ධීවර රාජ්‍ය ඇමති දිලීප් වෙදාරච්චි බලතල දීමට තරම් විශ්වාසවන්ත නැතැයිද ඒ සඳහා ඔහුට හැකියාවක් නැතැයිද ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණකොලපැලැස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පැවසීය.
“ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදාරච්චි මහතාට බලතල නොදෙන බව ඔහු කියනවා.ඒක මට කියල වැඩක් නෑ.
බලතල දෙනවානම් විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ඕනෑ. හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනෑ. බලතල සීමා සහිත ප්‍රමාණයකට දී තිබෙනවා.මගේ සියලු බලතල දීමට තරම් විශ්වාසවන්ත කමක් (ඔහු ගැන) මට නෑ.
එයාට අසාධාරණයක් වෙලා තියෙනවානම් ඒ බව අගමැතිතුමාට හරි ජනාධිපතිතුමාට කියා වෙන අමාත්‍යංශයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
දිලීප් වෙදාරච්චි මහත්තයාට ධීවර අමාත්‍යංශය එපා නම් වෙන අමාත්‍යංශයක් ඔහුට දෙන්න. මට මහාමාර්ග අමාත්‍යංශය දුන්නත් මං බාර ගන්නවා”
මේ දෙදෙනාම හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරුය.
අමරවීර මහතා සන්ධානයෙන්ද වෙදාරච්චි මහතා එක්සත් ජාතික පක්ෂයෙන්ද තරඟ කළහ.
2025 දෙසැම්බර් මස 18
595
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"ධීවර රාජ්‍ය ඇමතිට වැඩ බෑ : විශ්වාසත් නෑ"
කෙනත් Tuesday, 02 February 2016 01:54 AM
අනේ අපි නම් මේවට කතාකරන්නවත් කැමති නැහැ (නි)
රත්නෙ Monday, 01 February 2016 02:45 PM
වෙදආරච්චි ඇමතිතුමා එදත් අදත් හැමදාම හිටියේ අලියා එක්ක. පක්ෂය පරාජය පිට පරාජය වෙන කාලෙත් පක්ෂය අත නොහැර හිටියා. ඒකටත් එක්ක අනිත් අය? (නි)
නිම්මි Monday, 01 February 2016 02:59 PM
අවුරුදු පහම මෙහෙම තමයි ඉතින් (නි)
මොහොමඩ් Tuesday, 02 February 2016 02:23 AM
රටක බහුතරයක් ඉන්න ආගමේ ප්‍රතිපත්ති යම් තරමක් රජයේ ප්‍රතිපත්ති කරගත යුතුයි කියලයි මම නම් හිතන්නේ. බොහෝ අරාබි රටවල් ඉස්ලාම් ප්‍රතිපත්තිය සැළකියයුතු ලෙස රජයේ ප්‍රතිපත්ති කරගෙන තිබෙනවා. නමුත් ලංකාවේ බෞද්ධ ප්‍රතිපත්ති රජයේ ප්‍රතිපත්ති කරගෙන තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මම ඉස්ලාම් භක්තිකයෙක් වුණත් රටේ වැඩි පිරිසක් ඉන්නේ බෞද්ධ අය හින්දා මාළු අල්ලන එක තහනම් වියයුතුයි කියා සිතනවා. (නි)
ප්‍රසන්න Monday, 01 February 2016 02:58 PM
මේ අයගේ අධ්‍යාපන තත්වය ගැන එහෙම අපි හොඳටම දන්නවනේ. මෙතන හැබැයි වැරැද්ද තියෙන්නේ මේ එකම පළාතේ විරුද්ධවාදී මන්ත්‍රීවරු දෙන්නෙකුට එකම අමාත්‍යාංශය දුන් එකයි. මොකද , ජනතාවට සේවයක් කරන්න ඕනෑ නම් වැඩක් වෙන විදිහට අමාත්‍යංශ දෙන්න ඕනෑ. (නි)
ජයතු Tuesday, 02 February 2016 02:45 AM
සමහරු හදන්නෙ පවතින ආණ්ඩුව අපහසුතාවයට, ජනතා අප්‍රසාදයට පත්කර වාසි ලබා ගැනීමට බව සිතේ. ජනතාව ප්‍රවේශම් වියයුතුයි (නි)
සුමිත් Tuesday, 02 February 2016 02:46 AM
දේශපාලුවො ඔක්කොම එකයි. රට ගැන කිසිම සුභවාදී හැඟීමක් නැහැ. (නි)
ගඟන Monday, 01 February 2016 03:17 PM
මේ හැමදේකින්ම අන්තිමේදී තැළෙන්නේ අපි (නි)
ලීලානන්ද Monday, 01 February 2016 03:25 PM
හැමෝගෙම කතාව විතරයි, වැඩ නැහැ (නි)
ශශිකා Monday, 01 February 2016 03:28 PM
මදැයි ඉඳලා ඉඳලා ආණ්ඩුවක් හැදුවා! (නි)
නොයෙල් Monday, 01 February 2016 03:33 PM
අපිට නම් මේ කවුරු ගැනවත් විශ්වාසයක් නැහැ (නි)
රාජා Monday, 01 February 2016 10:26 PM
වෙදආරච්චිට වැඩ බැරි නම් මොකද එයාට තනතුරු දුන්නේ? එයාට වැඩ බැරි බව දන්නේ නැද්ද? (නි)
නිහාල් Monday, 01 February 2016 12:09 PM
මේ දෙගොල්ලටම වැඩ බැරි බවයි අපිටනම් දැන් පෙනෙන්නේ. (ර)
දීන් Monday, 01 February 2016 12:37 PM
පක්ෂ දෙකක නිසා වෙන්න ඇති මේ ? (ර)
ද සිල්වා Monday, 01 February 2016 01:13 PM
ඇමෙතිවරයකු වෙන්න අඩුම තරමේ අපොස සා.පෙළවත් සමත් වෙන්න ඕනේ කියල නීතියක් ගෙනවානම් හරි. (ර)
සමන්ති Tuesday, 02 February 2016 12:49 AM
සමහරු හිතන්නේ මම තමයි වැඩකාරයා කියලා. නමුත් ඔහුට වඩා වැඩ නොදන්නා අය වැඩ පෙන්වනවා (නි)