IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘නීතිය රාජපක්ෂලා පැත්තට බරලු’

මහින්ද රාජපක්ෂ සමයේ වංචා දුෂණ හා අපරාධ කළ පුද්ගලයින්ට දඬුවම් දෙන බවට ජනාධිපතිවරයා හා අගමැතිවරයා පසුගිය මැතිවරණ සමයේ අවධාරණය කළ ද  රටේ නීතිය ක‍්‍රියාත්මක වීම බිඳවැටී  ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවසීය.

නීතිය ක‍්‍රියාත්මක කෙරෙන තැන්වල රාජපක්‍ෂලාට ලැදි පුද්ගලයින් සිටීම මෙන්ම නීතිමය කටයුතුවලට ඇමැතිවරුන් අත පෙවීම මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද මහාචාර්යවරයා පැසුවේය.

ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා මෙහි දී පැවසුවේ ශ්‍රී ලංකාව යළිත් ජාතිවාදීන්ගේ පාරාදීසයක් වීමට ඉඩ නොදිය යුතු බවයි.

වත්මන් බල පෙරලිය ඇති කිරීමට මූලික වූ සියලූම සංවිධානවලට ආණ්ඩුව යන වැරදි ගමන වෙනස් කිරීමේ වගකීමක් ද පැවරී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කමිටු සාමාජික, ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා මෙහි දී පැවසුවේ වත්මන් රජයේ ක‍්‍රියා කලාපය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි. රජය කාරයකින් යා යුතු ගමන යන්නේ කරත්ත රෝද සවිකර ගත් රියකින් පොලිස්පති මෙන්ම නීතිපති ද රටේ නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ඔහු කීවේය.

IMG_8941 IMG_8946 IMG_8958 IMG_8963 IMG_8973



අදහස් (0)

‘නීතිය රාජපක්ෂලා පැත්තට බරලු’

දහම් Tuesday, 26 January 2016 02:58 PM

ඔහෙලා කියපු බොරු වලට අහු වෙලා මේ ආණ්ඩුවට චන්දෙ දීපු මිනිස්සු ඉන්නේ ඔහෙලා එක්කත් මාර කේන්තියෙන්.(කෞ)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 26 January 2016 03:15 PM

තමන්ගේ දරුවෙක් වුනත්, පවුලේ ඥාතියෙක් වුනත් වැරද්දක් කලොත් ඒක පෙන්වා දිය යුතුයි. ප්‍රසිද්ධ කල යුතුයි. පක්ෂග්‍රාහීව වැරදි සඟවාගෙන සිටීම ඉතාමත් භයානකයි. දුන් පොරොන්දු ඉටු කිරීම පත් වුනු අයගේ වගකීමක්. එහෙත් අදත් එදා වගේම නම් කලකිරීම ඉතාමත් සාධාරණයි.(කෞ)

:       0       0

සුනිල් ෆොන්සේකා Wednesday, 27 January 2016 03:27 AM

ආයෙත් රට විනාශ කරන්න නම් එපා (නි)

:       0       0

සැවන්ත් Wednesday, 27 January 2016 08:05 AM

කවුද අප්පා මේ ගෙදර ගෑනු ඉඳිද්දී රටේ වෙන ගෑනු එක්ක ළමයි හදලා දැන් අපිට කෙලින් යන්න කියන කකුළුවා. මෙතන ෆොටෝ වල ඉන්න එකෙක් නේද. (කෞ)

:       0       0

නිම්මි Tuesday, 26 January 2016 03:31 PM

දහම් හරි. තාම පේන්නේ රාජපක්ෂ බර එක තමයි. මුන් එකතු වෙලා මේ රටට කරපු අපරාදේ.......(බ)

:       0       0

සත්‍යපාල Wednesday, 27 January 2016 04:01 AM

රාජපක්ෂලා කළ වැරදි වලින් 1%ක්වත් මේ ආණ්ඩුව කරලා නැහැ. කළ එකම වරද හොරුන්ට නිදැල්ලේ ඉන්න හැරිය එක විතරයි (නි)

:       0       0

අමල් Wednesday, 27 January 2016 04:08 AM

මම ඡන්දෙ දුන්නේ මෛත්‍රී පාලට. හැබැයි දැන් නම් හිතෙනවා මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් වත් වුනේ නෑ රටේ නිතිය බල්ලට ගිහින්, මිනීමැරුම්,පාතාලේ,මැරකම් සේරම වැඩි වෙලා.අල්ලපු හොරෙකුත් නෑ, අහු වුණ මුදල් වංචාවකුත් නෑ. අපිව බොරු කියල රැවැට්ටුව ..(බ)

:       0       0

දිනේෂ් Wednesday, 27 January 2016 04:09 AM

යහපාලනය කියලා මේ ගොල්ලන් හොයන්නේ මේගොල්ලන්ට විතරක් හොඳ පාලනයක්. හිරුනිකා නැග්ගේ කාගේ ස්ටේජ් එකටද. එයාගේ වැඩ හොඳද? ජාතිවාදී පාලනය කියන්නේ සිංහලයන්ට තියන එකම රටේ සිංහලයන්ට නිදහසේ ඉන්න පාර හදපු එකටද. තමන්ගේ ගෑනි දරුවෝ ගෙදර තියලා වෙන ගෑනු එක්ක ළමයි හදන එක වෙන්න ඇති මේ සමහර අයගේ යහ පාලනය. (බ)

:       0       0

රාහුල Wednesday, 27 January 2016 08:53 AM

ආ ඔය කියන්නේ අර ජාතිවාදී පාරාදීසය නැතිකරන්න කතාකරන කෙනානේ. උන් හිතන් ඉන්නේ අපේ රට චිත්‍රපටි ගුහාවක් කියලා. (කෞ)

:       0       0

තනූජා Tuesday, 26 January 2016 07:45 PM

මුන්ට ඕන රට නෙමේ. රාජපක්ෂලාගෙන් නැති ඕනෑම බහුබූත සමාජයක් මුන්ට සාධාරන සමාජයක්. යම පාලනය , අපාය වුණත් කමක් නැහැ, හොද කුට්ටියක් කොහෙන් හරි ලැබෙනවා ඇති. උගත් ගොන් රැල. (බ)

:       0       0

රෝහිත Tuesday, 26 January 2016 10:50 PM

මෙතන ඉන්න වැඩි හරියක් කොහොම අයද කියලා අපි දන්නවා (නි)

:       0       0

සරත් සෞදි Tuesday, 26 January 2016 12:27 PM

රටේ වෙන අපරද වලට කතා කරන් නැහැ මේගොල්ලෝ කඩේ යන කට්ටිය යහපාලනයේ (බ)

:       0       0

ධම්මික වික්‍රමසිංහ Tuesday, 26 January 2016 12:35 PM

මෙයාලට පේන්නේ රාජපක්ෂට බර එක විතරයි. හිරුනිකාට බර එක පේන්නේ නැ (බ)

:       0       0

චතුර Wednesday, 27 January 2016 06:21 AM

සත්‍යපාලට 2015 ජනවාරි 8 ඉඳන් කෝමා එකක්වත් හැදිලා හිටියද ? (බ)

:       0       0

සුදේශ් Tuesday, 26 January 2016 01:12 PM

සරත් විජේසූරියට පේන්නේ නැද්ද හිරුණිකාට බරයි කියලා (බ)

:       0       0

රනා Tuesday, 26 January 2016 01:13 PM

මම උඩින්ම සපෝර්ට් එක දුන්නේ මෛත්‍රී පාලට ඡන්දෙ ජය ගන්න. හැබැයි දැන් නම් හිතෙනවා මේ ආණ්ඩුව ඇවිත් අවුරුදු දෙකක් වත් වුනේ නෑ රටේ නිතිය බල්ලට ගිහින්, මිනීමැරුම්,පාතාලේ,මැරකම් සේරම වැඩි වෙලා.අල්ලපු හොරෙකුත් නෑ, අහු වුන මුදල් වංචාවකුත් නෑ. (බ)

:       0       0

රමණි Wednesday, 27 January 2016 07:02 AM

නෑ, නෑ, චතුර. සත්‍යපාලට කෝමා එකක නෙවෙයි. එයාට හොඳ රටක තානාපති කාර්යාලයක තනතුරක් ලැබිලා. තව ටික දවසකින් ඩිෆෙන්ඩර් එකකුත් ලැබිලා උසාවියේ වගේ නඩු අහන්නත් පුළුවන්ලු. (බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 27 January 2016 02:16 AM

ඒ වුණාට ඉතින් නීතිය කාටත් පොදුනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site