
(ඩයනා උදයංගනී)
මෙරට නිෂ්පාදනය කරන හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටි මිල ගණන් ද ඉහළ දමා ඇත.
ඒ අනුව හයිලන්ඩ් කිරි පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225 කින් සහ පැලවත්ත කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 200කින් ඉහළ දමා ඇත.
එමෙන්ම හයිලන්ඩ් ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 90කින් හා පැලවත්ත ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 80කින් ඉහළ ගොස් තිබේ.
හයිලන්ඩ් කිරිපිටි මිල සංශෝධනය කිරීමෙන් පසු ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කෙරෙන අතර පැලවත්ත කිලෝ ග්‍රෑමයක් රුපියල් රුපියල් 1,165 කට හා ග්‍රෑම් 400ක් රුපියල් 460කට අලෙවි කෙරේ.
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් ලෙස සහ ග්‍රෑම් 400 ක පැකට්ටුවක නව මිල රුපියල් 480ක් ලෙස පසුගියදා මිල සංශෝධනය කෙරිණි.
COMMENTS
එහෙම නම් අපේ දේශීය නිෂ්පාදනය කිරිපිටිත් ජාත්‍යන්තර වෙළඳපලේ මිල වැඩි වෙලා. රටේ ජනතාව ගොනාට අන්දනවා.
කිව්වාට අහන එකක්යෑ.. අපි තමයි හොඳටම කෙරුවේ...
නියමයි! මේ මිල වැඩිවීම ගැන ඇත්තෙන්ම හරිම සතුටුයි. බිස්නස් කරන්න ඕනෑ අන්න එහෙම තමයි. ලංකාවේ හොර තක්කඩි වෙද මාෆියා කල්ලිය යොදාගෙන හොඳ ප්‍රසිද්ධියක් දුන්නා නවසීලන්තේ කිරිපිටි බීලා පිළිකා හැදෙන බව, ෆාම්තෙල් යොදාගෙන නිෂ්පාදනය කරන කිරිපිටි ශරීරයට අහිතකර බව... හැබැයි ඉතින් මොලේ කළඳක් හෝ තියන ඕනෑම මෝඩයෙක් දන්නවා ගුණාත්මක අතින් නවසීලන්තයේ කිරි නිෂ්පාදන ඉදිරියෙන් සිටින බව. එ්ත්, ඉතින් දේශප්‍රේමය ඉහට ගහගෙන ඉන්නා ලංකාවේ පල් මෝඩයින් ලංකාවේ කිරි මාෆියාවටත් අහුවුණා. දැන් ඉතින් බීපල්ලා ජරාව වැඩි මුදලට...
ඇයි දේශීය කිරිපිටිවල මිල වැඩිකළේ..? ඩොලර් ප්‍රශ්න නැහැනේ...
එතකොට හයිලන්ඩ්, පැලවත්ත කිරිපිටි වලටත් ඩොලර් හිඟය බලපාලාද? නැත්තම් අර මුදල් අච්චු ගැහුවාම උද්දමනය වැඩිවෙන්නේ නෑ කියපු එක වැරදිලාද? අනේමන්දා කොහෙන් කොහොම හරි අහිංසක මිනිස්සුන්ට වැලේ වැල් නැතිවෙන එක තමයි වෙන්නේ... අන්තිමට වෙන්නේ මිනිස්සුන්ට සියදිවි හානි කරගන්න තමයි ඉතින්...
දැන් බලන්න ආණ්ඩුවට කොච්චර ලේසියිද? දූෂිත මිල පාලක නිලධාරීන්ට වන්දි ගෙවා අස්කරදාන්න... ඒක ලාබයි. කොම්පැනිවලට බඩුමිල පාලනය කරන්න දෙන්න.. මෙතෙක් පැවැති කිසිම රජයක් මෙවැනි බුද්ධිමත් තීරණ නොගත්තේ මන්ද? බලව් වියතුන්ගේ හැකියාව…!
නවසීලන්තයේ ඉතාම අධික වියදමක් දරලා, හොඳට සාත්තු කරලා හැදෙන එළදෙනුන්ගෙන් ගන්න කිරිපිටි වියදමක් දරලා ගෙනැල්ලා රේගු බදුත් ගහලා විකුණන මුදල සමානයි... ලංකාවේ අයාලේ යන එළදෙනුන්ගෙන් ගේන කිරිපිටි ටික විකුණන මිල... මේක නිකන් හරියට BMW එකක් විකුණන ගාණට Micro එකක් විකුණනවා වගේ වැඩක්...
මේක තමයි මේ කාලකන්නි රටේ යතාර්ථය. ඔය ඊනියා දේශීය කිරිපිටි සමාගම් වල ලොක්කෝ සති අන්තවල උන්ගේ ම ගුවන්විදුලි වැඩසටහන් වලට ඇවිත් දෙන පොර ටෝක් අහල නැත්ද ? උන්ගේ නමේ විතරයි සීලේ තියෙන්නේත් ආරිය ගති තියෙන්නෙත් වැඩ වල නම් නැහැ. බුදු අම්මේ ඒවට අනුව නම් උන්නැහේල තරම් දේශප්‍රේමීන් , දේශය ගැන මිනිස්සු ගැන හිතන උදවිය ඇත්තෙම නැහැ . නමුත් හාදයෝම දහ අතේ බලු බැනුම් බනින බහු ජාතික කොම්පැනි මිල වැඩි කරාම අර මොන දේශප්‍රේමයක් වත් නැහැ තමන්ගේ ඒව ටත් ගානට වැඩේ දෙනවා ගෑස් හාදයත් මුලදී දුන්නේ පොර ටෝක් නෙව අපි අඩුවට දෙනවා .බහු ජාතික සමාගම් අරවද මේවද දැන් .මිනිහහත් ගානට බහුජාතික ඒවාටම සෙට් වෙලා අපටම කෙලිනවා
ෂුවර් එකටම අපි රැවටිලා. හයිලන්ඩ් සහ පැලවත්ත කිරි පිටරටින් ගෙනත් මෙහි පැකට් කරනවා. බොරුවට දේශීය කියලා නම ගහනවා....
දේශීය කිරිපිටි කිව්වාට..., මෙවත් රටින් ගෙන්නවලා මෙහෙදී නම ගහලා දෙන එව්වද කොහේද..? මම නම් ඔක අදාල කෙනෙක්ගේ පෝස්ට් එකකට කෙලින්ම දැම්මා... වැඩක් නැහැ ඉතින්... අපි ගොන්නු... එච්චර තමයි කියන්න තියෙන්නේ...
ජාත්‍යන්තර වෙළඳපොළ මිල ඉහළ ගියැයි කියමුකෝ... නැව් ගාස්තු ඉහළ කියා. ලංකාවේ කිරිපිටි ඉහළ ගියේ කොහොමද?
කිරිපිටිවල මිල වැඩිවුණාට කමක් නැහැ. පුන්නක්කුවල මිල වැඩිවුණොත් තමයි 69 ලක්ෂයට දැනෙන්නේ... සීනි නැතිව තේ බොන්නම්... හාල් නැතිව බත් කන්නම්... සර් අපිට කියනවා නම් හුළං බිබී අපි එන්නම්...
දැක්කනේ.. අපේ දේශීය හරක් ජාත්‍යන්තරයත් එක්ක තියෙන ප්‍රබල සම්බන්ධතාවය.. අපිට කෙළින්නේ අපේ අයම තමයි. මින් ඉදිරියටවත් ගන්න අපේ දේ. සිරිලක දේ සිරිසැප දේ. දේශීය නිෂ්පාදකයින් නංවමු. මේ වගේ ජාතික ඇන්දිලිවලට නොරැවටෙන්න. මේ කරපු ජාතික වංචාවට විරුද්ධ වෙමු. පාරිභෝගික එකමුතුවක අවශ්‍යතාව තදින් දැනෙන යුගයක්... එක් වී වර්ජනය කරමු. පාරිභෝගික බලය පෙන්වමු...
දේශීය කිරි නිෂ්පාදනයට කොහොමද ඩොලර් හිඟය, ණයවර ලිපි ප්‍රශ්න, ලෝක වෙළඳපළේ මිල ගණන් වැඩිවීම බලපාන්නේ? තනි බොරු නාටකයක් නේද මේ වෙන්නේ? ඔය දේශීය කිරිපිටි කියලා විකුණන ඒවායෙන් වැඩි පංගුවත් ආනයනය කරන කිරිපිටි වෙන්න ඕනෑ. දේශීය කිරිපිටි එක්ක මිශ්‍රකරලා බොරුවට මාකට් කරනවා.. 100% අපේ රටේ නිෂ්පාදනයක් කියලා. තක්කඩි දේශපාලුවන් සහ කළු කඩ ව්‍යාපාරිකයන් පිරිසකට යට වෙච්ච අපේ රටට බුදු සරණයි...!!!
පව් අපේ මිනිස්සු... මේ වගේ රැවටෙන මනුෂ්‍ය ජාතියක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. පෝලිම්වල ඉන්නවා හයිලන්ඩ්, පැලවත්ත එහෙම 100% අපේ රටේ නිෂ්පාදිත කියලා හිතාගෙන... ඕවායෙන් වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්නන ඒවා. දේශීයව හදන කිරිපිටි යම් ප්‍රමාණයක් එක්ක මිශ්‍ර කරලා බොරුවට ගන්න අපේ රටේ 100%ක් හදන දේ කියලා ඇඩ්දානවා. අපේ මිනිස්සුත් ඉතින් ඡන්දෙ කාලෙට දේශපාලඥයින්ගේ සුරංගනා කතාවලට රැවටෙනවා වගේ මේ මාකටින් සෙල්ලම්වලට අහුවෙනවා...
දේශීය තණකොළ මිල ඉහළ යාම බහුතරයට ඉතාම අහිතකරලා..
දේශීය නෙමෙයි, ඕවාත් රටින් ගෙනැල්ලා මෙහේ අසුරනවා... නැත්නම් මොකද අර ගානටම වැඩි වෙන්නේ...? බයිලා තමයි..
දුප්පත් ජනතාවට හොඳටම කරන්න තමයි යන්නේ... 69 ලක්ෂය ඉල්ලුවේ මේවානේ...
ඕවා වෙළඳසැල්වල විකිණීමට නැති නිසා මිල වැඩිවුණාට අපට මොකද? ඕවත් දේශීය නොවන බව දැන් තේරෙනවා නේද?
ගෑස් නැති දවස්වල දර පෝරණුවේ පාන් ගන්න තිබුණේ නෑ. ඒ වගේ තමයි ඩොලරය ඉහළ යද්දී දේශීය කිරිපිටි මිල වැඩිවීම. දැන් තමයි තේරෙන්නේ දේශීය කිරිපිටි කියන්නේ ආනයනික කිරිපිටි වලටම කියලා.
දේශීය වුණත්, විදේශීය වුණත් කිරිපිටි අත්‍යාවශ්‍ය දෙයක් නොවන නිසා සියලු දෙනා සියලු දෙනා එකවර මට්ටු කරන්න මාස 03ක් අමාරුවෙන් හරි කිරිපිටි නොබී ඉඳිමු... එතකොට ඔය හැමෝම තුට්ටු දෙකට බස්සනවා. ජනතාව සූදානම් නම් බුද්ධිමත් නම් මේ මාෆියා පාලනය එතරම් අපහසු නෑ..
කිරි පිටි බොන එක නවත්වමු. කව්ද අභියෝගය භාරගන්නේ?
ඉතාමත් හොඳ තීරණයක්. අපේ දේශීය පිටිකිරි ලෝකේ අනිත් පිටි කිරි වලට දෙවෙනි නොවෙන්න හොඳ නැහැ
අපේ පිටිකිරි වල නවසීලන්තයේ නැති "දේශාභිමාන" විටමින් අඩංගු වේ!
දේශීය කිරිපිටි වල මිල ඉහළ යාම සදාචාරාත්මක නොවන අතර සමාව දිය නොහැක!
මේ ගැන ආඩම්බර වෙන්න. අපේ කිරිපිටිවල ගණන් ආනයනික කිරිපිටි වල ගණන් වලට නොදෙවෙනි බව මෙයින් ඔප්පු කරලා තියෙනවා.
අපේ ගොන්නුයි, තණකොළයි, ආනයනය කරන්නයි ඩොලර් යනවා...
රටේ මිනිස්සු ගොනාට අන්දන මෙහෙමත් කාලකණ්ණි රජයක්... මහඑකාගේ ඉඳන්ම හෙණම තමයි වදින්නේ...
බලෙන් ඉහල නොදැම්මත් දේශීය කිරි පිටි මිල ඉහල යනවා.දේශීය කිරි පිටි අඩු මිලට දෙනකොට දේශීය කිරි පිටි ඉල්ලුම වැඩිවෙනවා ඉල්ලුමට සරියන සැපයුම නැති උනාම දේශීය කිරි පිටි මිල නිකම්ම ඉහල යනවා. එක අර්ථශාස්ත්‍ර නියමයක්. ඒ ඉහළයාම වයිමාටවත් නැවත වන්න බැහැ නිෂ්පාදකයෝ කල වැරැද්ද තමයි එක පාරටම වැඩිකලා. සුමාන දෙකක් ඉවසුවානම් කාලගෝට්ටි නැතුව වැඩි මිල ගන්න තිබුනා.
කළුකඩ කාරයින්ට වැඩි කරන්න දීලා අපි පරිභෝජනය අඩු කරමු.