(සජීවා කෝට්ටාගොඩ, බණ්ඩාර තල්පත්වැ සහ සිසිර නන්දන කැලේගම)
කොන්ඩේ කපන්නට නිවෙසින් ගිය ව්‍යාපාරිකයකු ගිනි තබා මරා දමා තිබියදී සොයා ගත් බව මහව මුලස්ථාන පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ කුරුණෑගල දොරටියාව පොලීස් වසමේ පදිංචි ව්‍යාපාරිකයකු බව පොලීසිය සදහන් කරයි.
මෙම ව්‍යාපාරික තැනැත්තා ඊයේ දහවල් කොණ්ඩේ කැපීමට යන බව පවසා ජීප් රථයෙන් නිවසින් බැහැරව ගිය බව පවුලේ ඥාතීහු කියති.
ව්‍යාපාරිකයා සවස් වනතුරුත් නිවසට නොපැමිණිම හා ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර තිබූ නිසා බිරිය දොරටියාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
මේ අතර කට්ටඹුවාව ප්‍රදේශයේ දියබැටේ ප්‍රදේශයක ජීප් රථයක් තුළ කිසියම් පුද්ගලයක් ගිනි තබා මරා දමා ඇති බවට හරකුන් බැලීමට ගිය තැනැත්තකු සිද්ධිය දැක මහව පොලීසිය දැනුවත් කර ඇත.
ඒ අනුව වැඩිදුර කරුණු සොයා යාමේදී එම වාහනය හා පුද්ගලයා දොරටියාවෙන් අතුරුදන් වූ අය බවට හදුනාගෙන ඒ සම්බන්ධයෙන් ඔහුගේ බිරියට දැනුම් දී ඇත.
වාහනය තුළ මියගොස් ඇත්තේ තම සැමියා බවට හදුනා ගත් බව පොලිසිය කියයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දොරටියාවේ ව්‍යාපාරිකයෙක් මරා වාහනය තුළම පුළුස්සලා