IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘ධීවර සංස්ථාව කෝටි 68ක් ණයයි‘

ධීවර සංස්ථා සේවකයන්ට 2008 වසරේ සිට සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් ගෙවා නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 ධීවර සංස්ථාවට රුපියල් කෝටි 68 කට අධික ණය බරක් පවතින බව ද ඇමතිවරයා කීවේය.

තමන් අමාත්‍යාංශය භාරගත් පසු මෙම ගෙවීම් නිසි ලෙස   ආරම්භ කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

  අර්ථසාධක හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් වල හිඟ වාරික ගෙවීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇතැයි ද ඔහු පැවසීය.

ධීවර සංස්ථාවට 500ක පමණ කාර්ය මණ්ඩලයක් ප්‍රමාණවත් වුවත් මේ වන විට එහි 1026 දෙනකු සේවය කරන බව ද ඇමතිවරයා කීවේය.

ලබන අප්‍රේල් මාසය පමණ වන විට යුරෝපා මත්ස්‍ය තහනම ද ඉවත් වනු ඇතැයි කී ඇමතිවරයා ඉදිරියේ දී මත්ස්‍ය අස්වනු වැඩි කරගැනීම සදහා ද ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කියා සිටියේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද(5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

DSC_1699

 



අදහස් (0)

‘ධීවර සංස්ථාව කෝටි 68ක් ණයයි‘

නන්දලාල් - ප්‍රංශය Friday, 05 February 2016 09:05 PM

බලනකොට කරලා තියෙන්නේ මාළු කන වැඩනේ. (නි)

:       0       0

විද්‍යා Saturday, 06 February 2016 06:42 AM

මෙච්චර මාලු කාපුහම මුහුද ගොඩ ගලන්නේ නැතුව තියෙයිද (අ).

:       0       0

අමා Saturday, 06 February 2016 06:52 AM

බරබතල නැතුව ඇති නැතිනම් හිටපු ඇමතිව අතනට ....කැදවන්න එපැයි . (අ)

:       0       0

හරිශ්චන්ද්‍ර Saturday, 06 February 2016 12:54 AM

මහින්ද අමරවීර මහතා දක්ෂ, එමෙන්ම අවංක මහතෙක්. ධීවර සංස්ථාව ඉදිරි කාලයේදී දියුණුවනු දැකීම අපේ බලපොරොත්තුවයි. (නි)

:       0       0

රන්ජිත් Saturday, 06 February 2016 01:11 AM

මහින්ද මහත්තයෝ, ඔන්න ඔයාගේ පාලන සමයේ වැඩ. ඔබතුමාගේ අයගෙන්ම අහගන්නකෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site