IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතියක් මගින් හෝ පොරොන්දු දේශපාලනය නැති කළ යුතුයි

(ඩයනා උදයංගනී)

ණයට කෑමේ ආදිනව උපරිමයට විඳිද්දීත් වත්මන් රජය යළිත් ඊ ලඟ ඡන්දය වෙනුවෙන් පොරොන්දු දේශපාලනය පටන් ගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

නීතියක් සම්මත කර හෝ පොරොන්දු දේශපාලන සංස්කෘතිය නැති නොකළොත් ඊ ලඟ ඡන්දය දිනාගැනීම සඳහා දේශපාලනඥයින් රටේ මී ළඟ පරම්පරාවත් උකස් කරනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය  ලබාදීම, සෑම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාලයක් ඇරඹීම, විදේශ රටවල ඉගෙන ගන්න දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, සමෘද්ධි ලාභීන් වැඩි කිරීම ආදී වශයෙන් ඔවුන් ලබාදෙන පොරොන්දු ඉතාම හොඳ වුවත් ඒ සඳහා මුදල් කෝ යැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ද හෙතෙම කීවේය.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (9)

නීතියක් මගින් හෝ පොරොන්දු දේශපාලනය නැති කළ යුතුයි

sharm warn Wednesday, 09 November 2022 04:14 PM

පන යනකල් පොරොන්ඩු දීල රටෙ මිනිස්සුන්ව ඇති තරම් මුලා කරපු එක්කෙනෙක්.. මෙන්න දැන් සිල් අරන්.. මෙයාට චන්දෙ දෙනවද ඔයාල?

:       0       23

සමන Wednesday, 09 November 2022 09:44 PM

දකින් හැම මගුලකටම බුරා පනින සුනඛයෙකු වගෙ නොවී හරි දේ හරි විදියට දකින්නත් පුරුදු වෙන්න මහත්තයෝ.

:       6       9

PereraThursday, 10 November 2022 04:05 AM

මෙ වගෙ සෙවලයෙකුගෙ මොකද්ද දකින "හරි" දේ?????

:       0       4

සුරංග Wednesday, 09 November 2022 05:24 PM

ලංකා ආණ්ඩුවේ ජනතා නියෝජිතයෙක් ලෙසට සිටින අපේ අප්‍රසාදයට පත් දේශපාලකයෙක් වන ගම්මන්පිල කියන මෙම අදහස නම් නිවැරදියි කියන්න පුළුවන්...

:       4       13

PereraThursday, 10 November 2022 04:07 AM

මෙ කතා මුගෙ දේශපාලන පැවැත්මට කියන හිස් කතා මිසක් මෙයා කවදාවත් ඔව ක්‍රියාවට නන්වන්න පියවර ගන්නෙ නැහැ.

:       0       3

Lalla Thursday, 10 November 2022 09:21 AM

නීති ගේන්න හොරු නොවන එවුන් පාර්ලිමේන්තුවට යන්න ඕන. හොරු නොවන නීති සම්පාදකයන් ඒ ආයතන වල සේවය කරන්න ඕන.... කෝ ඉතින් ඒ වගේ එවුන්.... ආනයනය කරන්න වෙයිද...

:       0       4

Bunny Preena Thursday, 10 November 2022 09:53 AM

ඔය ඉන්නා හැම එකාලාම බොරුවට ජාතික ප්‍රත්තියක් නැහැ එහෙම නැතිනම් නීතියෙ හිදැස් තියෙනව කිය කිය අඩු පාඩු පෙන්න පෙන්නා කට මෙත දොඩව දොඩව ඉන්නව මිසක් එකෙක්වත් අවංකව ක්‍රියාත්මක කිරිම සදහා අබමල් රේවක තරම්වත් උත්සාහයක් දරන්නෙ නැහැ.

:       0       2

චින්තක Thursday, 10 November 2022 10:18 AM

ඇත්තටම කිය කියා ඉන්නෙ නැතුව ඔබ එහෙම පනතක් පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් නේද එහෙම කරන්න බැරිනම් ඔතන මොනවාද කරන්නෙ බැරිනම් අයින්වෙලා යන්න. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය පනත් ගේන්න 225 1 ටම හැකියාව තියෙන්න ඕන දැනට එහෙම බැරිනම් අනාගතයේ හෝ එහෙම වෙන්න ඕන

:       0       3

duminda Thursday, 10 November 2022 10:21 AM

මරු කෙනා කියන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site