(අංජුල මහික වීරරත්න)
විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන විශේෂඥ වෛද්‍යවරු රට හැර නොයා මෙරට රැදී සිටීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව නැගෙනහිර පළාතේ එරාවූර් රෝහලේ නිරීක්ෂණයකට එක් වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙනු ලබන සෞඛ්‍ය සේවාවන් හි වත්මන් තත්ත්වයන් පිළිබද නිරීක්ෂණයක නිරත විය.
එම නිරීක්ෂණයෙන් අනතුරුව එරාවූර් රෝහලේ පාලනාධිකාරිය සහ රෝහල් කාර්ය මණ්ඩලය සමග රෝහලේ පවතින ගැටළු නිරාකරණය උදෙසා සාකච්ඡාවක්ද පැවැත්විණි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් පුහුණුව ලබා මෙරටට පැමිණෙන සමහර විශේෂඥ වෛද්‍යවරු පළමු පත්වීම උතුර නැගෙනහිර වැනි දුරබැහැර ප්‍රදේශවලට ලබාදුන් පසු නැවැත විදෙස්ගත වන බවයි.
ආණ්ඩුව බාරගන්නා අවස්ථාවේ සියයට 70 ක් පමණ වූ එම තත්ත්වය මේ වන විට අඩුවීමක් පෙන්නුම් කරන බවත්, විදෙස්ගත නොවී මෙරට නතර වීම සියයට 60 –70 දක්වා අගයක් ගන්නා අතර එය සුබදායි ප්‍රවණතාවයක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දොස්තරලා රට හැරයාම අඩු වෙලා
පන්සිළු Wednesday, 23 July 2025 01:45 PM
කොරෝනා වසංගතයක් සමඟ ආපු ගැටළු නිසයි රට දාලා ගියේ ඇතැම් අය. ඒත් රටට ආදරේ උගතුන් ප්‍රශ්ණ වෙලාවෙත් රටේ හිටියා. ඔවුන් රටට සම්පතක්. රනිල් මහතා ආර්ථිකය යම් ප්‍රමාණයකින් ගැට ගහගත්තා. කොරොනා වසංගතය පහළ යාමත් සමඟ ලෝකයම සාමාන්‍ය අතට පත්වෙමින් තියෙන නිසා රට දාලා පනින අය අඩු ඇති සහ එහෙම පැනලා ගියා කියලා මහා වස්තු පහළ නොවන වග දන්නා නිසා දැන් නොවනව ඇති. ඒක වෙන කාගෙ හරි මහා වික්‍රමක් නොවෙයි.
අරවින්ද මොණරවිල Wednesday, 23 July 2025 01:59 PM
අර වෛද්‍ය සංගමයේ ලේකම් කියන ගල් මූසලයාව නම් කොහොම හරි රට පටවන්න උත්සාහ කරන්න ඇමතිතුමෝ, මිනිහා හදන්නේ රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලි වලට වුවමනා විදියට දොස්තරලා නටවන්න.
ටිල්වින් සීයාWednesday, 23 July 2025 02:53 PM
ඔව්, ඔව් ඉඳලා හිටලා හරි අපේ ඩෝබිලා කියන දේවලුත් සලකා බලපන් කොල්ලෝ. ලොකුම කට්ටක් කන සෙට් එකක්නේ...
de silva berlin Wednesday, 23 July 2025 02:27 PM
පිට රට ගියාම මෙහෙ වගේ නොවේ මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා. වරදක්, අතපසුවීමක් වුණොත් වගකියන්න සිදුවෙනවා. ගන්න වැටුපට බදු ගෙවන්න වෙනවා... මෙහෙ වගේ පුද්ගලික චැනෙල් කඩ දමාගෙන මහා පරිමානෙන් ගසා කන්න.. අර මහේෂි කරා විදිහට වෛද්‍ය උපකරණ අසාධාරණ මිල ගණන් වලට විකුණන්න බැහැ. දොස්තර කියලා විශේෂ වරප්‍රසාද නැහැ...
sene Wednesday, 23 July 2025 02:55 PM
කිසිම හිරිකිතයක් නැතිව කොහේ ගියත් මොනවා හෝ කැමරාවක් ඉදිරිපිට කියවන පුරුද්ද අත්හැර ගන්න. උගත් දේටත් නින්දාවක්. සත්‍ය අපි දනී.
sameera Wednesday, 23 July 2025 03:27 PM
වෙනත් වෘත්තිකයන් රට හැර දා යන ප්‍රමාණයට දොස්තර යන ප්‍රමාණය ඉතාම අඩුයි. මොකද එයාලාට වෙන රටවල් වලට ලේසියෙන් යන්න බැහැ. විභාග සමත් වෙන්න ඕනෑ. ඔච්චර ලෙසියෙන් යන්න පුලුවන්නම් ඉතුරු අයත් නොගිහින් ඉන්නේ නැහැ. නමුත් ඔයිට සාපේක්ෂව ඉංජිනේරුවරු රට යන එක ඉතාම වැඩියි. ඇතැම් විශ්ව විද්‍යාල වල බැච් පිටින් යනවා. ආසන්න වශයෙන් අවුරුද්දකට 2000ට වැඩි ප්‍රමාණයක් යනවා. හේතුව එයාලාට ඉතාම පහසුවෙන් යන්න පුළුවන්. විභාග සමත් වෙන්න ඕනෑ නෑ. නමුත් රටේ කතාවෙන්නේ දොස්තරලා යන ප්‍රමාණය පමණයි. ඇත්තටම රටින් ගොඩක්ම යන්නේ රටේ ආර්තිකයට සෘජුවම මුල් වෙන අය. එයාලා ගැන කවුරුත් කතා කරන්නේ නෑ. නමුත් දොස්තරලා රටින් යන්න ඇත්තම හේතුව රටේ සල්ලි නැති එක. එහෙනම් ඉස්සෙල්ලාම රටේ තියාගන්න ඔබේ ආර්ථිකය හදන අය. එයාලාට රටේ ඉන්න බැරිනම් අනිත් අය තියා ගන්නත් බැහැ...
Chinthaka HerathWednesday, 23 July 2025 03:56 PM
ඉන්ජිනේරු දෙවිවරු කියලා ඇහිලා තියෙනවාද? අන්න ඒකයි දොස්තරලා යන එක ගැන වද වෙන්නේ. දරුවෙක් අරගෙන hospital ගියාම තේරෙයි.
sameeraThursday, 24 July 2025 07:59 AM
ඉංජිනේරුවරු දෙවිවරු කියන්න ඕනි නැ. එයාල මිනිස්සු. ලංකාවෙ තමා මේ දොස්තරල දෙවිවරු කියල හිතන් ඉන්නෙ. වෙනත් රටවල්වල හැම වෘත්තිකයම එකයි. ඇයි දන්නෙ නැ දෙවිවරුන්ටත් ලංකාවෙ ඉන්න බැරි වෙලා තියෙන්නෙ. දෙවිවරුනම් ඔක්කෝම දේවල් ඒ කියන්නෙ බෙහෙත්, මුදල්, ස්කෑන් යන්ත්‍ර, අනෙකුත් උපකරන එහෙම මවා ගන්න පුලුවන් වෙන්නෙ එපැයි.එහෙම මවා ගෙන පුලුවන්නෙ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න. රටක දියුනුවට හැම වෘත්තිකයම ඔනි. අපෙ රටේ ඔබ වගේ මෝඩ ළිං මැඩියො මුල ඉඳන්ම හිතුවෙ රටකට ඔනි දොස්තරල විතරයි කියල. දැන් අන්තිමේට ආර්තිකෙ හදන අයත් මුලින්ම රටවල් අතරල ගියාම රට බින්දුවටම වැටුන. දැන් ඔබ කියන දෙවිවරු හිටියත් වැඩක් නැ. බෙහෙත් නැ. ඒව ගෙන්න සල්ලි නැ. යන්ත්‍ර සූත්‍ර අක්‍රීයයි. දේවරුන්ට පඩි දෙන්න මුදලුත් නැ.
KasunThursday, 24 July 2025 11:16 AM
සත්තම ඇත්ත. චින්තක හේරත් වගේ අයට නියම උත්තරේ දුන්නේ සමීර මහතා...
Lankaputha Thursday, 24 July 2025 05:51 AM
ටැංකියේ වතුර ඉවර වෙනකොට , වේගය කොහොමත් අඩුවෙනවා බොසා…
Chandima Thursday, 24 July 2025 07:00 AM
බයවෙන්න එපා, ගිය කට්ටියත් ලගදිම ආපසු එයි එහේ නීති රීතී තද වෙනකොට.