IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


දේශීය ආදායම් බදු නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක්  රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (7) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර සාකාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකි.

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදු කර මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පැමිණිල්ලිකාර ව්‍යාපාරිකයා විසින් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයට  මෙම වසර සඳහා නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවේ සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා  වර්ෂයන් සඳහා රුපියල් ලක්ෂ 11ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව  ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙන බව කොමිෂන් සභාව පවසයි

එම හිග බදු මුදල අඩුකර මෙම වසර සඳහා නිස්කාසන වාර්තාව ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් පනස් දහස දක්වා අඩුකර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය

එම අල්ලස් මුදලින් රුපියල්  42,000ක් පසුගිය තුන්වෙනිදා මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් ලබාගෙන ඉතුරු මුදල වූ රුපියල් අටදහසක මුදල ව්‍යාපාරිකයාගෙන් ලබා ගත් බව කියනඅවස්ථාවේ වැටලීමක් සිදුකර නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද කොමිසම සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.



අදහස් (1)

දේශීය ආදායම් බදු නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් අත්අඩංගුවට

සෙනෙවිරත්න Monday, 07 July 2025 07:37 PM

මම අහල තියෙන විදියට ඕක තමයි වෙන්නේ. ඔන්න හොයාගන්නවා සල්ලි හොයන මිනිහෙක්, උදාහරණයක් විදියට ටියුෂන් මාස්ටර් කෙනෙක් , එයාට කියනව ඔහේ මෙච්චර ගානක බදු ගෙවන්න තියෙනවා වහාම අපගේ අහවල් නිලධාරියා හම්වෙන්න, නැත්නම් නඩු දානව කියලා ඒ පාර යනවා ඩීල්එක රජයට යන බද්ධ හංගනවා. ගාණක් කපා ගන්නවා අර කට්ටිය. හැබැයි ඊළඟ වසරේත් ඕක වෙනවා... එතකොට වෙන සෙට් එකක්, ඔය දොල දීලා සදහටම ගැලවෙන්න බැරි බව තේරුම් ගත් මහත්මයෙක් මේකට හරියට වැඩ කරලා මුන්නැහැ මාට්ටු කරලා, ඒක බොහොම හොඳයි. මේ නරක පුරුද්ද වහාම නතර විය යුතුයි මේ පාලනය යටතේ වත්, මේවා නොකර හිටපල්ලා, නැත්නම් ජීවිතයේ අවසාන කාලෙ හිරේ තමයි ඉන්න වෙන්නේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 577 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1011 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site