IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීතිය සුරකින්න ඇමරිකාවෙන් උදව්

ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර නීතියේ ආධිපත්‍ය පිළිබඳ ශක්‍යතාවය වැඩි දියුණු කරගැනීමට සහාය දීම සඳහා අවබෝධතා ගිවිසුමක් අද (29) කොළඹ විදේශ අමාත්‍යංශයේදී අත්සන් කැරිණි.

විදේශ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා හා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති අතුල් කේෂාප් ගිවිසුම අත්සන් කළ අතර ගිවිසුම අනුව ඇමරිකා ඩොලර් බිලියන 2.6 ක් (රුපියල් බිලියන 363.38) මුදලක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම සිදුවේ.

නීතිපති දෙපාර්තමේන්තුවට හා පොලිස් දෙපාර්තමේන්තුට අවශ්‍ය තාක්ෂණික දැනුම වැඩි කරගැනීමේ අවස්ථාව මින් සැලසෙන බව එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

harsha_2015929-1 harsha_2015929-2 harsha_2015929-3

 



අදහස් (0)

නීතිය සුරකින්න ඇමරිකාවෙන් උදව්

නිශාන්ත Tuesday, 29 September 2015 03:31 PM

ඇමරිකාවට ඔබින අය නිකන් ලිං මැඩියෝ පමණි (බ)

:       0       0

සම්පත් Tuesday, 29 September 2015 04:39 PM

සුදත්, මම මගේ රටට ආදරය කරන අම්මා අප්පා හඳුනන හොඳ සිංහලයෙක්. මම අම්මේ කිව්වෙත් එක්කෙනෙකුට පමණයි. තාත්තේ කිව්වෙත් එක්කෙනෙකුට පමණයි. ඇස් ඇත්නම් බලන්න. අද මේ රජය බලයට ගෙනාවේ කවුද? රට පිළිබඳව කැක්කුමක් නැත්නම් ඔහු මේ රටේ ඉපදුනත් විජාතික මනසින් යුත් අයෙක් (නි)

:       0       0

සිරි Tuesday, 29 September 2015 06:10 PM

නොදන්නා දෙයක් දන්නා කෙනෙකුගෙන් අහගන්න එක වැරැද්දක් නෙමෙයි. සමහරු සුද්දෝ සුද්දෝ කිය කියා බනිනවා. නමුත් ලෙඩක් වුණ වෙලාවට දුවන්නේ සුද්දෝ ළඟට. ගෙවල් තියෙන්නේ පුරවැසිකම් තියෙන්නේ සුද්දන්ගේ රටේ.නිශාන්ත කියන කතාව හරියට හරි. (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 29 September 2015 06:33 PM

ඔවුන් ගැන අපි මොනවා කියන්නද? (නි)

:       0       0

මීනු Tuesday, 29 September 2015 11:28 PM

අපේ රටේ ඇමරිකාවට බනින දේශපාලුවන්ගේ ළමයි,සහෝදර සහෝදරියන්, පවුලේ හැමෝම එහි පුරවැසියන්.අපි නොදන්නා ජාත්‍යාලේ.සමහරුන්ට ගෙවල් පවා තිබෙනවා .ඔක්කොම මාධ්‍ය සංදර්ශන විතරයි.හොරු අල්ලලා දඬුවම් කරන්න තව ශතවර්ෂ 2500 ඉන්න වෙයි වගේ. (නි)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Tuesday, 29 September 2015 10:38 AM

කළු සුද්දොයි ,හොර සුද්දොයි ලංකාව වැනසීමට කඩි මුඩියේ වැඩ !! දස ගුණයක් වේගයෙන් ඉදිරියේදී ලංකාව විනාශ කිරීමට (බ)

:       0       0

අධිකාරි Tuesday, 29 September 2015 10:40 AM

සල්ලි වලට විකුනනවද සේරම ? (ම)

:       0       0

චන්ද්‍රා Tuesday, 29 September 2015 10:47 AM

හුරේ....! (බ)

:       0       0

සුලෝචනා Wednesday, 30 September 2015 03:37 AM

අපේ රටේ නීතිය සුරකින්න කලින් එයලගේ නීතිය ආරක්ෂා කරගන්න වෙයි (බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 29 September 2015 11:23 AM

නියම රටෙන් නීති උපදෙස් දෙන්න හදන්නේ . මානව හිමිකම් වලදී එයා ලට එක නීතියක් අපිට තව නීතියක්. (ම)

:       0       0

සම්පත් වන්නිආරච්චි Tuesday, 29 September 2015 11:32 AM

පිස්සුද මන්දා. කළු ජාතිකයින්ට නිකරුණේ වෙඩිතබා ඝාතනය කරන, පාසැල්වලට පැන ළමුන් ඝාතනය කරන විකෘති මනසින් යුත් තරුණ පරපුරක් නිසා අපරාධ වැඩි ඒ වගේම අවි භාවිතයට සීමා මායිම් නැති ඇමරිකාව වගේ රටක උදව් ගන්නේ අපේ නීතිය හොඳ නැතිවද?. නීතිය නොව වැරදි නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලනී කරණය වීමයි. එම බාධක ඉවත් කළොත් අපේ නීතිය ලෝකයටම ආදර්ශයක් වේවි. නීතියක් නැති රටක නීතිය අපට මොනවටද? (බ)

:       0       0

නිශාන්ත Tuesday, 29 September 2015 11:57 AM

ජය වේවා. ලංකාවේ තියෙන ඇමරිකන් එම්බසියටවත් ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ මෙතන කියවන අය. (ර)

:       0       0

බණ්ඩාර Tuesday, 29 September 2015 12:08 PM

ඔක්කොටම කලින් නීතිපති ඇතුළු හොරු රැල එලවන්න ක්‍රමයක් යෙදුවොත් නරකද? නැත්නම් ළඟදීම මිනිසුන් නීතිපති දෙපාර්තමේන්තුව වටලා හොරුන්ට ගුටිබැට දෙන දිනය ළගදීම සිදුවෙයි (බ)

:       0       0

සරත් Wednesday, 30 September 2015 04:42 AM

රෝද පුටුවල ඉන්න ලෙඩුන්ටත් වෙඩි තියන පොලිසියක් ඉන්න ඇමෙරිකාවේ නීතිය රකින්නේ කවුද ? (ම)

:       0       0

නාමල් Tuesday, 29 September 2015 12:37 PM

ඇමැරිකාවෙන් අපිට උදව් ලැබෙන එක ගොඩක් වාසි දායකයි.(හේ)

:       0       0

අපුර්වී Tuesday, 29 September 2015 12:42 PM

සම්පත් කියන්නේ තමන්ට ඇමරිකාවට යන්න බැරිවුන නිසා ඇමරිකාවත් එක්ක ඇරියස් එකකින් ඉන්න කෙනෙක් වගේ... ඇමරිකාව තම ලෝකයේ ඉහලම පහසුකම් ඇති විෂ්වවිද්‍යාල, දියුණුම ආරක්ෂක අංශය කියලා සලකන එෆ්බීඅයි එක තියෙන රටක්... ලංකාවේ මිනිස්සු එනව ඇමරිකාවට චරිත සහතික දෙන්න... අනේ අනිච්චං (හේ)

:       0       0

සුදත් Tuesday, 29 September 2015 12:45 PM

මෙතැන ඇමරිකාවේ නීතියක් නෑයි කියන හාදයට හෙට වීසා දුන්නොත් ඇමරිකාවට පනින හැටි බලන්න තිබ්බා...(හේ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 29 September 2015 01:08 PM

මේ අය ගැන මොන කතාද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 410 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site