(නිමන්ති රණසිංහ )
ජාතික රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුල් වී සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හරිනු ලැබ සිටින ධනීෂ් අලී නමැත්තාගේ දුරකතන හා ටැබ් උපකරණය විමර්ශන සඳහා කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට බාරදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා සැකකරුට අද (26) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ කුරුඳුවත්ත පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම නඩුව ලබන ජනවාරි 9 වැනිදා නැවත කැඳවීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
අයුතු ජන රාශියක සාමාජිකයන් අතරේ සිටිමින් ජාතික රූපවාහිනි සංස්ථාවට පසුගිය ජූලි මස 13 වැනිදා අයුතු ලෙස ඇතුල්වී එහි සේවකයන් බියගන්වා රාජකාරි කටයුතුවලට බාධා කර එම සංස්ථාව වටා ඇති තාප්පද කඩා අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මේ
විමර්ශන ආරම්භ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ධනීෂ්ගේ දුරකතන ත්‍රස්ත විමර්ශනයට බාරදෙන්න
Lelwala Tuesday, 27 September 2022 06:54 AM
ජාත්‍යන්තරයේ තහනම් කර ඇති ත්‍රස්ත සංවිධානවල සමාජිකයෙක් දැයි විමර්සනය කළ යුතුයි...
Bamunuarachchi Thursday, 29 September 2022 06:57 AM
ෂර්යා නීතියෙන්ම දඬුවම් කරමු.