
(අංජුල මහික වීරරත්න)
ආයුර්වේද කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ කර සුවතා සංචාරක කර්මාන්තයක් (wellness tourism ) බිහි කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පී. පියසිරි රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
මෙම නව තෙමහල් වාට්ටු සංකීර්ණය ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා සහ ඔහුගේ දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබූ අතර මෙහි දී වාට්ටු සංකීර්ණය නිල වශයෙන් රජය වෙත බාර දීමේ සන්නස් පත්‍රය දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනමන ලදී.
මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති සඳහා මෙම රෝහල කදිම උදාහරණ සපයන බව පැවසීය.
සමාජ වගකීමකින් යුතු ව්‍යාපාරිකයින් පිළිබඳ ආදර්ශ අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන දක්ෂ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය මේ යුගයේ පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ය.

2025 ඔක්තෝබර් මස 08
1459
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දෙයියන්දර ව්‍යාපාරිකයා ආයුර්වේද ගොඩනැගිල්ලක් හදා ආණ්ඩුවට දෙයි
ගමේ එකාලා Sunday, 26 October 2025 03:56 PM
ඔබතුමා කරපු සත්ක්‍රියාවට ගොඩාක් පින්. ඔබටත් පත් සියලුම දෙනාටත්, මෙම පුණ්‍ය ක්‍රියාවට සහාය දැක්වූ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා.