IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නඩු කඩිනම් කරගන්න අ‘පුර 22ක් උපවාසයේ

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනකු 22 දා දහවල් සිට ආහාර වර්ජනයක නිරතව සිටින බවට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය කියයි.

නඩු විභාග කඩිනම් කරගැනීමට ඔවුන් මෙම උපවාසය ආරම්භ කළ බව ඔවුන් කියා ඇත.

එමෙන්ම උපවාස කරුවන්ගේ ඉල්ලීම් ගැන මේ වනවිට රජයේ සියලු දෙනාම දැනුම්වත් කොට ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රීක්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරීද ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඉන්දු ලංකා ගිවිසුමට අනුව මේ පිරිස නිදහස් කරන ලෙසයි හිටපු මන්ත්‍රීවරයා ඉල්ලා තිබෙන්නේ.

එම ගිවිසුම පැරණි වුවත් එහි සදහන් කරුණු හා කොන්දේසි දැනටද වලංගු බැවින් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධව පූර්ණ බලතල ඇති බවද ආනන්ද සංගරී මහතා විසින් යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත.



අදහස් (0)

නඩු කඩිනම් කරගන්න අ‘පුර 22ක් උපවාසයේ

අමල් Tuesday, 23 February 2016 06:51 AM

කල් ගත නොවී නඩු විසදෙනවානම් ගොඩක් හොඳ දෙයක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site