මාතලේ රථවාහන පොලිසිය දිස්ත්‍රික්කය පුරා රථවාහන නඩු ලබා ගැනීම සිදු කරයි .
2016 02 14 දින ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී බාධක මැද ඉස්සරකිරීමේ වරදට හසු වූ මහර තිබ්බටුව , ප්‍රදේශයේ රියදුරකුට රියදුරු බලපත්තරය වෙනුවට පොලිසිය තාවකාලික අවසර පත්තරයක් නිකුත් කර ඇත .
එම අවසර පත්‍රය 2016.02 .14 සිට 2016.02.30 දක්වා වලංගු බව එහි සදහන්කර ඇත .එමෙන්ම 2016.02.30 දින දඹුල්ල අධිකරණයට පැමිණෙන ලෙසද දන්වා ඇත .
මේ ගැන විමසීමේ දී පොලිසිය කීවේ දින ගණන් බැලීමේදී වැරදීමක් සිදුවී ඇති බවයි. රියදුරු පැමිණ දඩය ගෙවූ බව ද පොලිසිය පවසයි.
(ෆේස්බුක් ඡායාරූපයකි)
2025 දෙසැම්බර් මස 18
619
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩුව පෙබරවාරි 30 උසාවියට : එහෙම දවසක් කැලැන්ඩරෙත් නෑ
අමා Sunday, 21 February 2016 02:53 PM
පොලිසිය දැන් යහපාලනයනේ ක්‍රියාත්මක කරන්නේ (නි)
සජිත් Sunday, 21 February 2016 03:12 PM
ගණන් ගන්න එපා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන විදිහට ඕකත් සුළු දෙයක් වෙන්න ඇති (නි)
ජනක Monday, 22 February 2016 05:46 AM
අමා, මට තේරෙන්නේ නැහැ මෙම දෙයට යහපාලනය සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද. ඔයත් අර 58 ලක්ෂේ කෙනෙක් නේද. ඔයාල වගේ අය නිසා තමයි රටට මේ හෙනේ වෙලා තියෙන්නේ. (බ)
ලලිත් Sunday, 21 February 2016 04:08 PM
මොන මෝඩ වැඩක්ද මේ? ලෝකේ කොහෙවත් මිනිහෙකුගේ රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔය කොලේ ලියලා තියෙන ටික තමන් ළඟ තියාගෙන බලපත්‍රය ආපසු දීලා එවෙලේම තොරතුරු පරිගණක පද්ධතියට දැම්මා නම් ඉවරයි. රාළහාමිලට නිල ස්මාර්ට් ෆෝන් එකක් මඟින් එම පද්ධතියට ඇතුළු වෙලා බලපත්‍රය පරික්ෂා කරන්න පුළුවන්. රට පුරා අන්තර්ජාලය ලබුනහමවත් මේවා ක්‍රියාවට නැඟුනොත් හොඳයි. (නි)
මිලානෝ Sunday, 21 February 2016 05:17 PM
ලංකාවේ පොලිසිය නම් මෙහෙම තමයි. (නි)
විජේ Sunday, 21 February 2016 05:37 PM
පුදුම වැඩ තමයි මේවා (නි)
දිනෙත් Sunday, 21 February 2016 06:30 PM
මෙයාලට අකුරු ලියන්න පුරුදු කරන්න ඕනෑ ඔක්කොටම කලින්. ඇස් පොට්ට වෙනවා මේ අකුරු වැල් කියවන්න ගියාම (නි)
සිල්වා Monday, 22 February 2016 07:10 AM
අට පාස් ..ඉතුරු හරිය මම මෙතන ලියන්න ඕනේද. (අ)
විමලරත්න Sunday, 21 February 2016 06:45 PM
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ලංකා Monday, 22 February 2016 08:16 AM
මේ රාළහාමිව හොයල නොබෙල් තැගට නම් කරන්න ඕනේ. අලුත් දවසක් ලෝකෙට දුන්නට. (අ)