IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිකිණි පොහොය දා ගංගාරාමේ

අද නිකිණි පොහොය දිනයයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානට පෙහෙවස් සමාදන් වීමට සහ වන්දනාව සඳහා විහාල පිරිසක් එක්ව සිටියහ

  පෙරවස් පසුවස් වශයෙන් ඒ දින දෙක හදුන්වන.  භික්ෂුන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත   ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය. නිකිණි පොහෝ දා පෝය කොට නිකිණි අවපෑලවිය දා පසු වස් එළඹිය යුතුය. මේ අයුරින් භික්ෂුන් වහන්සේලා පසු වස් එළබෙන්නෙත් ප්‍රථම ධර්ම සංගායනාව අරම්භ වුයේත් අසිරිමත් දළදා පෙරහැර ආරම්භ වුයේත් මෙම පින්බර නිකිණි පුන් පොහෝ දින දීය.



අදහස් (0)

නිකිණි පොහොය දා ගංගාරාමේ

ගංගොඩ Tuesday, 20 August 2013 11:03 PM

හැකි ඉක්මනින් මටද අද වැනි පොහෝ දිනක පන්සලකට ගොස් සිත නිවා ගැනීමට වාසනාව උදා වේවා. (නි)

:       0       0

ශානුක ප්‍රියන්ත Tuesday, 20 August 2013 02:06 PM

අද වැනි උතුම් පෝය දවසක ලංකාවේ ඉදගෙන මේවිදියට හිත සනසගන්න තරම් පිනක් අපිට නැති එක ගැන හරිම දුකයි..ලංකාවේ හැමෝටම බුදු සරණයි !!!! (අ)

:       0       0

දිසානායක Tuesday, 20 August 2013 04:10 PM

ඇත්ත චන්දි, ඔයාට වගේම අපිටත් ඔය දුක දැනෙනවා.අපිත් හද දිහා බලාගෙන හිත ලංකාවට යවනවා. වෙන මොනවා කරන්නද? අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ... (නි)

:       0       0

සුනිල් Tuesday, 20 August 2013 09:41 AM

පහන් දල්වන්නේ අන්ධකාරය දුරලන්න නේද ? නමුත් මහදවල් පහන් දල්වන්නේ ඇයි කියන්න (නි)

:       0       0

හේමන්ත Tuesday, 20 August 2013 05:01 PM

මෙහි තුන්වන පින්තුරය නම් අනර්ඝයි. මේ මල්ලිට බුදු සරණයි! (නි)

:       0       0

සුනිල් Tuesday, 20 August 2013 05:14 PM

ලංකාවේ වැඩිපුරම පන්සල් යන්නේ කාන්තාවන්.ඒ වුණාට ඇයි කාන්තාවන්ට නුවර පෙරහරට සහභාගී වෙන්න අවසර නැත්තෙ? (නි)

:       0       0

ඉෂාර Wednesday, 21 August 2013 08:09 AM

සුනිල් පුතේ, ගෙදර පහන් දල්වන්නේ අන්ධකාරය දුරු කරන්න තමා. හැබැයි බුදු පහන් දල්වන්නේ බුදුන්ට කරන ආලෝක පූජාවත් විදිහට. දෙවැනි කාරනේ, චූටි පුතා ඇහුවා නේද පෙරහැරේ කාන්තාවන්ට යන්න තහනම් ඇයි කියලා. පුතා ළඟකදී පෙරහැර බලලා නැද්ද පුතේ. ඉස්සර අතීතයේ කාන්තාවන්ට ලාංකික සමාජයේ තිබ්බ තැන නිසා පෙරහැරේ යන්න දුන්නෙ නැහැ. කොටින්ම කාන්තාවන් ලෙස ඇඳ පැළඳගෙන නටන්නේත් පිරිමි උදවිය. දැන් තත්වේ වෙනස්. චූටි පුතා වෙලාවක පෙරහැර බලන්නකො, කාන්තා උදවිය නැද්ද කියලා. අනිත් කාරනේ ඔය පුතා පිරිමියෙක් වෙලා පන්සල් නොගියට කිසි අඩුවක් නැතුව පිරිමි සිල් ගන්නවා. පුතාට නං පෝය දාට බාර් සරණං ගච්චාමි වෙන්න ඇතිනේ. බුදුසරණයි පුතේ. (නි)

:       0       0

ජයසූරිය Tuesday, 20 August 2013 10:15 AM

බුද්ධං සරණන් ගච්ඡාමි,ධම්මන් සරණන් ගච්ඡාමි,සංඝන් සරණන් ගච්ඡාමි! (නි)

:       0       0

චන්දි Tuesday, 20 August 2013 10:38 AM

අද වැනි උතුම් පෝයක් දවසේ පිටරක ඉදගෙන මෙවන් අසිරියක් දැකගැනීමට සළසා දුන් ලංකාදීප පුවත් පතට ගොඩක්ම ගොඩක් පින්! අපි ''''පෝදා හද දුටිමි පෝයක් නොමැති රටේ '''' සාදු!සාදු!!සාදු!!! (නි)

:       0       0

රුවන් Tuesday, 20 August 2013 11:15 AM

ආඩම්බරයි පුතේ! ගොඩක් ලස්සනයි (නි)

:       0       0

අනුර නාවලපිටිය Tuesday, 20 August 2013 12:16 PM

සියලු දෙනාට බුදුසරණයි

:       0       0

කුලාන් Tuesday, 20 August 2013 08:04 PM

සාධු!!! සාධු!!! සාධු!!! (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 21 August 2013 04:24 PM

ගලබඩ පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි! (අ)

:       0       0

කමල් Tuesday, 20 August 2013 08:28 PM

සුනිල්,නුවර පෙරහැරට කාන්තාවෝ සහභාගී වෙන්නේ නැත්තේ උඩරට චාරිත්‍රයට අනුව කාන්තාවෝ ඉතාම සංවරව ඉන්න ඕනෑ.පෙරහැරවල් වල නටන්න යන්නේ නැහැ. ඒකයි. (නි)

:       0       0

ගංගොඩ Wednesday, 21 August 2013 11:19 AM

ඉෂාර මහත්මයා, අර සුනිල් කියන ළමයා හට මම කියන්න හිටිය ටික ඔබ ඉතා හොඳින් කියා තිබෙනවා. ඒ ඇති. (ස)

:       0       0

ශශී Tuesday, 20 August 2013 01:25 PM

හරිම සතුටුයි. නමුත් පිරිමි පක්ෂය අඩුයි වගේ. සිටින පුතත් අටසිල් සමාදන් වෙලා නැතුවා වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site