
(අංජුල මහික වීරරත්න)
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත පරිවච්ඡින්න කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත මේ වන විට අවස්ථා 8කදී සංශෝධනය කරනු ලැබ ඇති අතර, එකී පනත පරිවජින්න කර නව පනතක් හඳුන්වා දීම සඳහා මීට පෙර අවස්ථා කිහිපයකදී පියවර ගනු ලැබ ඇති නමුත් මෙතෙක් එම කාර්යය අවසන් වී නොමැත.
මෙරට දේශීය ජල තීරය සහ මහ මුහුදේ නීති විරෝධී, වාර්තා නොවූ සහ අවිධිමත් ධීවර මෙහෙයුම් සම්බන්ධ ගැටලු පිළිබඳ ව්‍යාවස්ථාදායක රාමුව ශක්තිමත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ තාක්ෂණික සහාය ද ඇතිව ධීවර අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ,නීතිපති දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් විසින් මූලික කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත.
එකී මූලික කෙටුම්පත මත පදනම්ව නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ධීවර ජලජ සම්පත් පනත අලුත් වෙයි