන ක්‍රිස්තියානි පුද්ගලයාගේ ප්‍රකාශ තුනම මම බැලුවා. වැඩිපුරම බුදුන් වහන්සේට අපහාස කරන්නේ කවුද කියලා පේනවා. ඒත්, මේ දිලිත් ජයවීරට බල්ලෝ බුරන්නේ නැත්තේ ඇයි කියලයි මට හිතා ගන්න බැරි...? බලමු, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා. මම හිතන්නේ නයි පනික්කියෙකුට වූ පමණින් අපහාස කිරීම නීති විරෝධියි කියලයි.
විජිත් Monday, 29 May 2023 03:58 PM
බුදුන් වහන්සේට, බුදුදහමට අපහාසකළා? අපහාස කරන්න උතුම් වූ ගෞතම බුදුන් වහන්සේ "දේශනාකළ - ආදර්ශය දුන් " බුදුදහමක් ලංකාවේ තිබෙනවද? බුදුන් වහන්සේ පිරිනිවන්පෑ පසු ප්‍රශ්න රැසක් මතුවූ නිසා කාශ්‍යප මහා රහතන් වහන්සේ "ධර්ම සංඝායනාවක්" පවත්වා මුල්වරට බුදුදහම රැකගත්තා. එදා බුදුන්වහන්සේගේ කාලයේදී නිකායවල් තිබුනේ නැහැ. අද ලංකාවේ බුද්ධාගම් නිකායවල් කියක් තිබෙනවද? නිකායවල් හැදුනේ කොහොමද? කුල අනුවයි. බුදුන් වහන්සේ 'කුල' ක්‍රමය ප්‍රතික්ෂේප කළ නිසා තමයි සෝපාක වැනි රහතන් වහන්සේලා බිහිවුනේ... අපේ රටේ බහුතරයක් හාමුදුරුවරු කරන්නේ බුදුදහමට අපහාස වන ආකාරයට හැසිරීමයි. බුදුදහමට අනුව හැසිරී, ගිහි ජිවිතයේ ලෞකික ඇලීම් ගැලීම්වලින් වියුක්තව සසර ගමන අවසන් කිරිම තම එකම අධිශ්ඨානය කරගත් උතුම් වූ ස්වාමින් වහන්සේලා මේ රටේ සිටින්නේ ඉතාමත්ම අල්ප ප්‍රමාණයකි. උන්වහන්සේලාට මාගේ ප්‍රණාමය හිමිවේවා...!!! බහුතරයක් කහ රෙදිපොරවාගත් බමුණන් පමණයි. ඔවුන්ගේ ඒකායන අරමුණ හොර දේශකාපාලුවන්ට මුට්ටි අල්ලමින් මුදල් උපයමින්, තම හොර අඹුවන් සහ දරුවන් පෝෂණය කරමින් "පස්පව්" කරමින්, ජනතාව මුලාකිරීමයි. ජනතාව කුපිත කිරීමයි.
Samitha S. Aluthgamage Tuesday, 30 May 2023 07:59 AM
විජිත්,බද්‍රානි මහත්මිය, නිවැරදි යථාර්ථය සමාජ ගත කරාට බොහොම ස්තූතියි.